
සෑම දෙනකුටම ගුණාත්මක සෞඛ්‍යය සේවයක් සහ ක්‍රියාකාරී නිරෝගී දිවියක් සඳහා අවශ්‍ය දැනුම සඳහා ප්‍රවේශය ලැබිය යුතු බව තම සමාජයීය වගකීම බවට පත් කර ගෙන සිටින Fadna සමාගම එම වගකීම යථාර්ථයක් බවට පත් කරමින් සිය 50 වැනි Fadna අරුණැල්ල සෞඛ්‍ය කඳවුර පසුගියදා පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේදී පැවැත්විය. Fadna අරුණැල්ල සෞඛ්‍ය කඳවුර සෞඛ්‍යය සේවා, සෞඛ්‍යය පරීක්ෂණ මෙන්ම වෛද්‍ය උපදේශන නොමිලේ සපයමින් දවස පුරා පවත්වන ලදී.
දේශීය සන්නාම අතර දශක දෙකකට ආසන්න කාලයක් පුරා ජාතියේ යහපැවැත්මට දායක වූ Fadna තම සමාජයීය වගකීම නොපිරිහෙළා ඉටු කිරීමට බැඳී සිටින කීර්තිමත් ශ්‍රී ලාංකික සන්නාමයකි. 2011දී ඇරැඹූ Fadna අරුණැ Fadna ගින් මේ වන විට දිවයිනේ ගම් දනව් රැසක් ආවරණය වන පරිදි සෞඛ්‍යය කඳවුරු 50ක් සාර්ථකව පවත්වා ඇත.
Fadna අරුණැල්ල හරහා ශ්‍රී ලාංකික සමාජයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට අවස්ථාව ලැබීම ගැන තමන් ආඩම්බර වන බව Fadna නිර්මාතෘ චමේන්ද්‍ර සෝමතුංග මහතා 50 වැනි Fadna අරුණැල්ල වැඩසටහනේදී පැවසීය. Fadna අරුණැල්ල සෞඛ්‍ය කඳවුර සඳහා ඩර්ඩන්ස් රෝහල සම අනුග්‍රහය දැක්වූ අතර දෙව්රම් වෙහෙර බොදු මග සංවිධානය එහි සංවිධාන කටයුතුවලට සම්බන්ධ විය.
2025 නොවැම්බර් මස 04
179
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2066
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1585
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
50 වැනි Fadna අරුණැල්ල සාර්ථකව අවසන්