IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


2025 JASTECA සම්මාන උළෙල ප්‍රකාශයට පත් කරයි

ජපන් ශ්‍රී ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංගමය ^JASTECA& විසින් 2025 වසරේ JASTECA සම්මාන උළෙල දියත් කරන ලද බව පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව එම සම්මාන උළෙල 2025 සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ තුළින් 5S, Kaizen සහ ආයතනික සමාජ වගකීම් යන අංශයන්හි ඉහළම විශිෂ්ටත්වයක් දක්වන මෙරට ආයතන ඇගයීමට ලක් කිරීම අරමුණු කොට ගෙන ඇත.

JASTECA සංගමයේ ආරම්භයේ සිටම සේවා ස්ථාන විශිෂ්ටත්වය, මෙහෙයුම් කාර්යක්ෂමතාව හා තිරසාරත්වය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පුරෝගාමී කාර්ය භාරයක් ඉටු කරන ඔවුන් මෙම සම්මාන උළෙල සමඟ ඒ සඳහා වන සිය කැපවීම යළිත් තහවුරු කිරීමට සමත්ව සිටියි. නවෝත්පාදන හා අඛණ්ඩ වැඩි දියුණු කිරීම් වෙනුවෙන් ජපන් කළමනාකරණ දර්ශනය සාර්ථකව යොදා ගන්නා ව්‍යාපාර හඳුනා ගැනීමේ නව පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කිරීමටද මෙවර සම්මාන උළෙලෙන් අවස්ථාව උදා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ JASTECA  හි සභාපති මංගල සමරජීව මහතා මෙසේ පැවසීය. “හුදු සම්මානයකට වඩා විශිෂ්ටත්වයේ ප්‍රතිමූර්තියක් ලෙස මෙම JASTECA සම්මානය හඳුන්වා දිය හැකියි. ආයතනවලට ඉහළ කර්මාන්ත පිළිගැනීමක් සඳහා මෙන්ම පාර්ශවකරුවන්ගේ විශ්වාසය ඉහළ නැංවීම හා වෙළෙඳපොළේ වාසි සහගත තරඟකාරීත්වයක් ලබා දීමට ඒ තුළින් හැකියාව උදා වනවා. එමෙන්ම ආයතනික සංධිස්ථානයන් සනිටුහන් කිරීමේ අවස්ථා සහ සේවක නියැලීමෙන්ද මීට සහභාගී වන්නන්ට ප්‍රතිලාභ උදා වනවා. ආයතනවල වර්තමාන සාර්ථකත්වය තහවුරු කරන මෙම පිළිගැනීම අනාගත වර්ධනය සඳහා දිරි ගැන්වීමක් ලෙසද සඳහන් කළ හැකියි.” 

2025 JASTECA සම්මාන උළෙලින් ඉහළ 5S ක්‍රමවේදය අනුගමනය කිරීමට ආයතන දිරි ගැන්වීම, කර්මාන්තවලින් විවිධ මට්ටමේ සමාගම් ආකර්ෂණය කර ගනිමින් ඒ හා සම්බන්ධ ආයතන ප්‍රමාණය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරයි. එමෙන්ම විශිෂ්ටත්වය සඳහා පාදක කර ගන්නා ඇගයීම් නිර්ණායක පිරිපහදු කිරීමෙන් කර්මාන්ත ප්‍රමිති ඉහළ නැංවීමටද ඒ තුළින් බලාපොරොත්තු වේ. 2025 JASTECA සම්මාන උළෙල මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ප්‍රධාන කාණ්ඩ 3ක් පාදක කර ගනිමිනි.

  • 2025 Taiki Akimoto 5S - සේවා ස්ථානයේ ඵලදායීතාව හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා 5S ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක කර ඇති ආයතන ඇගයීමට ලක් කිරීම
  • 2025 Nagaaki Yamamoto Kaizen - නවෝත්පාදන හා ව්‍යාපාර වර්ධනයට හේතුවන අඛණ්ඩ වැඩිදියුණු කිරීම් සහිත වැඩසටහන් හඳුනා ගැනීම 
  • 2025 ආයතනික සමාජ වගකීම් තිරසාරත්ව සම්මාන - සමාජීය හා පාරිසරික වගකීම් විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරන සමාගම් ඉස්මතු කිරීම

මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, කුඩා හා ක්ෂුද්‍ර පරිමාණ යන කාණ්ඩ යටතේ රන්, රිදී, ලෝකඩ හා කුසලතා සම්මාන පිරිනැමීමට කටයුතු කර ඇති මෙම සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ ඉහළම ලකුණු ලබාගත් ආයතන 2025 JASTECA සම්මාන උළෙලේ සමස්ත ජයග්‍රාහකයා ලෙස සම්මාන හිමිකරගනු ඇත.

 2025 JASTECA සම්මාන උළෙල සඳහා වන අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව දැන් උදාකර දී ඇති අතර එම අයදුම්පත් JASTECA හි නිල වෙබ් අඩවිය වන https://jasteca.org/ හරහා ඉල්ලුම් කළ හැකිය. අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව 2025 මාර්තු 25 දිනෙන් අවසන් වේ. 



අදහස් (0)

2025 JASTECA සම්මාන උළෙල ප්‍රකාශයට පත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site