ජපන් ශ්‍රී ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංගමය ^JASTECA& විසින් 2025 වසරේ JASTECA සම්මාන උළෙල දියත් කරන ලද බව පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව එම සම්මාන උළෙල 2025 සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ තුළින් 5S, Kaizen සහ ආයතනික සමාජ වගකීම් යන අංශයන්හි ඉහළම විශිෂ්ටත්වයක් දක්වන මෙරට ආයතන ඇගයීමට ලක් කිරීම අරමුණු කොට ගෙන ඇත.
JASTECA සංගමයේ ආරම්භයේ සිටම සේවා ස්ථාන විශිෂ්ටත්වය, මෙහෙයුම් කාර්යක්ෂමතාව හා තිරසාරත්වය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පුරෝගාමී කාර්ය භාරයක් ඉටු කරන ඔවුන් මෙම සම්මාන උළෙල සමඟ ඒ සඳහා වන සිය කැපවීම යළිත් තහවුරු කිරීමට සමත්ව සිටියි. නවෝත්පාදන හා අඛණ්ඩ වැඩි දියුණු කිරීම් වෙනුවෙන් ජපන් කළමනාකරණ දර්ශනය සාර්ථකව යොදා ගන්නා ව්‍යාපාර හඳුනා ගැනීමේ නව පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කිරීමටද මෙවර සම්මාන උළෙලෙන් අවස්ථාව උදා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ JASTECA හි සභාපති මංගල සමරජීව මහතා මෙසේ පැවසීය. “හුදු සම්මානයකට වඩා විශිෂ්ටත්වයේ ප්‍රතිමූර්තියක් ලෙස මෙම JASTECA සම්මානය හඳුන්වා දිය හැකියි. ආයතනවලට ඉහළ කර්මාන්ත පිළිගැනීමක් සඳහා මෙන්ම පාර්ශවකරුවන්ගේ විශ්වාසය ඉහළ නැංවීම හා වෙළෙඳපොළේ වාසි සහගත තරඟකාරීත්වයක් ලබා දීමට ඒ තුළින් හැකියාව උදා වනවා. එමෙන්ම ආයතනික සංධිස්ථානයන් සනිටුහන් කිරීමේ අවස්ථා සහ සේවක නියැලීමෙන්ද මීට සහභාගී වන්නන්ට ප්‍රතිලාභ උදා වනවා. ආයතනවල වර්තමාන සාර්ථකත්වය තහවුරු කරන මෙම පිළිගැනීම අනාගත වර්ධනය සඳහා දිරි ගැන්වීමක් ලෙසද සඳහන් කළ හැකියි.”
2025 JASTECA සම්මාන උළෙලින් ඉහළ 5S ක්‍රමවේදය අනුගමනය කිරීමට ආයතන දිරි ගැන්වීම, කර්මාන්තවලින් විවිධ මට්ටමේ සමාගම් ආකර්ෂණය කර ගනිමින් ඒ හා සම්බන්ධ ආයතන ප්‍රමාණය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරයි. එමෙන්ම විශිෂ්ටත්වය සඳහා පාදක කර ගන්නා ඇගයීම් නිර්ණායක පිරිපහදු කිරීමෙන් කර්මාන්ත ප්‍රමිති ඉහළ නැංවීමටද ඒ තුළින් බලාපොරොත්තු වේ. 2025 JASTECA සම්මාන උළෙල මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ප්‍රධාන කාණ්ඩ 3ක් පාදක කර ගනිමිනි.
මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, කුඩා හා ක්ෂුද්‍ර පරිමාණ යන කාණ්ඩ යටතේ රන්, රිදී, ලෝකඩ හා කුසලතා සම්මාන පිරිනැමීමට කටයුතු කර ඇති මෙම සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ ඉහළම ලකුණු ලබාගත් ආයතන 2025 JASTECA සම්මාන උළෙලේ සමස්ත ජයග්‍රාහකයා ලෙස සම්මාන හිමිකරගනු ඇත.
2025 JASTECA සම්මාන උළෙල සඳහා වන අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව දැන් උදාකර දී ඇති අතර එම අයදුම්පත් JASTECA හි නිල වෙබ් අඩවිය වන https://jasteca.org/ හරහා ඉල්ලුම් කළ හැකිය. අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව 2025 මාර්තු 25 දිනෙන් අවසන් වේ.
කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී
ශ්රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ
අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
2025 JASTECA සම්මාන උළෙල ප්‍රකාශයට පත් කරයි