IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


2025 ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවට ලියාපදිංචිය ඇරැඹේ


විමුක්ති එස් රුද්‍රිගු සහ භානුක අමරසිංහ


එළැඹෙන දෙසැම්බර් 2 සහ 3 යන දෙදින කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වෙන 2025 ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව සඳහා ලියාපදිංචි කිරීම ආරම්භ කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රමුඛතම ශ්‍රී ලංකා ආර්ථික සමුළුව වන ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව වඩාත් පුළුල් නව ආකෘතියක් යටතේ මෙවර පැවැත්වෙන බවද ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය. එහිදී වත්මන් ජාතික ප්‍රමුඛතා පිළිබිඹු වන ශක්තිමත් ආයෝජන පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.

”‍වර්ධනයට දොරටුව: ආසියාවේ නැගී ඒමට අවස්ථාව”‍ යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වෙනු ඇතැයිද ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය. කලාපීය සැපයුම් දාම වෙනස් වෙමින් පවතින සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නැවතත් න්‍යාය පත්‍රයට ඇතුළත් වී ඇති මොහොතක, ශ්‍රී ලංකාව ආකර්ශනීය ආයෝජන ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීම ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවේ අරමුණ බවද ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.



අදහස් (0)

2025 ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවට ලියාපදිංචිය ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site