මේ වසරේ පළමු කාර්තුවේදී උද්ධමනය සියයට -3.6ක් සහ දෙවැනි කාර්තුවේදී සියයට -1.1ක අගයක් ගත්තා
සුදුසු ප්‍රතිපත්තිමය සහාය ඇතිව 2026 පළමු කාර්තුවෙන් පසුව සියයට 5ක උද්ධමන අපේක්ෂාවක්
භානුක අමරසිංහ
මේ වසරේ තෙවැනි කාර්තුව වන විට මතුපිට උද්ධමනය ධන අගයකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකුව පවසයි. එහිදී විශේෂයෙන්ම ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ඉන් අනතුරුව උද්ධමනය මෙලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.
“2025 වසරේ තෙවැනි කාර්තුව වන විට මතුපිට උද්ධමනය ධන අගයකට පත් වී එතැන් සිට ක්‍රමයෙන් සියයට 5ක උද්ධමනය ඉලක්කය කරා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.“ මහ බැංකුව සඳහන් කරයි.
කෙසේ වෙතත් මතුපිට උද්ධමනය බොහෝ විට 2025 වසරේ තුන්වැනි කාර්තුවේදීද උද්ධමන ඉලක්කයෙන් ප්‍රතිශතාංක දෙකකට වඩා පහළින් පවතිනු ඇතැයි වර්තමාන පුරෝකතන මගින් පෙන්නුම් කරන බවත් මහ බැංකුව පවසයි.
ප්‍රකාශිත දත්ත අනුව 2025 වසරේ පළමු කාර්තුවේදී මතුපිට උද්ධමනය සියයට -3.6ක් සහ 2025 වසරේ දෙවැනි කාර්තුවේදී සියයට -1.1ක් ලෙස වාර්තා විය.
මෙලෙස උද්ධමනය අනුක්‍රමික කාර්තු දෙකක් සඳහා උද්ධමන ඉලක්කයට ප්‍රතිශතාංක 2කට වඩා පහළින් පැවතීම හේතුවෙන් මහ බැංකුව විසින් නිකුත් කරන ලද, “මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් මතුපිට උද්ධමනය අපගමනය විම පිළිබඳ වාර්තාව’’ තුළ මෙම කරුණු සඳහන් කර තිබේ.
“ප්‍රධාන වශයෙන් 2025 වසරේ ජනවාරි මාසයේ බලශක්ති මිල ගණන් සලකා බලන කාලසීමාව තුළ ඉන්ධන මිල ගණන් පහළ දැමීම මෙන්ම, පෙර සිදු කරන ලද බලශක්ති ආශ්‍රිත මිල ගණන් අඩු කිරීමේ දිගුකාලීන බලපෑම හේතුවෙන් 2025 පළමු හා දෙවැනි කාර්තුවලදී මතුපිට උද්ධමනය, උද්ධමන ඉලක්කයෙන් අපගමනය වීම සිදු විය.’’ මහ බැංකුව පවසයි.
මේ අතර 2025 වසරේ හතරවැනි කාර්තුවේදී උද්ධමනය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත් මහ බැංකුව සඳහන් කරයි. එහිදී උද්ධමන ඉලක්කයෙන් ප්‍රතිශතාංක දෙකකට වඩා පහළින් පැවතීමේ හැකියාවද බැහැර කළ නොහැකි බවත් මහ බැංකුව පෙන්වා දෙයි.
“2026 වසරේ පළමු කාර්තුව වනවිට කාර්තුමය මතුපිට උද්ධමනය ඉහළ ගොස්, උද්ධමන ඉලක්කයෙන් ප්‍රතිශතාංක 2 ක ආන්තිකයක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. උද්ධමනය ස්ථායිවීමට පෙර තාවකාලික ඉහළ යෑමක් වාර්තා විය හැකි වුවද, සුදුසු ප්‍රතිපත්තිමය සහාය ඇතිව, මැදි කාලීනව සියයට 5ක ඉලක්කය වඩා ස්ථායි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.’’
කෙසේ වෙතත් පවත්නා ගෝලීය සාර්ව ආර්ථික තත්ව සහ දේශීය ආර්ථිකය කෙරෙහි ඒවායේ බලපෑම මගින් මෙම උද්ධමන පුරෝකථන සඳහා අවිනිශ්චිතතා ඇති කරන බවත් මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
2025 නොවැම්බර් මස 04
439
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2199
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 තුන්වැනි කාර්තුවේදී උද්ධමනය ධන අගයකට