IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා අපනයන ආදායම ඩොලර් බිලියන 15.8 ක්

  • සියයට 5.8 ක වාර්ෂික වර්ධනයක්
  • එම කාලයේදී වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන අංශවල මුළු අපනයන ආදායම ඩොලර් මිලියන 1364.52 ක්
  • නොවැම්බර් මාසය අවසන් වන විට වාර්ෂික අපනයන ඉලක්කයෙන් සියයට 86.3 කට වඩා වැඩි ප්‍රමාණයක් ළඟා කරගෙන

2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත්ව සිය වර්ධන වේගය පවත්වාගෙන යන අතර, එම කාලය තුළ සියයට 5.8 ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛණිජ තෙල් නිෂ්පාදන සඳහා වූ අපනයන ආදායමත් එක්ව මෙම කාලයේ අපනයන ආදායම ඩොලර් මිලියන 15,776.36 ක් විය. 

2025 නොවැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන අංශවල මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1364.52 කි. එය 2024 නොවැම්බර් මාසයට සාපේක්ෂව සියයට 5.56 වාර්ෂික වර්ධනයකි. 

මේ පිළිබදව අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB)  සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය. “2025 ජනවාරි සිට නොවැම්බර් කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 15,776.36 ක්. එය වාර්ෂිකව ශක්තිමත් වර්ධනයක් පිළිඹිබු කරනවා. ප්‍රධාන වෙළෙඳපොළවල් යථා තත්වයට පත්වීම, තිරසාර නිෂ්පාදන ධාරිතාව සහ අපනයන සංවර්ධන උපාය මාර්ග ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිමත්භාවය සහ තරගකාරිත්වය අවධාරණය කරනවා.”

2025 නොවැම්බර් මාසය අවසන් වන විට වාර්ෂික අපනයන ඉලක්කයෙන් සියයට 86.3 කට වඩා වැඩි ප්‍රමාණයක් ළඟා කර ගැනීම ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රජාවේ ශක්තිය හා කැපවීම පිළිබඳ පැහැදිලි සංකේතයක් බව ද ඔහු අවධාරණය කළේය.

2025 නොවැම්බර් මාසයේදී පමණක්, වෙළෙඳ භාණ්ඩ අපනයනය වාර්ෂිකව සියයට 5.95 කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1053.22 ක් දක්වා ළගා වී ඇත. 

ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව එම සංඛ්‍යාවට මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වූ ඇස්තමේන්තුගත ආදායම ද ඇතුළත් වේ. 2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ වෙළෙඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 12,417.98 කි. එය 2024 එම කාලයට සාපේක්ෂව සියයට 6.41ක වැඩිවීමකි.
2025 නොවැම්බර් මාසයේදී සේවා අපනයනයෙන් ලැබුණු ආදායම සියයට 4.27 කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 311.3 ක් වී ඇතැයි ඇස්තමේන්තු කර ඇත. 2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ සේවා අපනයනය සියයට 3.63 කින් ඉහළ ගොස් ඇති බවට ඇස්තමේන්තු කර ඇත. එය ඇමරිකානු ඩොලර් මිලියන 3,358.38 කි.



අදහස් (0)

2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා අපනයන ආදායම ඩොලර් බිලියන 15.8 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site