![]() |
![]() |
| හේලීස් සභාපති /ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ |
හේලීස් සම සභාපති ධම්මික පෙරේරා |
මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන LMD මගින් නිකුත් කරන LMD 100 හි 32 වැනි සංස්කරණය තුළ 2024/25 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ අංක එකේ ලැයිස්තුගත සමාගම ලෙස හේලීස් පීඑල්සී සමාගම ශ්‍රේණිගත කර තිබේ. ඒ අනුව මෙම ශ්‍රේණිගත කිරීම ආරම්භ කළ 1995 වසරේ සිට 10 වැනි වරටත් අංක 1 ස්ථානය ලබා ගැනීමට හේලීස් පීඑල්සී සමාගම සමත්ව තිබීමත් විශේෂත්වයකි.
මෙම පිළිගැනීම ශ්‍රී ලංකා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සහ ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය සහ තිරසාර වටිනාකම් නිර්මාණය පිළිබඳ මිනුම් ලකුණක් ලෙස සමූහයේ දිගුකාලීන භූමිකාව අවධාරණය කරන බව එම සමාගම පවසයි.
මෙහිදී 2024/25 මූල්‍ය වර්ෂය සඳහා, හේලීස් සමාගම රුපියල් බිලියන 492.2 ක වාර්තාගත ඒකාබද්ධ ආදායමක් අත් කරගත් අතර පෙර වසරට සාපේක්ෂව සියයට 13 ක වර්ධනයක් පෙන්නුම් කරයි. එසේම එය සමූහයේ වසර 148 ක ඉතිහාසයේ ඉහළම අගය ද සනිටුහන් කර තිබේ. මීට අමතරව බදු ගෙවීමට පෙර ලාබය (PBT) රුපියල් බිලියන 35.4 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 40 ක වර්ධනයකි. බදු ගෙවීමෙන් පසු ලාබය (PAT) රුපියල් බිලියන 22.5 ක් වූ අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 52 ක වර්ධනයකි.
මේ අතර රැස් කරගත් ඩොලර් මිලියන 685 ක අපනයන ආදායම, සමූහයේ මුළු ආදායමෙන් සියයට 53 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව විදේශ විනිමය ඉපැයීම්වල ප්‍රධාන තරගකරුවකු ලෙස හේලීස් හි භූමිකාව මින් නැවත තහවුරු කර ඇතැයි ද සමාගම පවසයි.
මේ කරුණු සියල්ලමත් සමගින් හේලීස් සමූහය ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ සේවායෝජකයන් අතරින් එක් අයකු ලෙස තවදුරටත් පවතින අතර, එහි සිටින සමස්ත ශ්‍රම බලකාය 38,000 කි. එසේම එහි වටිනාකම් දාම හරහා වක්‍ර ජීවනෝපාය 27,000 කට අධික සංඛ්‍යාවක් බිහි කර තිබේ.
මේ අතර 2024/25 දී, හේලීස් සමූහය රජයට, සේවකයන්ට, ණය දෙන්නන්ට සහ කොටස් හිමියන් 13,000 කට ආසන්න සංඛ්‍යාවකට ආපසු සිදුකළ ගෙවීම්වල සමුච්චිත ආර්ථික වටිනාකම රුපියල් බිලියන 152 ක් වන බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
478
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2024/25 වසරේදීත් LMD 100 හි අංක එකේ ලැයිස්තුගත සමාගම හේලීස් පීඑල්සී