පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.168 ක් සංචාරක කර්මාන්තයෙන් උපාය ගැනීමත් සමග මෙම වසරේ දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 5 ක මුදලක් උපයා ගැනීමට ඉලක්ක කර ඇතැයි සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
පසුගිය වසරේ දී මෙරටට පැමිණි සංචාරකයන් මිලියන දෙක මෙම වසරේදී මිලියන 3 ක් දක්වා වර්ධනය කර ගැනීම සංචාරක අමාත්‍යාංශයේ ඉලක්කය වී ඇත.
සංචාරක කර්මාන්තයෙන් 2023 වසරේ දී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.068 උපයා ගැනීමට සමත් වූ අතර ඒ අනුව පසුගිය වසරේ දී මෙරට සංචාරක ඉපැයීම් සියයට 53.2 කින් වර්ධනය වී ඇති බව මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි.
පසුගිය වසරේ දී මෙරටට සංචාරකයන් 2,053,465 ක් පැමිණ ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 38.1 ක වර්ධනයක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2022 වසරේ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,487,303 කි.
ඇමෙරිකානු ඩොලර් මිලියන 362 ක් උපාය ගත් දෙසැම්බර් මාසය පසුගිය වසරේ වැඩිම සංචාරක ආදායමක් උපයා ගත් මාසය ලෙසද මහ බැංකු දත්ත පෙන්වා දෙයි. එය 2022 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 34.46 ක වර්ධනයක් වන අතර එය පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව සියයට 33 ක වර්ධනයකි.
පසුගිය වසරේ සංචාරක ඉපැයීම ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයට ලැබූ ඉහළම සංචාරක ඉපැයීම වන අතර එය 2019 වසරින් පසුව ලැබූ ඉහළම සංචාරක ඉපැයීම ද වේ.
කෙසේ නමුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය සහ සැපයුම් අභියෝග පසුගිය වසරේ දී සංචාරක කර්මාන්තයට යම් අකාරයක බලපෑමක් එල්ල කළ අතර සංචාරක කර්මාන්තයේ පාර්ශවකරුවන් තර්ක කරන්නේ ඉන් රටට ඩොලර් මිලියන ගණනක ආදායමක් අහිමි වූ බවයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) තාවකාලික දත්තවලට අනුව, සංචාරකයෙක් පසුගිය වසරේ දී දිනක දී සිදුකළ සාමාන්‍ය වියදම ඇමෙරිකානු ඩොලර් 181.15 ක් වන අතර එය 2023 වසරට සංචාරකයෙක් සාමාන්‍යයෙන් දිනකට වියදම් කළ ඩොලර් 164.4 ට වඩා ඉහළ අගයකි.
සංචාරකයෙක් සාමාන්‍යයෙන් දින රාත්‍රී 8.42 ක් පසුගිය වසරේ දී මෙරට ගතකර ඇති අතර එය පසුගිය වසරේ දී සංචාරකයෙක් සාමාන්‍යයෙන් ගත කළ රාත්‍රී 8.44 ට වඩා සුළු පහළ යාමකි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය වසරේ දී සංචාරකයන් මිලියන 2.3 ක් මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක කර තිබූ අතර ඉන් උපයා ගැනීමට බලාපොරොත්තු වූ අදායම ඩොලර් බිලියන 4 කි. වීසා බලපත්‍ර ආශ්‍රිත ගැටලු හේතුවෙන් එම ඉලක්කය වෙනස් කර ගැනීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට සිදුවිය.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2024 සංචාරක ආදායම ඩො . බි. 3. 168 ක්