IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


2024 විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් බිලියන 6.57 ක්

2023 වසරට වඩා සියයට 10 ක වැඩිවීමක්
පසුගිය දෙසැම්බරයේ ඩො. මි. 614 ක් ලැබිලා


විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ  2023 වසරට වඩා 2024 වසරේදී සියයට 10 කින් ඇ​මෙරිකන් ඩොලර් බිලියන 6.57 දක්වා වර්ධනය වී ඇත.

2024 දෙසැම්බරයේ දී, ඇ​මෙරිකන් ඩොලර් මිලියන 614 ක ඉහළ අගයක් ලැබීමෙන් පසුව, ඇ​මෙරිකන් ඩොලර් බිලියන 6.5 සීමාව පසු කළේය.

2024 දෙසැම්බර් අගය, 2021 මාර්තු මාසයේ දී ලබා ගත් වැඩිම ගණන වන ඩොලර් මිලියන 612 ඉක්මවා ගිය අතර, එම වසරේම ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 675.3 ක් හිමිවිය.

2020 වසරේ දෙසැම්බරයේ වාර්තා වූ ඉහළම අගය ඇමෙරිකන් ඩොලර් මිලියන 813 කි. නොවැම්බරයේදී එය ඩොලර් මිලියන 530 කි. 2023 දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 569.7 ට සාපේක්ෂව 2024 දෙසැම්බර් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ​ගියේය.

2023 දී සේවක ප්‍රේෂණ ඩොලර් බිලියන 6 දක්වා සියයට 57 කින් වර්ධනය විය. ඒ, 2022 වසරේ දී, බිලියන 3.78 දක්වා සියයට 31 කින් පහත වැටීමෙන් පසුවය. මෙය වසර 12 කින් සිදුවුණු දරුණු පහත වැටීමකි.

2016 වසරේ වැඩිම සේවක ප්‍රේෂණ ඩොලර් බිලියන 7.24 ක් වූ අතර, 2014 සහ 2018 අතර වාර්ෂික සාමාන්‍යය, ඇමෙරිකන් ඩොලර් බිලියන 7 කි. එය මාසිකව ඇමෙරිකන් ඩොලර් මිලියන 600 ක් ගලා ඒමකි. 



අදහස් (0)

2024 විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් බිලියන 6.57 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site