IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


2024 දී මහ බැංකුව ඩොලර් බිලියන 2.8ක විදේශ විනිමය මිලදී අරන්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 2024 වසරේදී දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළෙන් මිලදී ගත් සම්පූර්ණ ඩොලර් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.8ක් ඉක්මවන බව මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය ඉතිහාසයේ මෙතෙක් මහ බැංකුව විසින් මිලදී ගනුලැබූ ඉහළම වාර්ෂික විදේශ විනිමය (ශුද්ධ පදනම මත) ප්‍රමාණය බවත් මහ බැංකුව සඳහන් කරයි.

මෙම මිලදී ගැනීම් හේතුවෙන් 2023 වසර අවසානයේදී ඩොලර් බිලියන 4.4ක්ව පැවැති විදේශ විනිමය සංචිතය 2024 අවසානයේදී ඩොලර් බිලියන 6.1ක් දක්වා වර්ධනය කරගැනීමට හැකි වූ බවත් මහ බැංකුව සඳහන් කරයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) එළිදැක්වුණු ‘‘2025 සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය‘’ තුළ මෙම කරුණු සඳහන්ව තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති මහ බැංකු අධිපතිවරයා, වඩාත් ශක්තිමත් වූ කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව මත පදනම්ව විදේශීය අංශය 2024 වසරේදී එහි ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වා ගෙන යාමට සමත් වූ බව පවසා සිටියි.

එසේම ගෙවුම් තුලන තත්වය ශක්තිමත් වී ඇති බවත්, ශ්‍රී ලකාවේ මෑත ඉතිහාසයේ වාර්තා ගත ලෙස අඛණ්ඩව වසර දෙකකදී අතිරික්තයක් වාර්තා කරමින්, ජංගම ගිණුම 2024 වසරේදීද අතිරික්තයක් වාර්තා කරනු ඇතැයි ඇස්තමේන්තු කර ඇතැයිද මෙහි සඳහන් වෙයි.

මේ අතර මහ බැංකු පනතේ නියම කර ඇති පරිදි, නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව යටතේ නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තිය 2024 වසරේදීද අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලද බවද මහ බැංකුව පවසයි. ඒ අනුව ශුද්ධ විදේශ විනිමය ලැබීම් සහ ඉහළ ගිය වෙළෙඳ පොළ අපේක්ෂාවන් මගින් මෙහෙයවනු ලැබූ ශ්‍රී ලංකා රුපියල 2024 වසරේදීද අතිප්‍රමාණයවීමක් වාර්තා කිරීමත් සමග වැඩි ස්ථාවරක්ද පෙන්නුම් කර තිබේ.

එසේම සිය නීතිමය රාමුවට අනුකූලව, සංචිත ගොඩනැගීම සහ විනිමය අනුපාතිකයේ අධික විචලනය අවම කිරීම අරමුණු කරගත් මැදිහත්වීම් සමගින් බාහිර කම්පනවලට එරෙහිව ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියාකිරීම සඳහා වෙළෙඳ පොළ විසින් තීරණය කෙරෙන සහ නම්‍යශීලී විනිමය අනුපාතිකයක් පවත්වා ගැනීමට මහ බැංකුව කැපවී සිටින බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

 



අදහස් (0)

2024 දී මහ බැංකුව ඩොලර් බිලියන 2.8ක විදේශ විනිමය මිලදී අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site