දේශීය වාණිජ බැංකුවලින් ඩොලර් එක්රැස් කිරීම සඳහා 2022 වසරින් පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක වටිනාකමින් යුත් දේශීය ඩොලර් බැඳුම්කර ප්‍රමාණයක් රජය නිකුත් කර ඇත.
වසරේ සිට වසර තුන දක්වා කල් පිරෙන බැඳුම්කර එම බැඳුම්කරවලට අයත්වන අතර එහි පොලී අනුපාත තරගකාරී ලංසු ක්‍රමය යටතේ තීරණය කරනු ලබයි. දේශීය වාණිජ බලපත්‍රලාභී බැංකුවලට පමණක් එළැඹෙන 3 වැනිදා සිට 10 වැනිදා දක්වා බැඳුම්කර ලබා ගැනීමට හැකියාව පවතී.
මෙම කෙටිකාලීන ද්‍රවශීලතා මෙවලම සඳහා ඇමරිකානු ඩොලර් වලින් නියම කරන ලද පොලී අනුපාත, දේශීය බදු රෙගුලාසිවලට යටත්ව, භාණ්ඩාගාරය විසින් සෑම මාස හයකට වරක් හෝ වාර්ෂිකව ගෙවනු ලැබේ. 2017 අංක 12 දරන විදේශ විනිමය පනතට අනුව මහ බැංකුවේ අවසරය ලබා ගැනීමෙන් පසු භාණ්ඩාගාරය පසුගිය 21 වැනිදා ඩොලර් බැඳුම්කර නිවේදනය නිකුත් කළේය.
බැඳුම්කර වෙන්දේසියේදී අවම ආයෝජනය ඇමරිකානු ඩොලර් 1,000,000 ක් වනු ඇති අතර එය ඇමරිකානු ඩොලර් 100,000 ගුණාකාර වලින් ඉහළ දමා ගත හැකිය. බැඳුම්කර ලබා ගන්නා මෙරට බලපත්‍රලාභී දේශීය වාණිජ බැංකුවලට නිව්‌යෝර්ක්හි ෆෙඩරල් රිසර්ව් බැංකුවේ මෙරට මහ බැංකු ගිණුමට ගෙවීම් සිදුකර ඇත.
2025 නොවැම්බර් මස 21
107
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2022 වසරින් පසුව ප්‍රථම වතාවට ඩො.මි. 50 ක දේශීය ඩොලර් බැඳුම්කර නිකුත් කරලා