IMG-LOGO

2020 ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙසින් නම් කෙරේ

(හර්ෂණ තුෂාර සිල්වා)

2020 ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස නම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (11) නිවේදනය කළේය.

ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂමන් මහතගේ ප්‍රධානත්වයෙන් මහ බැංකු පරිශ්‍රයේදී අද පැවැත්විණි.

මෙරට ජනතාව අතර කාසි සහ නෝට්ටු භාවිතය අවම කරමින් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද වෙත ජනතාව යොමු කිරීමේ අරමුණින් මේ වසර එලෙස ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස නම් කර තිබේ.

විශේෂයෙන්ම කාසි සහ නෝට්ටු මුද්‍රණය සඳහ යන වියදම් අඩු කිරීම, රට තුළ මූල්‍ය අන්තර්ග්‍රහණය දියුණු කරමින් කාසි සහ නෝට්ටු භාවිතයෙන් තොර සමාජයක් ඇති කිරීම යන ප්‍රධාන අරමුණු ඇතිව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

(ඡායාරූප  - ඉසුරු පෙරේරා)



අදහස් (4)

2020 ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙසින් නම් කෙරේ

jaya Wednesday, 11 March 2020 08:18 PM

කරුණාකර මෙය ප්‍රයෝගිකව සිදු කරන්න. ඩිජිටල් වර්ෂය විදිහට නම් කල නමුත් තවමත් බැංකු මගින් මෙයට ගනුදෙනුකරුවන් යොමු කිරීම මන්දගාමීයි.

:       0       7

vidya Thursday, 12 March 2020 02:32 AM

ඩිජිටල් කියන්නේ 0 සහ 1 . බින්දුවක් කියන්නේ මුදල් නෑ. එක කියන්නේ මුදල් තියනවා.

:       78       3

dharshana batagodage Sunday, 15 March 2020 10:57 AM

ෆූඩ් සිටි ගියාම පෝලිමේ භාගයක්ම ඉන්නේ ලයිට් බිල් ගෙවන්න ඉන්න අය. ඔන්ලයින් බෑංකින් යූස් කරන එක ප්‍රමෝට් කරන්න ඕනේ..

:       0       3

imesh Tuesday, 17 March 2020 07:19 AM

අපි නම් දැන් ගොඩක් කලෙක ඉඳන් ලෑස්තියි, මහ බැංකුව තමයි තාමත් සුදානම් නැත්තේ. ඩිගිටල් බැංකු කරන්නේ කොහොමද online ගිණුමක් තියන් යන්නත් අපි අවුරුද්දකට රු 500ක් ගෙවන්න ඕනේ බැංකුවට. හරි නම් බැංකුව අපිට රු 500ක් ගෙවන්න ඕනේ අපි බැංකුවට එන්නේ නැතුව ගනුදෙනු කරනවට. ලංකාව ඇතුලේ බැංකුවකින් බැංකුවකට සල්ලි දාන්නත් රු 50 ගන්නවා වැඩිපුර. මොකුත් නොකරත් කමක් නැහැ 2020, ඔන්න ඔය ගාස්තු ටිකවත් අයින් කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 137 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site