මෙම වසරේ දෙවැනි කාර්තුවේ ඇස්තමේන්තුගත ආර්ථික වර්ධන වේගය 4.0%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි.
මෙම වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන්(2010) යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු.මිලියන 2,211,612 ක් ලෙස ඇස්තමේන්තු කොට ඇති අතර එය 2016 වර්ෂයේ දෙවැනි කාර්තුව සදහා රු.මිලියන 2,125,848 ක් විය.
ආර්ථිකයේ ප්‍රධාන සංරචක වන කෘෂිකර්මය, කර්මාන්ත, සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩුකළ බදු පවත්නා මිල ගණන් යටතේ 2017 වර්ෂයේ දෙවැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වා ඇති දායකත්වයන් පිළිවෙලින්, 25.9%ක්, 56.6%ක් සහ 9.4%ක් ලෙස වාර්තා වේ.
තවද, මෙම කාර්තුවේදී කර්මාන්ත අංශයේ ආර්ථික කටයුතු සහ සේවා අංශයේ ආර්ථික කටයුතු පිළිවෙලින් 5.2%ක් සහ 4.5%ක් වශයෙන් සැළකිය යුතු වර්ධන වේගයන් වාර්තා කර ඇත. කෙසේ වෙතත් කෘෂිකාර්මික ආර්ථික කටයුතු තවදුරටත් වාර්තා කර ඇත්තේ 2.9%ක ඝෘණ වර්ධනයකි.
දළ දේශිය නිෂ්පාදිතයට ඉහළම දායකත්වයක් සහිත සේවා අංශය 2016 වර්ෂයේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව මේ වසරේ දෙවැනි කාර්තුවේදී 4.5% ක වර්ධනයක් ළඟා කරගෙන ඇත.
044
2025 දෙසැම්බර් මස 18
497
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2016ට වඩා මෙම වසරේ සේවා අංශයේ වර්ධනයක්