(ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද කළු ගඟ වාරි ව්‍යාපෘති භූමියට අයත් ගුරවෙල ගොවිපලේ වගාකර ඇති ටොම් ඊ ජේ සී අඹ වලින් රුපියල් ලක්ෂ හැත්තෑවක ආදායමක් උපයා ගත් බව ව්‍යාපෘති කාරියාලය කියයි.
අක්කර 65 ක භූමි ප‍්‍රදේශයක පවතින ගුරුවෙල ගොවි බිමේ ටොම් ඊ ජේ සී අඹ විශේෂයේ ගස් 1500 ක් පවතියි.
මහවැලි අධිකාරියට අයත් මෙම ගොවිපලේ කිලෝ ග‍්‍රෑම් හැට දහසක පමණ අඹ අස්වැන්නක් ලබාගැනිමට හැකියාව ලැබුණු බව මොරගහකන්ද වාරි ව්‍යාපාතියේ මහජන සම්බන්ධතා නිලධාරි පි.ජී. දයානන්ද මහතා සඳහන් කළේය.


COMMENTS
දැන් මේ අඹ පිටරටවලට ආනයනකරලා ආර්ථිකය නගා හිටුවනවාද නැත්තම් ලංකාවේ වෙළඳපොලවල විකුණලා ලංකාවේ යට අඔවල රස විඳින්නට සලසනවාද?
ආනයන අපනයන වචන වල තේරුමවත් දන්නේ නැති අය , මට පෙනෙන්නේ දේශ පාලන හෙන්ච්යෙක් වගේ
ආදායම නොවේ, ලාබය කියන්න.
මේ අපගේ උත්සාහයේ ප්‍රතිපලයයි. මේ අඹ පිටරට වෙළඳ පලට විකුණා වටිනා විදේශ විනිමය ගෙන ඒමට ක්‍රියා කල යුතු වේ.
මේ වගේ ආදායමක් දාන්න තරම් ලොකු පුවතක්ද? අක්කර 65 කින් වසරකට එක වාරයක් පමණක් ඵලදාව ලැබෙන අඹ වැනි වගාවකින් ලක්ෂ 70 ක් කියන්නේ අක්කරයකට වසරකට ලක්ෂයයි. එතකොට මාසික ආදායම රුපියල් අටදාහක් විතරයි නේද? ඕනෑම කුලී වැඩක් කරලා මේවගේ තුන් හතර ගුණයක ආදායමක් ගන්න උදවියගේ ආදායම ගැන කියන්නේ නැත්තේ ඇයි?
ඉතාම හොඳ පර්යේෂණයක්, හොඳ ප්‍රභේදයක්. මේක වැඩිදියුණු කරන්නත් වසර ගණනාවක් ලක්ෂ ගණනින් වියදම් කරන්න ඇතිනේ? ඉතින් අර ගිවිසුම යටතේ වත් ඉන්දියාවෙන් අක්කර දහදාහක්වත් ඉල්ලගෙන වගාකළොත් ගිය වියදම හොයාගෙන ලාභ දායක විදියට පවත්වාගෙන යන්න පුළුවනි. අපේ රටේ ජාත්‍යන්තරයට ඇතිවෙන්න අඹ වගේ වගාවක් වවන්න ඉඩකඩ මදිනේ? කොහොම වුණත් තව ටික දවසකින් ඕකෙන් ඇට හරි, අංකුරයක් හරි අරන් ගිහින් ඉන්දියාව අක්කර ගණනින් ඔය අඹ වර්ගය වවලා පිටරට යවයි. මිට පස්සේ රටේ සල්ලි වියදම් කරලා පර්යේෂණ කරනකොට ආර්ථික වශයෙන් ඵලදායකව රටට අදායමක් ලැබෙන විදිහේ දෙයකට කාලය සහ ශ්‍රමය වැය කරනවා නම්...
ඉතාමත් සතුටුදායක පුවතක්. කාලෙකින් මෙහෙම දෙයක් දැක්කමයි හැමදාම වර්ජන ගර්ජන දැකලම එපාවෙලයි හිටියේ.
අන්න ඒ වගේ අහන්න සතුටු දෙයක් දාන්නකෝ... නැත්නම් මම අකමැති දේවල්මනේ වැඩියෙන් තියෙන්නේ...
ලංකාවේ අපනයන මණ්ඩලය කියන්නේ තනිකර සුදු අලියෙක්, මෙයාලට පොල්කිරි ටින් එකක් පිටරට යවන්න හදා අවුරුදු 15 ක් විතර ගියා, තායිලන්තේ අවුරුදු 15 ක් තිස්සේ පොල්කිරි ටින් අපනයනය කෙරුවා. මම දැකලා තියෙනවා අපනයන මණ්ඩලයේ නිලධාරින් ඩුබායි රටේ ප්‍රදර්ශන වලට ආවාම හැසිරෙන හැටි, ඔලුව ඉදිමිලා, ඒ වුණාට නිෂ්පාදන ගැන දැනුමක් නෑ. ඊට අමතරව ඔළුව වැඩකරන්නේ රජයේ වියදමින් සාප්පු සවාරි ගහන්න. අන්තිමට මුදල් නාස්තිය විතරයි.
ලගදීම, අඹ සංස්ථාවක්.
ඊට පස්සේ අඹ ඇමති කෙනෙක් ....