මෙරට සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් වන ‘ද රෙසිඩන්සීස් ඇට් වන් ගෝල් ෆේස්’ සුපිරි නිවාස සංකීර්ණය අද (30) මාධ්‍යට අනාවරණය කළේය.
මෙහිදි සුපිරි නිවාස වෙන් කරගත් නිවාස හිමියන්ට නිවාස බාරදීම සිදු කෙරුණු අතර ‘ද රෙසිඩන්සීස් ඇට් වන් ගෝල් ෆේස්’ විශේෂිත සේවාවක් වන ‘ක්ලබ් හවුස් පරිශ්‍රය’ නිවැසියන්, නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නන්ට, අමුත්තන්ට සහ මාධ්‍යයට විවර කළේය.
‘ද රෙසිඩන්සීස් ඇට් වන් ගෝල් ෆේස්’ සුපිරි නිවාස සංකීර්ණ නිවාස ඒකක 390කින් සමන්විත වන අතර දැනටමත් එම නිවාස ඒකකවලින් සියයට 80කට වැඩි සංඛ්‍යාවක් වෙන් කරවාගෙන ඇත. නිවාස ඒකක ඒවායේ පහසුකම් අනුව එක්සත් ජනපද ඩොලර් 732,000 සිට එක්සත් ජනපද ඩොලර් මිලියනය දක්වා පරාසයක පවතී.

‘ද රෙසිඩන්සීස් ඇට් වන් ගෝල් ෆේස්’ යනු ‘ෂැංග්‍රිලා’ හෝටල් සමූහයේ කොළඹ නගරය සංවර්ධනය කර කළමනාකරණය කෙරෙන ‘වන් ගෝල් ෆේස්’ ව්‍යාපෘතියේ කොටසකි. ‘වන් ගෝල් ෆේස්’ යනු ජාත්‍යන්තර මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකි.
මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය කාර්යාල සංකීර්ණයකින්, සාප්පු සංකීර්ණයකින්, හෝටලයකින් සහ නිවාස සංකීර්ණ දෙකකින් සමන්විත වේ. කොළඹ නගර මධ්‍යයේ අඩි 540,000 ක් පුරා විහිදී ඇත.

‘ද වන් ගෝලෆේස් වන්’ සාප්පු සංකීර්ණය ලබන වසරේදී විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර සාප්පු සංකීර්ණයේ වෙළෙඳසැල්වලින් අඩක් පමණ මේ වනවිටත් කල්බදු පහසුකම් මත වෙන් කරවාගෙන ඇත.
‘වන් ගෝල් ෆේස්’ යනු ෂැංග්‍රිලා සමූහයේ ව්‍යාපෘතියකි.
055
2025 දෙසැම්බර් මස 04
642
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
533
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
437
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’ද රෙසිඩන්සීස් ඇට් වන් ගෝල් ෆේස්’’ නිවාස සංකීර්ණය විවෘත කරයි
bo Sunday, 02 December 2018 12:28 AM
තියෙන අය සහ නැති අය අතර වෙනස දැන් පේනවා නේද? ඕක තමා යම පාලනය!