ගුවන් සේවා මගී අත්දැකීම් සංගමය සංවිධානය කරනු ලැබු සම්මාන උළෙලේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය විශිෂ්ටත්වය වෙනුවෙන් දෙවැනි වරටත් තරු හතර පන්තියේ සේවා ඇගයුම් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත්විය.
ලෝකය පුරා සිටින ගුවන් මගීන් ඔවුන්ගේ සමස්ත ගුවන් ගමන් අත්දැකීම් ඇගයීමට ලක් කිරීමෙන් මෙම ඇගයුම් ලබා දීමට ගුවන්සේවා මගී අත්දැකීම් සංගමය කටයුතු කරනු ලැබ ඇති අතර ඇගයුමට ලක් කිරීමේදී ගුවන් යානයේ ආසන සුවපහසුව,ගුවන් මැදිරි සේවාව, ආහාර පාන, විනෝදාස්වාදක පද්ධතිය සහ Wi-Fi යන සේවා ඇතුළත් කරමින් සංගමය විසින් පත් කරනු ලබන බාහිර විගණන සේවා ආයතනයක සහතිකය මත මෙම ඇගයුම සිදු කර තිබේ.
සේවා ඇගයුම් ගුවන් සමාගම වෙත පිරිනැමීමට අමතරව ශ්‍රීලංකන් ප්‍රචාරක වීඩියෝ දැන්වීමක් වන “ශ්‍රීලංකන් හා එක්ව ශ්‍රී ලංකාවට චමත්කාර ගමනක්” සඳහා විශිෂ්ට මුල් වීඩියෝව කාණ්ඩය යටතේ ප්‍රමුඛ ගුවන් සේවා වන කටාර් එයාර්වේස්,එමිරේට්ස්,සිංගප්පූරු ගුවන් සේවය ,එයාර් නිව්සීලන්ඩ් සහ කැතේ පැසිෆීක් යන ගුවන්සේවා අභිබවා යමින් විශේෂ ඇගයුමට ලක්කර ඇත.
“2018 වසරේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි ව්‍යාපාරය” සහ “ 2018 වසරේ ඉන්දියානු සාගරයේ මෙහෙයුම් සිදුකරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සමාගම ආසියා සහ ඕස්ට්‍රලේෂියා ලෝක සංචාරක සම්මාන උළෙලේ දී ද සම්මාන ද්විත්වයක් ලබාගැනීමට ට සමත් විය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම වර්තමානයේදී රටවල් 48 ගමනාන්ත 114 ක් වෙත සිය ගුවන් මෙහෙයුම් සිදු කරන අතර වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා රටවල් 160 ගමනාන්ත 1000 දක්වා පියාසර කිරීමේ පහසුකම් ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට හිමිවේ.

(36698)
COMMENTS
තරු නැතිවුණාට වැඩක් නැහැ. ආයෝජකයෙක් ලැබුණානම් හොඳයි.
අපගෙන් සුබ පැතුම් !!!
අනේ මන්දා... තරු කොහොම උනත් දැන් දෙන කෑම මෙලෝ රහක් නෑ. ඉන්න ගුවන් සේවිකාවෝ බොහෝ දෙනෙක් ඉතාම නුපුහුණු මට්ටමේ උද්දච්ච් කට්ටිය. EMIRATES කළමණාකරණයෙන් පස්සේ අපේ ගුවන්සේවේ සේවාව පුදුම විදියට පිරිහුණා. තරු ලැබුනට අලාභ ලබන්න හේතුව එකයි. අනික් ගුවන් සේවාවක සේවය ලැබූ සැනින් එක වැටහෙනවා.
අපිට නම් තරු ලැබිලා නෙමේ තරු පෙනිලා ගොඩාක් කල්...
අපගෙන් සුබ පැතුම් ශ්‍රී ලන්කන්
මේකත් නිකන් හොදම මුදල් ඇමතිට දුන්නු එක වගෙයි. මෙහෙන් වහන්න කතා කරනවා අරහෙන් සම්මාන දෙනවා බලන අපිට පිස්සු වගෙයි.
මේවා දවල් තරු වෙන්නැති ගිහන් බලන්න දෙන කෑම බල්ලෙකුට වත් දෙන්න හොඳ නෑ, මෙලෝ රහක් නෑ, සේවකයෝ කිසිම පිළිවෙලකට නොවෙයි ආහාර පාන දෙන්නේ, ඉස්සෙල්ලා කෑම බෙදලා පස්සේ ඩ්‍රින්ක්ස් දෙනවා, ඊළඟට තේ කොපි දෙනවා, හරක්ට කෑම දානවා වගේ, කතාකරොත් සැර වෙනවා.
මෙගොල්ලන්ට තරු ලැබෙනකොට රටේ මිනිස්සුන්ට තරු පෙනිලා, මෙගොල්ලො ඉස්සර කරපුවට...