IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ශ්‍රී ලංකාවේ සිට වීසා අයදුම් කිරීම් වර්ධනයක්

2021 වසරට සාපේක්ෂව 2022 වසරේ දී වීසා අයදුම් කිරීම් ප්‍රමාණයේ තුන් ගුණයක පමණ වැඩිවීමක් නිරීක්ෂණය කෙරෙයි.

කොවිඩ් සීමා ලිහිල් කිරීම, ජාත්‍යන්තර ගමනාගමන සීමා මායිම් ලිහිල් කිරීම ආදී කාරණා හේතුවෙන් 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ සිට වීසා අයදුම් කිරීම් ප්‍රමාණය සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කෙරෙයි. රජයන් සහ රාජ්‍ය තාන්ත්‍රික තානාපති මෙහෙයන්ට තාක්ෂණික සේවා සැපයීමේ විශේෂඥයෙක් මෙන්ම පරිබාහිර සේවා ලබාගැනීමේ පදනම් මත ක්‍රියාත්මක වන ලෝකයේ විශාලතම ආයතනයක් ලෙස ප්‍රකට VFS Global ආයතනයේ දත්තවලට අනුව 2019 පූර්ව වසංගත අවධියට සාපෙක්ෂව 2022 වසර තුළ දී වීසා අයදුම් කිරීමේ සියයට 68ක වේගවත් වර්ධනයක් පෙන්නුම් කරනවා සේම 2021 ජාත්‍යන්තර ගමනාගමන සීමා මායිම් ලිහිල් කිරීමෙන් පසු 2022 වසරේ දී එය තුන් ගුණයක සුවිශේෂී වර්ධනයක් බව පෙන්වා දෙයි.

VFS Global ආයතනයේ දකුණු ආසියාව භාර ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රබුද්ධ සෙන් මෙසේ පැවසීය, “අපට ඉතා අධික වීසා ඉල්ලීම් ප්‍රමාණයක් ලැබීමේ ප්‍රවණතාවක් ශ්‍රී ලංකාවෙන් මෙන්ම දකුණු ආසියාතික කලාපයේම දක්නට පුළුවන්. 2022 වසරේ සිට විශාල පිරිසක් සිය රටවලින් පිටට යාමට වීසා අයදුම් කිරීමේ ප්‍රවණතාව අපට දක්නට ලැබෙනවා. එසේම මෙය මේ වසර දක්වාම මේ පවතින ශීඝ්‍රතාවයෙන්ම ඉහළ යයි කියලත් අප විශ්වාස කරනවා. මේ ප්‍රවණතාව ඉදිරියටත් මෙසේම පවතී යැයි අපට නිරීක්ෂණය කළ හැකි නිසා අප වීසා අයදුම් කරන අපේ සේවාදායකයන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි. ඔබ ඔබේ වීසා අයදුම් කිරීම හැකි ඉක්මනින් සහ කලින් සිදු කරගන්න උත්සහ කරන්නේ නම් අවසාන මොහොතේ සිදුවිය හැකි අපහසුතාවලින් වැළකී ඉන්න පුළුවන් වෙයි.”

කොවිඩ් වසංගතයෙන් පසුව විවිධ ප්‍රවණතා මතුවූ අතර සංචාරකයන්ගේ හුරුපුරුදු ද වෙනස්වීම සිදුවිය. එසේ වෙනස් වූ තවත් එක් කාරණයක් වූයේ තමන්ටම සුවිශේෂීකරණය වූ සමීප සේවා සපයා ගැනීමයි. නිවසටම පැමිණ වීසා ලබාගැනීමේ සේවා සැපයීම Visa At Your Doorstep (VAYD) මඟින් සංචාරකයන්ට තමන් කැමති ස්ථානයකට ගෙන්වා ගෙන වීසා සේවා අයදුම් කිරීමේ පහසුව තිබෙයි. එසේම 2019 වසරට සාපෙක්ෂව 2022 දී එම ඉල්ලීම් ප්‍රමාණය දෙගුණයක් විය. එක්සත් රාජධානියට වීසා අයදුම්කරන්නන්ට මෙම සේවාව ලංකාව තුළ දී ලබා ගත හැක. එසේම VFS Global ආයතනය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ආණ්ඩුවේ සේවාදායකයන් 19 කටත් ආණ්ඩුව නියෝජනය කරන සේවාදායකයන් 17 දෙනකුටත් සේවා සපයයි.

සිසුන්ගේ සංචාර සමය මාස කිහිපයකින් ආරම්භවීමට නියමිත බැවින්, කාර්යබහුලත්වය අවම කිරීමට ශ්‍රි ලංකාවේ VFS Global මධ්‍යස්ථානය සිය සේවා කාලය තවත් පැය කිහිපයකින් දීර්ඝ කර තිබේ. එසේම ආයතනය විසින් මාලදිවයින් ශිෂ්‍යයන්ගේ වීසා කටයුතු වඩාත් වේගවත්ව සිදුකිරීම වෙනුවෙන් මාලදිවයිනේ මාලේ අගනගරයේ ද තාවකාලික වීසා සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.

595



අදහස් (0)

ශ්‍රී ලංකාවේ සිට වීසා අයදුම් කිරීම් වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 45 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 152 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1005 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site