IMG-LOGO

2023 නොවැම්බර් මස 29 වන බදාදා


ඉස්සන් ආනයනයට කොන්දේසි

(මනෝජ් හර්ෂික)

ඉස්සන් ආනයනය කිරීමේදී මෙරට ඉස්සන් අස්වැන්න පිළිබඳව ද සොයා බලා ආනයනය කටයුතු කළ යුතු බව කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා අද (01) පැවැසීය.

ඇතැම් ව්‍යාපාරිකයන් දේශීය ඉස්සන් අස්වැන්න නොතකමින් ඉස්සන් ආනයනය කිරීමෙන් දේශීය ඉස්සන් වගාකරුවන් අපහසුතාවයට පත්ව ඇති බවත්  මේ පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවත් එහිදී කීය.

ඒ අනුව ඉස්සගේ මව් සතුන් ආනයනයේදී පවතින බද්ද අවම කිරීමට සහන සළසා දෙන බවත් ඉස්සන් වගාවේදී පවතින වෛරස් රෝගී තතත්වයන් නිවාරණය උදෙසා විද්‍යාගාර පහසුකම්ද ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

‍ඉස්සන් වගා කිරීමේ සංගමය සමඟ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (01) පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කළේය.

 

 

 

 



අදහස් (7)

ඉස්සන් ආනයනයට කොන්දේසි

laal Wednesday, 02 October 2019 01:38 AM

දැන් ඉස්සනුත් ආනයනය කරනවද?

:       0       20

wedage Wednesday, 02 October 2019 11:37 AM

ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන් මේ දැන් ගෙනාපු මාළු ලාබයි ගන්නකො යාලු මේ රටේ මිනිස්සුන්ට කන්න මාළු පිටරටින් ගෙන්න ඕනද ? ඉතින් රටක් දියුණු වෙයිද?

:       1       31

lalithm Thursday, 03 October 2019 03:11 AM

ලින්නන් විතරයි කියලා අපි හිතුවේ... ඉස්සොත් ගෙන්නනවද? බැරිද මාළු අල්ලන්න පුළුවන් මාලුකාරයින් ටිකක් ගෙන්නන්න. එතකොටවත් අපිට සාධාරණ මිලකට මාළු ටිකක් ගන්න පුළුවන් වේවි... අපේ මාළු අල්ලන අය කරන්නේ උද්ඝෝෂණ විතරක්නේ...

:       39       2

de silva berlin Friday, 04 October 2019 01:17 AM

ලංකාවේ ඉස්සෝ ගිනි ගණන්, සමහර දිනවල ලංකාවේ ඉස්සෝ මිල යුරෝපෙටත් වැඩිය වැඩි වේ. තායිලන්තෙන්, ඉන්දුනීසියාවෙන් යන ඉස්සෝ යුරෝපේ අඩු මිලට තිබෙනවා, කරුණාකර ඉස්සන් පිටින් ගෙන්වීම නතර කරන්න ඉස්සරවෙලා ලංකාවෙන් ඉස්සෝ පිටරට යවන එක නතර කරන්න. එතකොට අපට අවශ්‍ය ඉස්සන් වැනි මාලු වර්ග වලින් අපට ස්වයංපෝෂිත වෙන්න පුළුවන්. එතකොට දේශීය විදේශීය සංචාරක කර්මාන්තයට සහ පරිභෝජනයට අවශ්‍ය හොඳ ඉස්සන් පහසු මිලට ලබාගන්න පුළුවන්. දැන් වෙලා තිබෙන්නේ අපේ රටේ තිබෙන හොඳ තත්වයේ අලුත් මාළු අපි රට යවලා, පිට රටින් කුණු මාළු ගෙන්වන එක අතරමැදිය පොහොසත් වෙනවා .

:       33       42

lalithmFriday, 04 October 2019 08:47 AM

ලින්නෝ ගෙන්නන්නේ කෙලවල්ලන් අපනයනය කරලා. අපි ඔබ කියන විදියට පරණ වෙච්ච මාළු තමා කන්නේ. ඊට පස්සේ බඩේ ලෙඩට බෙහෙත් කරනවා. මේ හැම දේම විදේශ විනිමය. අපි මාළු වලින් ස්වයංපෝෂිත කරන්න නම් අපිට හරියට තාක්ෂණික ක්‍රම මගින් මාළු අල්ලන්න පුරුදු වෙන්න වෙනවා. ජපානය වගේ රටවල් ඩී.එන්.ඒ තාක්ෂණය යොදාගෙන මාළු ඉන්න ප්‍රදේශ සොයා ගන්නවා. අපිට එච්චර දුර යන්න බැරි වුනත් නවීන ක්‍රම යොදා ගන්න වෙනවා. අපේ මාළු අල්ලන අය ඩීසල් භූමිතෙල් සහනාධාර ඉල්ලලා උපවාස කරනකල් එදාවේල හිඟන තාක්ෂණයෙන් මිදෙන තාක් කල් මේවා හදන්න බැහැ. කිව්වම රිදෙනවා තමා.

:       35       0

himalTuesday, 08 October 2019 08:30 AM

ලංකාවට ලින්නෝ ආනයනය කරන්නේ ටින් මාළු කර්මාන්තයට. දැන් මාළු අපනයනය කරන්න හැකි වුනේ 2016 දී විතර යුරෝපයෙන් ලැබුන බදු සහනය හින්දා.මොකද 2014 දි විතර ලංකාවේ කොඩිය ගහගෙන වෙන රටවල් ලංකාවේ මුහුදේ මාළු අල්ලලා අහුවෙලා ලංකාවට මාළු අපනයනය කරන්න දුන්නේ නෑ.එහෙම නැතුව ලින්නෝ ගෙන්නලා කෙළවල්ලෝ ගෙන්වන්න කියලා නීතියක් නෑ. ලංකාවේ මුහුදුකරයට ගියාම අලුත් මාළු ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇඹුල් තියල්, ජාඩි, කරවල, උම්බලකඩ දාලා මාළු කල් තියාගන්න හැකියි.මොකද මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු නැති නිසා මාළු ඉන්න තැන් හොයන්න ඩී.එන්.ඒ. ඕන නෑ.ඒකට එකෝ සවුන්ඩර් ඇති.

:       0       0

Don Sunday, 06 October 2019 02:15 PM

තොප්පිගල යනු කැලයකි. අලිමංකඩ කියලා පාමංකඩ යවනවා. මේ මහබැංකු හොරු පස්සේ යන්න එපා.

:       21       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

SMSහෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට නව තරුණ ජවය
2023 නොවැම්බර් මස 28 160 0

ඉදිකිරීම් සහ භූමි අලංකරණය, සංචාරක කර්මාන්තය, දේපළ වෙළෙඳාම්, ආරක්ෂණ සේවා ඇතුළු ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවක් පුරා විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන SMS හෝල


ජෝන් කීල්ස් පෝෂණ දිරියට වසරක් සපිරේ
2023 නොවැම්බර් මස 27 85 0

ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදු වූ මුල් කාලයේදීම ජෝන් කීල්ස් සමූහය විසින් සෞඛ්‍ය හා පෝෂණය, අධ්‍යාපනය සහ ජීවනෝපාය මාර්ග සංවර්ධනය යන ප්‍රධ


ෂැංහයි නුවර ප්‍රදර්ශනයේ ‘සිලෝන් ටී’
2023 නොවැම්බර් මස 06 609 0

මෙම ප්‍රදර්ශනයෙහි ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටියක් ද ඇති අතර, එහි මෙරට තේ ප්‍රචලිත කිරීම වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කර තිබෙනු දක්නට ලැබුණි.


සූර්යා සුවඳ රැගෙන උදුවප් පොහෝදා මහියංගනය
2023 ඔක්තෝබර් මස 26 336 0

සූර්යා සුගන්ධ ධූප පුජාව ඔක්තෝම්බර් 28 වැනිදා වප් පොහෝ දින මහියංගනය රජමහා විහාරයේදී පැවැත්වීමට සියළුම කටයුතු සංවිධානය කර ඇත.


HUTCH ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය ගිවිසුමක
2023 ඔක්තෝබර් මස 23 180 0

HUTCH, 67 වැනි ඉන්දියානු සංචාරක නියෝජිතයන්ගේ සම්මේලනයේදී, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) සහ ඉන්දියානු සංචාරක නියෝජිත සංගමය (TAAI) සමඟ


SLT – ඩිජිටල් සර්විසස් සහ Surge Global හවුල්කාරීත්වයක්
2023 ඔක්තෝබර් මස 18 144 1

SLT – මොබිටෙල් හි අලෙවිකරණ සේවා සහ ඩිජිටල් දායකත්ව විසඳුම් අංශයවන SLT – ඩිජිටල් සර්විසස් ශ්‍රී ලාංකික තාක්ෂණික හා අලෙවිකරණ උපදේශක සමාගමක්වන Surge Global සමග ක්‍ර


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 758 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 586 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4407 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site