යුරෝපයේ හොදම ගුවන්සේවය ලෙසින් හඳුන්වන තුර්කි ගුවන්සේවය ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුමි කටයුතු ඇරඹීය.
තුර්කි ගුවන්සේවය පියාසර කරන 98 වැනි රට ශ්‍රී ලංකාවයි.
තුර්කි ගුවන් යානා සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ ඉරිදා යන සතියේ දින පහක් ඉස්තාබුල් සිට මාලදිවයින හරහා ශ්‍රී ලංකාවට පැමිනේ.
COMMENTS
ආඩම්බරයි .(ස)
සන්තෝසයි (දී)
මම මෙච්චරකල් හිතාගෙන හිටියේ ලොව හොඳම ගුවන් සේවය මිහින් ලංකා කියලා (නි)
යුරෝපයේ හොදම ගුවන් සේවය තුර්කි ගුවන් සේවයයි. ලෝකයේ හොදම ගුවන් සේවය කටාර් ගුවන් සේවය වන අතර 7 වැනි තැන තමයි තුර්කි ගුවන් සේවයට ලැබිලා තිබෙන්නේ. ශ්‍රි ලංකන් ගුවන් සේවයට ලැබී ඇත්තේ 70 වෙනි තැනයි. (නි)
හැබැයි මාර ගණන් .(ස)
ලෝකේ හොදම ගුවන්සේවය වෙන්නේ සිංගප්පූරුව.(නදී)
ඒක අපේ මුළු දිවයිනටම ලොකු ආඩම්බරයක්. (දී)
කවිද කියන්නේ තුර්කිය යුරෝපයේ හොදම ගුවන්සේවය කියලා.(නදී)
යුරෝපයට ගමන්වාර පහක් යනවයි කියන්නේ ශ්‍රී ලංකන් ගුවන්සේවයට ලැබෙන ආදායමෙන් සියයට විස්සක අඩුවීමක්. කරුණාකර අපේ මගී ජනතාව ශ්‍රී ලංකන් ගුවන්සේවයම භාවිතා කරන්න. අපේ ශ්‍රී ලංකන් පාලක මන්ඩලයත් අනවශ්‍ය වියදම් අඩු කරලා ජනතාවට හොද සේවයක් ලබාදෙන්න බලන්න.(නදී)
කව්රු කොහොම කිව්වත් මම එකග වෙන්නෙ නැහැ මේ පුවතත් සමග. ලොව සහ යුරෝපයේ මීට වඩා හොද ගුවන් සේවා තිබෙනවා. ඕනෑ නම් පහදා දෙන්න පුළුවන්. (නි)
අපි තාමත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට ආදරෙයි.. දඬුමොණරට හෙණ ගහලා දියබරියෙක් ගත්ත දවසේ ඉඳන්.. හිතට ටිකක් හරි මදී..(ස)
අනේ හොඳයි, එතකොට ශ්‍රී ලංකන් එකට කටුනායකයි,මත්තලයි අතර පාඩුවේ දුව දුවා ඉන්න පුළුවන්. (නි)
තුර්කි ගුවන් සේවයට වඩා ශ්‍රි ලංකා ගුවන් සේවට හොඳයි .(ස)
බලන්නත් ලස්සනයි (දී)
ලෝකයේ නොම්මර එකේ සේවය දෙන්නේ එමිරේට්ස් සහ එයාර්වේස්. (නි)
මටත් කියන්න තියෙන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය හොඳයි.ඇඟට පතට නොදැනී පියාසර කිරීම සහ ගොඩබෑම් කරන නිසා.(නදී)
එයාර් ලංකා තරම් කිසිම ගුවන් සේවයක් මිනිසුන්ගෙන් පැසසුම් ලබලා නැහැ. (නි)
ලෝකයේ 2012 හොදම ගුවන් සේවය කොරියන් ගුවන් සේවයට..!(නු)
යුරෝපා වල හොදම සේවය මේක නම්, යුරෝපා රටවල ඉදලා අපේ මිනිස්සුන්ට මේක දෙන්න එපැයි. (නි)
තුර්කි ගුවන් සේවයට වඩා ශ්‍රි ලංකා ගුවන් සේවට හොඳයි. මම එහෙම කියන්නේ නියමුවන්ගේ දක්ෂකම් මැනලයි. ඒකෙන් කියන්නේ අනතුරු වලට ලක්වීමම නොවේ. ඇගට පතට නොදී ගොඩබෑම් ආදිය දිහාත් බලල. අනික ඔය එන්නේ ලංකාවේ ඉදන් මාලේ වලට යන ශ්‍රි ලංකන් එකේ කැලි ටික අහුලන්න. අනික ඇයි ශ්‍රි ලංකන් ගුවන් සේවයේ තියන යානා 27යි මිහින් එකේ තියන යානා ටිකයි අරගෙන ඇමරිකා මහද්වීපයට ගුවන් සේවා අරබන්න බැරි? එතකොට ලංකාවෙන් යන අයට ඩුබායි වල නිකන් කාලේ කන එකවත් නැතිවේවිනේ.(නදී)
ආපු එක හොදයි. ඒත් අනුන්ගේ ඒවා වර්නනා කර කර ඉන්නේ නැතුව ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා එකට එකතු කරලා වෙන නමක් දාලා හිරි කලමනාකාරිත්වයට යන වියදම නැති කරලා මගීන්ට හොද සේවයක් දෙන්න පුළුවන්නම් හොදයි.(නදී)
අපේ ඇමතිතුමෙක් නම් කිවුවේ මිහින් ලංකා කියලා. (නි)
අර පොල් කඩන්න ගිය මිනිහා හොරකං කරපුවා මතකද..... ඉතින් අපේ ගුවන් සේවයට මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද (ස)
ගුවන්සේවා ආරම්භ කරන එක හොදයි.අපේ ගුවන් සේවා දෙකට තමයි තාමත් අපි කැමති. ශ්‍රී ලංකන්, මිහින් ලංකාට ජය!(නදී)
ඔබේ කීම හරියටම හරි. මම දැනට ගුවන් සේවා හයක ගමන් කරලා තියෙනවා.ලංකාවේ නිලධාරීන් තරම් නිවැරදිව,පහසුව ගොඩබාන තවත් අය හමුවුනේ නෑ.එයට හොඳම සාක්ෂිය ඔබට පිටිපස්සේ ඉන්න සංචරකයොන්ගේ විශ්මය .(නදී)
අපේ සුබ පැතුම් (ස)
හොදම ගුවන්සේවය ගැන කතාකරන්න කලින් ගුවන් යානාවල ගමන්කර තිබීම ඉතා වැදගත්.(නදී)
පිටරට දේ සිරි සැප දේ.(ස)
දන්නේ දනිති. (නි)
කාටද ආඩම්බර (දී)
ලොවේ හොදම ගුවන්සේවය කටාර් ගුවන්සේවයයි. (නදී)
අපේකමයි, කුහකකමයි නැතුව මම හේමාල් සමග එකග වෙනවා. (නි)
ශ්රී ලංකා ගුවන් සේවය තාමත් හරියට කළමනාකරණය කරගන්න බැහැ.. ටිකට් ගත්තට ගුවන්තොටුපොලේදි කියනවා ආසන නැහැ කියලා.. වෙන දවසක දාන්නද කියාල.. මේ වගේ මිනිසුන් ඉන්නකම් ඕක දියුණු කරන්න බැහැ.. මීට වඩා සැළසුමක් ඇතිව වැඩ කළ යුතුයි.. මෙය මට දෙවරක් උන අත්දැකීමක්.. (නු)
කොයි හැටි කොහොම වෙතත් ශ්‍රී ලංකන් එකේ ඉන්න වයස වැඩි අය අයින් කරනව නම් හොදයි.(නදී)
කටාර් ගුවන් සේවය එක උනේ කොහොමද මම දන්නේ නෑ. මම නම් අයෙත් යන්නේ නෑ කියලා හිතාගත්ත. SKYTRAX සමීක්ෂණ සාධාරණ නෑ. (ස)
හලාල් කෑම විකුණන්නේ ඒවා කන්න කැමති අයට විතරයි. (නි)
ඇත්ත ඇති සැටියෙන් පවසනවනම් ලොව හොදම ගුවන්සේවය වුනේ ශ්‍රී ලංකන් ගුවන්සේවය. ඇත්තටම එහෙම ආකර්ශනයක් ආවේ එවකට අපේ දයාබර ගුවන් සේවිකාවෝ ඇද පැලදගෙන හිටිය මොනර පිහාටු රාශියන් සමග පසුතලය දිලිසෙන ලස්සන කොලපාටක් නිසා බව මගේ හැගීමයි. දැන්වත් එම ලස්සන ඔසරිය නැවත අදින්න කිවිවා නමි ලොව අංක එකට නැවතත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පැමිනෙයි.(නදී)
අනේ අනේ... (ස)
එතකොට සිංගප්පූර්, බ්‍රිටිස් ගුවන්සේවය, එතකොට කැතී පැසිපික්.(නදී)
මම මේකේ කාලසටහන බැළුවා. ඩුබායි ඉදලා එන්නේ. හරියට පරංගියා කෝට්ටේ ගියා වගේ. ඩුබායි,තුර්කි,කොළඹ නැතුව පුළුවන්නම් ඩුබායි සිට කොළඹ සෘජු ගමනත් දාන්න.(නදී)
රනිල් හරි, කවිද කියන්නේ ලෝකේ හොදම ගුවන්සේවය තුර්කි ගුවන්සේවය කියලා.(නදී)
තුර්කි ගුවන් සේවය යුරෝපයේ 2011 වසරේ හොදම ගුවන් සේවය. ලෝකයේ හොදම ගුවන් සේවය නෙවෙයි. (නදී)
ලෝකයේ හොදම ගුවන් සේවා 1. කටාර් 2. ඒසියානා 3. සිංගපූරු 4. කැතේ පැසිපික්.. 5. ඕල් නිපෝන්. 6. එතියාඩ් 7. තුර්කිෂ් 8. එමිරේට්ස් 9 තායි. 10 මැලේසියා(නු)
අපේ ගුවන් සේවය දියුනු වෙලා (දී)
සෘජු ගුවන්ගමන් ශ්‍රී ලංකන් ගුවන්සේවය යන නිසා මම තෝරාගෙන තියෙන්නේ ශ්‍රී ලංකන් එක්ක යන්නයි. සේවය තව ට්කක් හොද වුනානම් අපූරුයි.(නදී)
රොෂාන් හරියට හරි. කටාර් ගුවන් සේවය යුරෝපයට එක සේවයකුත් දකුනු ආසායාවට තව සේවයකුත් දානවා.(නදී)
තුර්කි තමයි ලොව හොඳම ගුවන් සේවය කියලා කවුද කියන්නේ (ස)
සන්තෝසයි ,,,,,,සන්තෝසයි ,,,,,,(දී)
මම හිතන් හිටියේ මිහින් ලංකා කියලයි (ස)
අපේ මිහින් ලංකා යානා මාලේට වැඩි කරන්න. ශ්‍රී ලංකන් යානා පැරිස්, රෝම් වලට , ෆෑන්ක්පට් වලට ගමන් වාර වැඩි කරන්න. ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන ඒ රටවල ප්‍රචාරය හරිම අඩුයි. තානාපති කර්යාල ටිකක් අවදි කරවන්න, ඒ ගැන. (නි)
බලන්නකෝ ඒකේ හැටි (දී)
අනිත් ගුවන් යානාවල මිලට වඩා මිළ වැඩියිද? (නි)
ඔය ඇවිල්ලා තියෙන්නේ හොදකට නෙමෙයි.. ශ්‍රී ලංකන් ගුවන් සේවය වට්ටන්න.. අහුවෙන්න නම් එපා..!(නු)
ඒත් අපිට ලංකාවේ ඉදගෙන දකුණූ ඇමරිකාවට යන්නත් කොච්චර දුකක් විදින්න ඕනෑද? (නි)
තුර්කි ගුවන් සේවය හොදයි. සේවයත් හොදයි. ෂීට් හොද ප්‍රමිතියකට තියෙනවා.(නදී)
අපට ආඩම්බරයක් .(ස)
හුරේ! අපිට හලාල් තියෙනවා. (නි)
ඇයි ලෝකෙ හොදම ගුවන් සේවය කියලා බොරුවට දාන්නෙ.. මේවා හොදයි කවදාවත් ලංකාවෙන් පිට නොගිය අයට..!(නු)
සජිත්ගේ කථාව සහතික ඇත්ත. ලංකාවේ අයව ගණන් ගන්නේ නැති කමත් සමහර අපේ ගුවන් සේවිකාවන් ළඟ තියෙනවා. මිත්‍රශීලී බවක් නැහැ.(නදී)
සමන් මම ඔබ සමග එකග වෙනවා.. කටාර් හොද නැහැ කියලා. නමුත් ඔයා යන කලාපය අනුව ඒක වෙනස් වෙනවා.. යුරෝපයේ කටාර් ගුවන් සේවය තරු පහේ පහසුකම් තියෙනවා.. නමුත් අපි මැද පෙරදිග සිට ලංකාව හෝ ඉන්දියාව පැත්තට යනකොට පහසුකම් මදි.!(නු)
ඒ වුණාට මේකේ යන අයට කියන්නේ තමන්ගේ ගමන් මලු ප්‍රවේශම් කරගන්න කියලා. (නි)
නියමයි (දී)
එන එක නම් හොදයි. හොද සේවාවක් දෙන්නේර් ශ්‍රී ලංකන් ගුවන් සේවය විතරයි.(නදී)
ලෝකයේ හොදම ගුවන් නියමුවන් ඉන්නේ ලංකාවේ. ඒ ගැන නම් ආයි කතා දෙකක් නැහැ. (නි)
පිටරටට ආවඩමින් ඉන්නේ නැතුව අපේ පාඩු පිට දුවන අපේ ගුවන්සේවා දෙකම එකතුකරලා ශක්තිමත් කලමනාකරණයක් මත ශක්තිමත් ගුවන්සේවයක් හදන්න ඕනේ. නැත්නම් අපිට වෙන්නේ ගුවන් සේවා දෙකම නැතිවෙන එකයි.(නදී)
අනුර ඔයා කැතී පැසිපික් ගුවන්සේවයේ ගිහින් තියනවද?(නදී)
මම මාස 3 කට වරක් වත් සිංගප්පුරුවේ සිට ලංකාවට එනවා. මම මගේ රටේ දේවල් වලට කැමති වුවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පාවිච්චි කරන්නේ නැත. ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් සලකන්නේ සුද්දන්ට පමණි. එම නිසා මම එමිරේට්ස් ගුවන් යානා තෝරා ගනිමි. අපේ ගුවන් සේවිකාවන් ආකල්ප අතින් දියුණු දවසට අපේ ගුවන් සේවය දියුණු වෙනු ඇත. (නි)
මීට වැඩිය හොද ගුවන් සේවා යුරෝපයේ ඇත්තෙම නැද්ද? (නි)
සතුටුයි. (නි)
මම නම් කියන්නේ හොදම එක අලිතාලියා.(නදී)
සජිත්ගේ කතාව ඇත්ත. මමත් නිතර යනවා වුණත් අපි කලු හින්දද කොහෙද සැළකිළි නැහැ. (නි)
http://www.worldairlineawards.com/Awards_2012/europe.htm (නි)
පැරිසියේ සිට ලංකාවට ශ්‍රී ලංකන් ගුවන් සේවය සතියකට දින 4ක් ගමන් කරනවා. ඊට අමතරව අනෙකුත් ගුවන් සේවා දිනකට ගමන් වාර 10ක් පමණ තිබෙනවා. නමුත් මෙම සියලුම සේවා අතරින් ශ්‍රී ලංකන් තමයි හොඳම ගුවන් සේවය. පැය 9ක් වැනි කෙටි කාලයකින් පැරිස් සිට ලංකාවට ලගා වෙනවා. අනිකුත් ගුවන් සමාගම් අපේ ලංගම වගේ පැය14 කට වඩා යනවා. විදේශිකයන් වැඩියෙන් කැමති අපේ ගුවන් සේවයට. (නි)
මෙයාලා ඔය වගේ අදහස් දක්වන්න හරිම දක්ෂයි..!(නු)
මේක අපි ලබපු ජයග්‍රහණයක් (දී)
ටර්කි බ්‍රෑන්ඩ් කියලා කුකින් ඔයිල් එකකුත් තියෙනවනේ. (නි)
අලුත් ගුවන් යානයක් කොළඹට පැමිණීම අගය කලයුතු දෙයක්. ඒ වගේම ශ්‍රී ලන්කන් හොද සේවාවක් දෙනවනම් මගීන් එය තෝර ගනී. ලගකදී ඉදලා ශ්‍රී ලන්කන් සේවාව ටිකක් පහත වැටිලා. සමහර විට දැන් තරගකාරීත්වය වැඩි වෙනකොට සේවාව හොද වෙවී.(ස)
ලොව හොඳම ගුවන්සේවය??????? යුරෝපයේ හොදම ගුවන්සේවය????? අනේ මන්දා තුර්කි ගුවන් සේවය හොද එකක් නෙමෙයි..... .(ස)
තුර්කියේ ඉන්නවා මගේ යාලුවෙක්. අහලා කියන්නම්. (නි)
යුද්ධය තිබුණා නම් ඔය එකක්වත් නැහැ. (නි)
2000 මුල් බාගයේ නම් ශ්‍රී ලන්කන් දකුණු ආසීයාවේ හොදම ගුවන් යානය උනා, ඒ වගේම කාර්ගෝ හසීරීමේත් වීශේෂ ස්ථානයකට පැමිණියා. ශ්‍රී ලන්කන් එකේ ග්රෝඋන්ඩ් ස්ටෆ්ෆ් ලගේ සේවාව නම් ඒ තරම් සතුටු නැහැ. (ස)
ආඩම්බරයි! (නි)
අපේ ශ්‍රී ලංකන් අපට හොදයි.(නදී)
දේශපාලනීකරණය වීම නිසා අපේ ගුවන්සේවා දෙකට කවදාහරි වෙන්නේ ලංගමයට උනු දේම තමයි.(නදී)
දැන් තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයට වඩා ටර්කි හොදයි. (නි)
මනෝජ් කියලා තියෙනවා කටාර් ගුවන්සේවය කියලා. එතකොට ඉතියෝපියා, නයිජීරියා, බංගලාදේශ තව තොච්චර තියෙනවද?(නදී)
මම මෙච්චරකල් හිතන් හිටියේ ලොව හොඳම ගුවන් සේවය ශ්‍රී ලංකන් කියලා. අපරාදේ තුර්කි වලට පරාද වුණේ .(ස)
ලංකාවට මොකක් හරි ආවොත් ඒක ලෝකෙ ලොකුම එක හරි, ලෝකේ හොදම ඒක,,,වෙන ඒවා ලංකාවට එන්නේ නැත්ද,, අනේ මන්ද මේවා මිනිස්සු විස්වාස කරනවනේ...(ස)
මම නම් කියන්නේ ලෝකයේ හොදම ගුවන් සේවය මිහින් ලංකා කියලයි. (නි)
අපෝ! ශ්‍රී ලංකන් එක දැන් මෙලෝ රහක් නැහැ. වයින් බියර් විතරක් දීලා ලොකු ගානක් ගන්න නිසා ශ්‍රී ලංකන් එපාවෙලා . ගියපු කාලයක්වත් මතක නැහැ. (නි)