ශ්රී ලංකාවේ කුළු බඩු ගෝලීය වෙළෙඳපොළ තුළ ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව විදේශවල මෙරට කුළුබඩු අලෙවි කරන මධ්‍යස්ථාන ආරම්භ කරන බවත් එහි පළමුවැන්න ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර දී ආරම්භ කරන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී පැවැසීය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලය එක්ව දිවයින පුරා විවිධ ප්‍රදේශවල ප්‍රචලිත මෙරට ඉපැරැණි ආහාර වට්ටෝරු 160ක් ඇතුළත් කරමින් රචිත ‘පුරාණ ආහාර වට්ටෝරු 160ක්’ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එම කරුණු කීවේය
ශ්‍රී ලංකාවේ සූපවේදීන්ට නව නිර්මාණ, නවෝත්පාදන කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදෙන ගෝලීය මට්ටමේ මුළුතැන්ගෙයක් ආරම්භ කරන බවත් එමගින් මෙරට සූපවේදීන් පුහුණු කිරීමේ වැඩසටහන් පවත්වන බව ද අමාත්‍යවරයා මෙහිදී කීවේය.
ඊට අමතරව නිවැරදි සූපශාස්ත්‍රවලට අනුකූල ශ්‍රී ලංකාවට ආවේණික ආහාර වර්ග ගෝලීය වෙළෙඳපොළට ගෙන යෑමේ වැඩසටහනක් ද වෝටර්ස් එජ් හෝටලය හා එක්ව ආරම්භ කරන බව ද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
රාජ්‍ය අංශය මගින් ක්‍රියාත්මක වන වෝටර්ස් එජ් හෝටලය පසුගිය සමයේදී ලාභ ලැබූ බවත් ඒවායේ ප්‍රතිලාභ ජනතාවට සහ එම ක්ෂේත්‍රයට හිමිවිය යුතු බැවින් නව වැඩසටහන් රැසක් ආරම්භ වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදි තවදුරටත් කීය.
055



COMMENTS
අනේ මහත්තයෝ ලංකාවේ හදන සොච්චමක් කුළුබඩු විකුණලා කවදානම් ඔය ණය කන්දරාව ගෙවන්නද? අනික කුළුබඩු කියන්නේ උදේ, හවස කෑමට ගන්න දෙයක්ද? එක වතාවක් ගත්තාම අායෙත් ගන්නේ මාසෙකට දෙකකට පස්සේ. එ්කත් මුළු පවුලකටම ග්‍රෑම් 100ක් විතර. අඩු තරමේ දිනපතා අැඟේ උලාගන්න සුවඳ විලවුන් ද්‍රව්‍යයක්වත්, නැතිනම් අර කාර් වාහනවල එල්ලන සුවඳගහන කුප්පියක්වත් ආයුර්වේද ක්‍රමයට හදලා රට පැටෙව්වොත් අවුරුදු කීපයකින් ණය "කම්මුතු" කරගන්න තිබුණා. කෘෂි නිෂ්පාදන රට යවලා එව්වාගෙන් ණය පියවනවා කියලා හිතනවා නම් එ්ක කවදාවත්ම වෙන්නේ නැති වැඩක්.
පාඨලි ඔයාගේ නම ටිකක් ගොඩේ වගේනේ. ඒ නිසා අද කාලෙට ගැලපෙන විදියට ඔයාගේ නම මොඩ්කරලා ගමු. නරකද පාඨලී වෙනුවට පාර්ට්-ලී කියල දැම්මොත්? නිකම් බ්රූස්-ලී වගේ නේද?
ඔය කියන විදියට අපේ කුළුබඩු ගන්න රටවල් වල කාමර කෑල්ලක් කුලියට ගන්න මාසේ කුලිය හොයාගන්න අවුරුදු පහක් එතන කුළුබඩු වික්කත් බැහැ. අන්තිමේ වෙන්නේ කොටි ගානක් යටකරල දන්නා කියන උන් රොත්තක් රට පටවන එක. පිටරට ඕනතරම් තියෙනවා වෙනත් රටවල්වලින් එන කුළුබඩු හොහොම අඩුමිලට. උදාහරණයක් විදියට කුලුබදුවක් නොවුනත් සුදුපොල්තෙල් ගැන කතාකලොත් පිලිපිනෙන් එන සුදුපොල්තෙල්වල මිල අපේනිෂ්පාදනවල මිලෙන් භාගයක්. හැමදෙයක්ම එහෙමයි. කොහුලනු වලින් වියන සෝදාපාලුවට පස ආවරණය කරන පැදුරු ඉන්දියාවෙන් එන්නේ ඉතා අඩු මිලකට, වෙන එකක් තියා ඉන්දියාවෙන් එවන ශීතකළ (වරක් යන්තම් නුවතුරේ දමා, තැම්බූ බවට සටහන් කර ඇති) අමු මුරුංගකරල් පවා තුට්ටුදෙකයි. අපේ රටේ අහක දැම්මත් ඒ ගණනට එව්වා යවන්න බැහැ. ඉන්දියාවත් චීන්නුත් භාණ්ඩ අපනයනය කරන්නේ සියයට එකක් ලාභගත්තත් ඒ විදේශ විනිමය කියල හිතල. ඒනිසා ඔය බොරු වැඩ වලට මුදල් සහ කාලය නාස්ති නොකර, පුලුවනිනම් අපනයනය කරන කර්මාන්ත සහ සමාගම් වලට ඇති සියලුම බදු, අමුද්‍රව්‍ය ආනයන බදු සහ, ඉන්දන බදු, දුරකථන බදු, විදුලි බදු, වට බදු, ඇතුළු වෙනත් ව්‍යංග බදු සියල්ල ඉවත් කරන්න. එවිට ඉබේම නිතරඟයෙන් අපේ නිපැයුම් විකිනෙයි.
ඇමතිතුමා කරන්න හදන්නේ තම හිතවතුන්ට පිටරට රැකියා ලබාදෙන්නැයි. ලංකාවේ කුළු බඩුවලට වෙලා තිබෙන්නේ මිල අධිකකම විතරයි. හීනැටී සහල් රාත්තලකට ඩොලර් පහක් අය කරනවා. අනෙක් දෙයත් ඒවගේ තමා. අපි වැඩිපුරම කන්නෙ ලංකාවේ සම්බා බත් මිසක් හීනටි සහල් කන්න වත්කමක් නැත. අනෙක් කුළුබඩු ලංකා වෙළඳ සැලකින් ලබා ගන්නවා. කිතුල්පැණි බෝතලේ අඩියට වෙන්න ඉතා ඝනකමින්යුත් සුකිරීවැනි දෙයක් තිබුණා. ලංකාවෙන් අපනයනකල පිසින ලද අහාර පිරිසිදු නැති වග එම නගරයේ අධිකාරීන් එම වෙළෙඳ සලට දැනුම් දී ඇත. මම ලියන්නේ මගේ ඇත දැකීමයි. කජු නම් අපනයනය කරන්න සිතන්වත් එපා. කජු රාත්තලක් ඩොලර් 6 කට ගත හැකි.
චන්දිම මහතා සමග 100% එකග වෙනවා
හරියට සාම්පල් එකක් එවන්න බැරි රටේ ඉන්න වංචා කාරයන් කොහොමද පිටරට වල අපේ කුළුබඩු විකුණන්නේ? මම අවුරුදු 25ක් ජර්මනියට කුළුබඩු ගෙන්නන නිසයි මෙහෙම කියන්නේ. අපේ රටේ සමහර ඇමතිලා ඉන්නවා කරන සබ්ජෙක්ට් එක දන්නේ නැහැ. ලේකම් තමයි ඔවුන්ගේ දෙවියෝ..