ජපානයෙන් ලද රුපියල් කෝටි 430ක ආධාරයෙන් සංවිධානය කිරීමට නියමිත කටුනායක බණ්ඩනාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව ඉදිකිරීම් වෙනුවෙන් මේ සතිය තුළදී ටෙන්ඩර් කැදවන බව රජය කියයි. ගුවන්තොටුපලේ මගීන් එක්කෝටි විසිලක්‍ෂයක් හැසිරවීමේ ඉලක්කය වෙත 2015 වසර වනවිට ළඟා වීමට බලාපොරොත්තු වන බව ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති කර්නල් ප‍්‍රසන්න වික‍්‍රමසුරිය පවසයි. නව මගී පර්යන්තයක් ද අලූතින් ඉදිකැරේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්‍රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ ගුවන් තොටුපොල පෞද්ගලික කළ යුතුයි.. දැන් බලන්න ටෙලිකොම් එක කොච්චර දියුණුද කියලා, ඉස්සර ගම් දහයකට එක දුරකථනයයි.. දැන් බලන්නකෝ එක ගෙදර දුරකථන දෙක තුන තියෙනවා..
මේ රට යන තරමට මෙතන සංවර්ධනය නොකර බෑනේ (ස)
ආධාර වලින් 70% ඇමතිගේ සාක්කුවේ
හැම පැත්තෙන්ම සංවර්ධනය කියල ගසා කන එක තමයි කරන්නෙ.. අපේ ලංකාවෙ ගසා කෑම නැතිව මොන දෙයක්ද කහරියට කළේ...??
අපේ ලංකාවේ ගසා කෑමකින් තොරව මොන දේද හරියට කරලා තියෙන්නේ
ඔකෙන් වැඩකට ගන්න වෙන්නෙ භාගයක් විතර තමයි.. කොහොම හරි කසිකබල් තාලෙට ගොඩනැගිලි ටිකක් හදයි.. පේනවානේ ඇතුලෙ හදල තියෙන ඒවාගෙ ප්‍රමිතිය.. ඇත්ත තිත්තයි...
ගුවන් තොටුපළට අමුතුවෙන් ණය ආධාර අවශ්‍ය නෑ.ඒක උපයන මුදලින් ඒක දියුණු කරන්න පුලුවන්
හොද දෙයක්.ඒ වුණත් ලංකාවේ දුම්රිය ටිකට වෙලාවට එන්න රේල් පාරවල් ටිකක් හැදුවනම් වටිනවා
ගොඩනැගිලි හදනවට වැඩිය වැඩ කරන අයට නිවැරදි සහ නිතිමය පුහුණුවක් දීම වැදගත් කියලයි මම නම් කියන්නේ
ලංකාවට උමං දුම්රිය ප්‍රවාහන ක්‍රමයක් අවශ්‍යයි.මේක විශේෂයෙන්ම කොළඹට වැදගත්.
පාලිත ඩුබායි සමග මම එකඟයි .. කතාව ඇත්ත .. අතේ තියන් ඔහේ ඉන්නවා නෙමෙයි ..පිටු පෙරල පෙරල හොරෙක්ද කියල හොයනවා ... රටට ඇතුල් වෙද්දී සුහදව පිළිගන්න ඉන්න කට්ටිය හැම කෙනා දිහාම බලන්නේ හොරු කියල හිතාගෙනයි ... මොනවා කරන්නද ඒ කට්ටියත් ඉතින් කොහොම හරි හොරෙක් අල්ලාගෙන උසස් වීමක් ගන්නනේ බලන් ඉන්නේ ..
@ සමරසුරිය .... මහත්තයෝ මේ නිකන් පොලොව උඩ යන පරණ කොච්චි ටිකත් ගොඩ ගන්න බැරුව තව මොන උමන් දුම්රියක්ද ? තවම ලංකාවට උමන් දුම්රිය ඉක්මන් වැඩියි .. තවම ගැලපෙන්නේ නැ .. ඔබතුම කියන ඒවා අහල ඕව කරන්න ගියොත් රටේ ජනතාව කබලෙන් ලිපට වැටෙනවා
ඔය ගන්න ණය මුදල සම්පූර්ණයෙන් සංවර්ධනයට යොදවාවිද???
සමහරුන්ගේ වත්කමින් අපි තේරුම් ගත්තා ගොඩක් දේවල්.ඒ නිසා මේ දේවල් වලින් වැඩක් තියෙයි කියලා මම නම් හිතන්නේ නෑ
අපිට ගම දාලා යන්න වෙයිද?
ඒක තමා දැන් මදිවෙලා තියෙන්නේ
අලුත් පර්යන්තයක් කෙසේ වෙතත් ඔතන ඉන්න පරන ආගමන නිලධාරි ටික මාරුකරලා කාර්යයක්ෂම අය දාන්න. මොකද එලියට එන්න ගියාම පැය ගණන් රස්තියාදු කරනවා සීල් ගහන්න පොත ගත්තම අතේතියන් ඔහේ ඉන්නවා....
ගුවන්තොටුපලේ ඉන්න මිනිස් කාක්කෝ නැත්නම් කරදරයක් නැතුව ගෙදර යන්න පුළුවන්....