කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන සහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග
කොමර්ෂල් බැංකු සමූහය 2022 මූල්‍ය වසර ශක්තිමත් මෙහෙයුම් කාර්ය සාධනයකින් අවසන් කිරීමට සමත්වී තිබෙන අතර අනාගතය සුරක්ෂිත කරන උපාය මාර්ගික තීරණ ගණනාවක්ම බැංකු සමූහය විසින් මෙහිදී ක්‍රියාත්මක කර ඇතැයි එම බැංකුව සඳහන් කරයි.
සාර්ව ආර්ථිකය තුළ අවිනිශ්චිතතා රැසක් මතුවූ මූල්‍ය වසරක් වූ මෙම කාලයේ දී ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව සහ එයට අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහයේ වත්කම් රුපියල් බිලියන 516.063 කින් හෙවත් සියයට 26.02 කින් වර්ධනය වී රුපියල් ට්‍රිලියන 2.5කට ළඟාවී තිබෙන අතර සමූහයේ දළ ආදායම සියයට 71.31 කින් රුපියල් බිලියන 280.387 ක් දක්වා වර්ධනය වී තිබේ. මේ අතර, පොලී ආදායම සියයට 67.44 කින් රුපියල් බිලියන 222.393 ක් දක්වා වර්ධනය වී තිබේ.
කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුම් දී තිබෙන්නේ සමූහයේ ණය පොතේ වටිනාකම රුපියල් බිලියන 151.239 කින් හෙවත් සියයට 13.81 කින් 2022 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මාස 12ක කාලය තුළ දී වර්ධනය වී තිබෙන බවයි. මෙම වසර තුළ දී විදේශ මුදල් ණය සහ අත්තිකාරම් මත රුපියල අවප්‍රමාණය වීමේ බලපෑම මෙයට ප්‍රධානතම හේතුව වී තිබේ. රුපියල අවප්‍රමාණය වීමේ බලපෑම වට්ටම් කළ පසුව මේ වසර තුළ පෞද්ගලික අංශය ලබාගත් ණය විශාල වශයෙන් අඩුවීම හමුවේ බැංකු සමූහයේ ණය පොතේ සුළු වර්ධනයක් දැකගත හැකිවේ. මේ අතර, සලකා බලන මූල්‍ය වසර තුළ දී රුපියලේ අවප්‍රමාණය සමඟ තැන්පතු රුපියල් බිලියන 505.103 කින් හෙවත් සියයට 34.30 කින් වර්ධනය වී තිබේ.
මෙම මූල්‍ය වසර තුළ දී බැංකු සමූහය විසින් හානි පූරණ ගාස්තු සහ අනිකුත් අලාභ වෙනුවෙන් රුපියල් බිලියන 71.924 ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන අතර එය රුපියල් බිලියන 46.784 කින් හෙවත් සියයට 186.10 කින් ඉහළ යාමකි. 2021 වසරේ දී මේ වෙනුවෙන් රුපියල් බිලියන 25.140 ක් වෙන්කර තිබුණි. මේ හේතුවෙන් සලකා බලන වසර තුළ දී බැංකු සමූහයේ ශුද්ධ මෙහෙයුම් ආදායම සියයට 5.47 කින් රුපියල් බිලියන 64.712 ක් දක්වා පහළ ගිය අතර 2022 හතර වන කාර්තුවේ දී සියයට 24.90 කින් රුපියල් බිලියන 13.147 ක් දක්වා පහළ ගොස් තිබේ. කෙසේවෙතත්, සලකා බලන වසර තුළ දී බැංකු සමූහයේ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 43.038 කින් හෙවත් සියයට 45.98 කින් රුපියල් බිලියන 136.637 ක් දක්වා වර්ධනය වී ඇත.
බැංකු සමූහයේ මූල්‍ය වාර්තාවලට බලපා තිබෙන බාහිර සාධක පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා මෙසේ පැවසීය. ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය නිසා දේශීය සාර්ව ආර්ථිකය පීඩනයට පත්ව තිබෙනවා. මේ තුළ ශ්‍රී ලංකාවේ විදේශීය මුදල් ද්‍රවශීලතාව සහ බැංකුවල ප්‍රාග්ධන ප්‍රමාණත්වය විශාල පීඩනයකට ලක්වූ නිසා සලකා බලන වසරේ දී ද්‍රවශීලතාව කළමනාකරණය කර ගැනීම ප්‍රමුඛ කාර්ය භාරයක්. අරමුදල්වල පිරිවැය වැඩිවීම වළක්වාලීමට නොහැකි වුවත් මූල්‍ය වත්කම් යළි මිලකරණයට සහ යළි තුලනයට ගත හැකි සෑම පියවරක්ම ගත්තා. මෙහිදී, ගාස්තු පදනම් කරගත් ආදායම් වර්ධනය වූ බවත් පොලී නොවන පිරිවැය පිළිගත හැකි මට්ටමක පවත්වා ගෙන යාමට හැකිවූවා.
සලකා බලන වසරේ දී බැංකු සමූහයේ මෙහෙයුම් වියදම් සියයට 22.34 කින් රුපියල් බිලියන 36.282 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එයට පුද්ගල වියදම් වර්ධනය වීම, රුපියල අවප්‍රමාණය වීම, අනිකුත් මෙහෙයුම් වියදම් වර්ධනය වීම, වත්කම් නඩත්තු කිරීම සඳහා යන විදේශ මුදල් ගෙවීම් වැඩිවීම, අගය එකතු කිරීමේ බදු අනුපාත වර්ධනය වීම හේතුවී තිබේ. මේ අතර, සලකා බලන කාල සීමාව තුළ දී බැංකු සමූහයේ මූල්‍ය සේවා මත බදුවලට පෙර මෙහෙයුම් ලාභය සියයට 26.73 කින් අඩුවී රුපියල් බිලියන 28.430 ක්වී තිබෙන අතර 2022 හතර වන කාර්තුවේදී සියයට 68.43 කින් අඩුවී රුපියල් බිලියන 2.881 ක්වී ඇත.
මේ අනුව, සලකා බලන මූල්‍ය වසර තුළදී බැංකු සමූහයේ බදුවලට පෙර ලාභය රුපියල් බිලියන 24.505 ක්වී තිබෙන අතර එය 2021 වසරට සාපේක්ෂව සියයට 25.65 ක පහළ යාමකි. සලකා බලන වසරේ දී ශුද්ධ ලාභය සියයට 0.45 කින් රුපියල් බිලියන 24.399 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර 2022 හතරවන කාර්තුවේදී ශුද්ධ ලාභය සියයට 69.53 කින් වර්ධනය වී රුපියල් බිලියන 8.939 ක්වී තිබේ. කොමර්ෂල් බැංකුව වෙනම ගත්විට සලකා බලන වසරේ දී බදුවලට පෙර ලාභය සියයට 29.38 කින් පහළ ගොස් රුපියල් බිලියන 22.598 ක්වී තිබෙන අතර බදුවලට පසු ලාභය සියයට 2.7 කින් වර්ධනය වී රුපියල් බිලියන 22.970 ක්වී ඇත. 2021 වසරේ දී කොමර්ෂල් බැංකුව බදුවලට පසුව රුපියල් බිලියන 23.606 ක ලාභයක් වාර්තා කිරීමට සමත්විය.
මේ අතර, බැංකුවේ අනිකුත් ප්‍රධාන මූල්‍ය දර්ශක බැලීමේ දී පෙනී යන්නේ බැංකුවේ කොටසකට අදාළ ශුද්ධ වත්කම් වටිනාකම සියයට 18.99 කින් වර්ධනය වී රුපියල් 164.30 ක්වී තිබෙන බවයි. එය 2021 වසරේ දී රුපියල් 138.08 ක් විය.
මේ අතර, 2022 දෙසැම්බර් 31 වනදා වනවිට බැංකුවේ පළමු පෙළ ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය සහ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය පිළිවෙළින් සියයට 11.389 ක් සහ සියයට 14.657 ක්වී තිබෙන අතර මෙම අනුපාත දෙකම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන අවශ්‍යතා වන සියයට 10 සහ සියයට 14 ප්‍රමාණයන්ට වඩා ඉහළින් ඇත. එසේම, සලකා බලන මූල්‍ය වසර තුළ දී බැංකුවේ පොලී අන්තරය සියයට 3.74 කින් වර්ධනය වී තිබෙන අතර එය 2021 වසරේ දී සියයට 3.51 ක් විය. මෙම වසර තුළ දී බැංකුවේ වත්කම් සඳහා ප්‍රතිලාභ (බදු වලට පෙර) අනුපාතය සියයට 1.03 ක්වී තිබෙන අතර කොටසකට අදාළ ලාභය සියයට 12.46 ක්වී ඇත.
සෙලාන් බැංකුව, 2023 වර්ෂයේ පළමු මාස 6 තුළ රු. බිලියන 4.2 ක බදු-පෙර ලාභයක් (PBT) වාර්තා කරගැනීමට සමත් වී ඇත. මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 104.65 ක වර්ධනයකි
පික්මී සමාගම, ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම සමග ඇති කරගත් නව ගිවිසුමකට අනුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) තුළ කුලී රථ න
එයිට්කන්ස්පෙන්ස් ශ්‍රී ලංකාවේ ඉහළින්ම අගයන සමාගම් සහ ආයතන 10 අතරට එක්වී තිබේ. සහතික ලත් ප්‍රසිද්ධ ගණකාධිකාරීවරුන්ගේ ඇමරිකානු ආයතනය (AICPA) කළමනාකරණ ගණකාධ
ශ්රී ලංකාවේ නව පරපුරේ ව්‍යවසායකයන් සවිබලගැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද ’’SPARK 2023’’ තරගාවලියේ අවසන් මහා තරගය පසුගියදා පවත්වන ලදී.
බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය පසුගියදා පැවති 2023 Women-Friendly Workplace Awards හිදී තවත් ශ්‍රී ලාංකික සමාගම් 9 ක් සමඟ ‘වඩාත් විශිෂ්ටතම කාන්තා හිතකාමී සේවා ස්ථාන’ සම්මාන
ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධානය කරනු ලබන COMPLAST 2023 නිෂ්පාදන ප්‍රදර්ශනය ඉකුත්දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැව
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ
දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්
කොමර්ෂල් බැංකු සමූහයේ තිරසාර වර්ධනයක්