ශ්‍රී ලංකාවේ මාර්ගගත වෙළෙඳපොළක් වනQuickee තවත් ජයග්‍රාහී පියවරක් ඉදිරියට තබමින්, තමාට ම අයත් බෙදාහැරීමේ සේවාව සමඟ එක්ව භෞතිකමය සේවා මධ්‍යස්ථානයක් වන Quickee Mansion හඳුන්වා දීමට කටයුතු කර තිබේ.
කොළඹ 03 පිහිටි 'Quickee මන්දිරය‘ දින 365 ම ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයකින් සමන්විත වන අතර, එමඟින් පාරිභෝගික ජනතාවට අඛණ්ඩව සහයෝගය ලබා දීම අරමුණු කරයි. එමෙන් ම Quickee Mansion යනු Quickee හි ශක්තිමත් බෙදාහැරීම් සේවාවේ මූලස්ථානය ලෙසින් ද හඳුන්වා දිය හැකිය. ලැබෙන ඇණවුම් ආරක්ෂිතව පාරිභෝගිකයන් අතට පත් කිරීම එමඟින් තහවුරු කරයි.
ඕනෑම දිනක අලුයම 3 දක්වා බෙදා හැරීම් සේවා ලබා දෙන Quickee බෙදා හැරීමේ සේවාවේ කාර්යක්ෂමතාව නිසා ම එහි ලාංඡනයට සඳහා ලොව වේගවත්ම සත්වයා වන චීටාගේ රුව ඇතුළත් කර ඇති බව ද එම සමාගම කියයි.
'Quickee SoS' සේවාව මගින් උදෑසන 9 සිට 3 දක්වා කොළඹ හා තදාසන්න ප්‍රදේශ ආශ්‍රිත පාරිභෝගිකයන්ගේ හදිසි අවශ්‍යතා මිල දී ගැනීම් සඳහා සහයෝගය ලබා දෙන අතර, සාදයකට අවශ්‍ය දෙයක් හෝ ඖෂධ වැනි අත්‍යවශ්‍ය යමක් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම්, Quickee's 'Party SOS' සහ 'Emergency SOS' යන සේවා හරහා එය නිවසට ක්ෂණිකවම ගෙන්වා ගැනීමේ හැකියාව පවතී.
“Quickee Mansion, ශ්‍රී ලංකාවේ තරඟකාරී අන්තර්ජාල වෙළෙඳපොළ තුළ අපගේ භෞතික පැවැත් මේ නියෝජනයයි. එමගින් ගනුදෙනුකරුවන් වෙනුවෙන් අපගේ කැපවීම සහ සමීප බව පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බොහෝ මාර්ගගත අලෙවි සේවාවන්ට භෞතික පැවැත්මක් නැහැ. නැතිනම් භෞතික කාර්යාල පිහිටා තිබෙන්නෙ වෙනත් රටවල. ‘සියලු පාරිභෝගික අවශ්‍යතා සඳහා එක නැවතුම්පොළක්‘ කියන අපගේ තේමාව Quickee Mansion සමඟ යථාර්ථයක් බවට පත් වෙනවා.” යනුවෙන් Quickee හි ප්‍රධාන විධායක නිලධාරී සැමී අක්බාර් මහතා ප්‍රකාශ කළේය.
595
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1
2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2
එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි
මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
’Quickee Mansion’ විවෘත කෙරෙයි