ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්තිය ආශ්‍රිත නිෂ්පාදන සපයන්නකු වනHayleys Solar විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදනය ලෙස සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය.
මෙය ශ්‍රී ලංකාවේ ජල සැපැයුම් අභියෝගවලට තිරසාර හා කාර්යක්ෂම විසඳුමක් වන අතර, මෙමඟින් කෘෂිකර්මාන්ත කටයුතුවල සිට නිවෙසේ දෛනික ජල අවශ්‍යතාවලදී ද වැය වන බලශක්තියේ සැලකිය යුතු ඉතිරියක් ලබාදෙන බව එම සමාගම කියයි.
පහසුවෙන් ස්ථාපනය කිරීමේ හැකියාව සහ ධාරිතා කිහිපයකින් යුත් මෙම පොම්ප ස්ථාවර ජල සැපැයුමක් සහතික කිරීම සඳහා ධනාත්මක බලපෑමක් ලබා දෙන අතර, පුනර්ජනනීය බලශක්තිය සඳහා Hayleys Solar හි කැපවීම ද මෙමඟින් මැනවින් ප්‍රදර්ශනය කරන බව ද එම සමාගම සඳහන් කරයි.
දශකයකට වඩා දිගු කාලයක වෙළෙඳපොළ අත්දැකීම් මෙන්ම දිවයින පුරා මෙගාවොට් 150කට අධික සූර්ය බලශක්ති පද්ධති සාර්ථකව ස්ථාපනය කිරීමේ වාර්තාගත අත්දැකීම් සහිත Hayleys Solar යනු Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශයයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් Hayleys Fentons හි කළමනාකාර අධ්‍යක්ෂ හසිත් ප්‍රේමතිලක මහතා මෙසේ ප්‍රකාශ කළේය.
“ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය, පශු සම්පත් කළමනාකරණය සහ පතල් කැණීම ඇතුළු විවිධ ක්ෂේත්‍රවලදී ජල සම්පාදනය පිළිබඳව අභියෝග රැසකට මුහුණ දෙනවා. මෙම අභියෝග අවම කරගැනීමටත්, රටේ කාලීන ගැටලුවක් වන ස්ථාවර ජල සැපැයුමක් සහතික කිරීම කෙරෙහි තිරසාර විසඳුමක් ලෙසත් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප හඳුන්වා දීම වැදගත් වෙනවා.”
Hayleys Solarහි විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි රොෂේන් පෙරේරා මහතා මේ පිළිබඳව ඔහුගේ අදහස් මෙසේ සඳහන් කළේය.
“මහා පරිමාණ ජල සම්පාදන ව්‍යාපෘති සඳහා හරිත විකල්පයක් ලෙස මෙම නවෝත්පාදන විසඳුම වඩාත් සුදුසුයි. පුළුල් පරාසයක විහිදුණු ව්‍යාපෘති භූමිවල භාවිත කරන බහුවිධ පොම්පවලට කදිම ආදේශකයක් වන මෙම අතේ ගෙන යා හැකි සූර්ය පොම්ප පද්ධතිය සූර්ය බලය උපයෝගි කරගනිමින් උපරිම කාර්යක්ෂමතාවකින් ක්‍රියාත්මක වන අතර, එය මෙහෙයුම් පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කරන ආර්ථිකමය වශයෙන් ද ඉතා වාසිදායක විසඳුමක් වෙනවා.
එබැවින් මෙම නිෂ්පාදනය ගොවීන්, නිවාස හිමියන් සහ ව්‍යාපාරිකයන් සඳහා සැලකිය යුතු ඉතිරියක් හිමි කර දෙනවා. මළ නොබැඳෙන වානේ නිමාව නිසා මෙම පොම්පය ඕනෑම දේශගුණික තත්ත්වයක් සඳහා සුදුසු වන අතර, නඩත්තුව අවමයි. දිගු කල් පැවැත්ම සහතික කර ඇති මෙම නිෂ්පාදනය හිරු එළිය බහුල ශ්‍රී ලාංකික දේශගුණික තත්ත්වයට මැනවින් ගැළපෙන පරිසර හිතකාමී තිරසාර ප්‍රවේශයක්.”
595
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1
2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2
එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි
මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හේලීස් සෝලා වෙතින් සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප
D. C.GUNASEKARA Wednesday, 06 December 2023 08:09 AM
මේවායේ මිල ගනන් කොහොමද?