IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හම්බන්තොට වරායේ RORO මෙහෙයුම් ඒකක, මිලියන භාගය ඉක්මවයි

වසර 2022 නොවැම්බර් මස අවසානයේ හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණි, ‘හයුන්ඩායි ග්ලොවිස් හේ ෂින්’ RORO නෞකාව, ප්‍රතිනැව්ගත කිරීම සඳහා රථවාහන 4302 ක්, HIP හි වාහන අංගනයට ගොඩබාන ලද බවත් ඒ සමඟ, 2022 වසර අවසානයට පෙර RORO ඒකක 500,000ක් හැසිරවීමේ සන්ධිස්ථානය සනිටුහන් කිරීමට වරායට හැකි වී ඇති බවත් හම්බන්තොට වරාය සමාගම සඳහන් කරයි.

මෙම වසර තුළ, ඉන්දියාව, දකුණු කොරියාව, ජපානය සහ මැද පෙරදිග සිට, ප්‍රතිනැව්ගත කිරීම සඳහා රථවාහන රැගෙන HIP වෙත පැමිණි RORO නෞකා සංඛ්‍යාව 223කි. එම වාහන ප්‍රතිනැව්ගත කරන ලද්දේ දකුණු අප්‍රිකාව, මෙක්සිකෝව, මැද පෙරදිග, චිලී රාජ්‍ය සහ ජපානය වැනි රටවලටය. දේශීයව පමණක් නොව ගෝලීය ආර්ථිකයද අභියෝගවලට මුහුණ දී ඇති සමයක වුවද තම RORO මෙහෙයුම් 2021 වසර මෙන් සියයට 4ක වර්ධනයක් ළඟා කරගැනීමට HIP සමත් විය. පසුගිය වසරේ නොවැම්බර් මාසය වනවිට වරාය විසින් ප්‍රතිනැව්ගත කළ ඒකක සංඛ්‍යාව 484,467 ක් වූ අතර, 2022 වසරේ ගෙවී ගිය මාස එකොළහ තුළ කලාපීය වරාය වෙත ඒකක 505,185ක් ප්‍රතිනැව්ගත කර ඇත. මෙරටට වාහන ආනයනය තහනම් වකවානුවක මෙවැනි ප්‍රතිඵලයක් ලබාගැනීම ජයග්‍රහණයක් ලෙස වරාය සලකයි.

595



අදහස් (1)

හම්බන්තොට වරායේ RORO මෙහෙයුම් ඒකක, මිලියන භාගය ඉක්මවයි

chandima Tuesday, 10 January 2023 06:40 PM

වරාය චීනගේනේ.? නේද.?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site