IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කර්මාන්ත කලාපයට .ප්ලග් ඇන්ඩ් ප්ලේ. පහසුකම්

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කර්මාන්ත කලාපය තුළ Plug and Play (පිරිනිමි) ‘Park in Park (කලාපය තුළ කලාපයක්) සංකල්පයෙන්' නිෂ්පාදන කම්හල් ජාලයක් පිහිටුවීමටල හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) ෂෙන්ෂෙන් ෂින්ජි සමූහය සමඟ අත්වැල් බැඳගෙන ඇත.

මෙම හවුල් ව්‍යාපාර ගිවිසුමට අත්සන් තැබීම Xinji සමූහය සහ HIPG අතර පසුගිය දා හම්බන්තොට වරාය පරිපාලන ගොඩනගිල්ලේ දී පාර්ශවයන් දෙකේම ප්‍රධාන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු විය.

HIPG ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු පවසන්නේ මෙම නව ගිවිසුම හම්බන්තොට වරායේ ප්‍රධාන සැලැස්මට අනුකූල වන බවයි. කඩිනමින්ම තම නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට යුහුසුළු වන නිෂ්පාදකයන් සඳහා Xinji සමූහය විසින් ලබා දී ඇති මෙම පහසුකම මහඟු අස්වැසිල්ලක් වන අතර හම්බන්තොට කර්මාන්ත කලාපය සහ ශ්‍රී ලංකාව නිෂ්පාදකයන්ට ආකර්ශනීය ගමනාන්තයක් කිරීමට රුකුලක් වන බව නොඅනුමානයි” යනුවෙන් ද ඒ මහතා පැවසීය.

Xinji සමූහයේ සභාපති යැං ලින් පවසන්නේ, මෙම සංකල්පය සුවිශේෂී වන්නේ ව්‍යාපාර පවත්වා ගැනීමට ඇති බාධා ඉවත් කිරීමල යටිතල පහසුකම් සැපයීම සහ අවශ්‍ය මානව සම්පත් ලබාදීම ඇතුළු ආයෝජකයන් සඳහා වන සියලු පහසුකම් අප විසින් පිරිනමන බවයි. ආසියාවේ වෙළඳපොළ සොයා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පිවිසෙන සැහැල්ලු කර්මාන්ත නිෂ්පාදකයන්ට සහ වෙළෙඳුන්ට මෙය මහඟු පිටුවහලක් වනු ඇතැයි ද ඒ මහතා පැවසීය. ෂෙන්ෂෙන් ෂින්ජි සමූහය 2013 සිට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් හා නිෂ්පාදන යන අංශ දෙකෙහිම ක්‍රියාත්මක වන ආයතනයකි.

කර්මාන්ත කලාපය තුළ වර්ග මීටර් 9000 ක භූමි භාගයක මෙම නව පහසුකම ඉදිකරන අතර “Park in Park” ආකෘතිය තුළින් ආයෝජන පිරිවැය බෙහෙවින් අඩු කර ගැනීමට හැකි වනු ඇත'' අනාගත ආයෝජකයන්ට සෘජු පිරික්සුම්” (“check in”) සේවාවන්ගෙන් ප්‍රයෝජන ගත හැකි අතර එය නිෂ්පාදන කාලය වේගවත් කිරීමට උපකාරී වනු ඇත. Xinji විසින් සපයනු ලබන මූලික යටිතල ව්‍යුහය කර්මාන්ත උද්‍යානයට ඇතුළු වන ව්‍යවසායකයන්ට ආර්ථික ප්‍රතිලාභ බොහෝමයක් උදා කරනු ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන 16 ක අධි තාක්‍ෂණික කාර්මික පහසුකම සැහැල්ලු කර්මාන්ත ආයෝජකයන් සඳහා එක් නැවතුම්පොළක” (“one-stop”) පහසුකම් සපයනු ලැබේ. අතිරේක ද්‍රව්‍ය ප්‍රසම්පාදනය සහ වෙළඳ විකුණුම් පිළිබඳ Xingjiසමූහයේ අත්දැකීම මඟින් නිෂ්පාදන අමුද්‍රව්‍ය සපයන ව්‍යවසායකයන් සඳහා ප්‍රසම්පාදන සහාය සහ නිෂ්පාදන සහ බෙදාහැරීම් කටයුතු සිදු කරන ව්‍යාපාර වෙත විකුණුම් සහාය ලබා දෙනු ඇත.

 



අදහස් (0)

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කර්මාන්ත කලාපයට .ප්ලග් ඇන්ඩ් ප්ලේ. පහසුකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 164 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 150 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site