IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හැමතැනම බිස්නස් අඩුවෙලා

ගල්වල ප්‍රදේශයේ  ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන අලෙවි සැල් පීරමින් අපි ඉදිරියට ඇදුනෙමු. ඒ අතර අපට මුණගැසුණු තවත් ව්‍යාපාරිකයකු වන්නේ සින්නෙයියා නවරත්නම්ය. ටී.එස්.ආර්. හාඩ්වෙයාර් ස්ටෝර්ස් සින්නෙයියා මහතාගේ ව්‍යාපාරික ස්ථානයේ නමයි. අවුරුදු 25ක  පමණ කාලයක් සින්නෙයියා මහතා මෙම ස්ථානයේ සිය ව්‍යාපාර කරගෙන ගොස් ඇත. යකඩ සම්බන්ධ සෑම අංශයක්ම මෙම ව්‍යාපාරික ස්ථානයෙන් ඔහු ආවරණය කරයි.


Q මේ දවස්වල බිස්නස් කොහොමද?


මේ දවස්වල හාඩ්වෙයාර් අයිටම්ස් යන්නේ නැහැ. යනවා අඩුයි. සීසන් එකට තමයි අපේ බඩු ගොඩාක් විකිණෙන්නේ. ඉස්සර නම් ජනතාව අතේ යම් මුදලක් ගැවසුණා. දැන් නම් මුදලක් තිබුණත් ඒවා ජීවිතය පවත්වාගෙන යාමට එදිනෙදා අවශ්‍ය දේවල් ගන්න යොදවනවා. 
ගෙවල් දොරවල් හදනවට වඩා කෑමට බීමට මුදල් යොදවන්න සිදුව තිබෙනවා. 
සීසන් එක පටන් ගන්නේ අප්‍රේල්වල ඉඳන්. එතකන් අත්‍යවශ්‍යම කීප දෙනෙක් විතරයි අපෙන් බඩු අරන් යන්නේ. මේක අපිට විතරක් නෙවේ හැම හාඩ්වෙයාර් එකකටම පොදු කාරණාවක්.


Q බිස්නස් අඩුවෙන්න හේතුව මොකක්ද?


මේ  ක්ෂේත්‍රය තව දියුණු වෙන්න ඕන. ඉදිකිරීම් ක්ෂේත්‍රය  තාම එක තැන පල්වෙන ගතියක් තමයි තියෙන්නේ. මේක  තව පිකප්වෙලා එන්න ඕන. මං ළඟ සේවකයන් 07 දෙනෙක් වැඩ කරනවා. ඒ අය හොඳ සහයෝගයක් ලබාදෙනවා මට. පසුගිය කාලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටී තිබුණා. මහ පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිත් ක්‍රියාත්මක වුණේ අඩුවෙන්. ඒ වගේම සාමාන්‍ය ජනතාවත් අලුත් ඉදිකිරීම්වලට යොමු වන්නේ අඩුවෙන්. මේ සියල්ල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ද්‍රව්‍ය බිස්නස් අඩුවීමට බලපා තිබෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රය එදාට වඩා සුළු පිබිදීමක් පෙන්නුම් කරනවා. මේ ක්ෂේත්‍රය තවත් දියුණු වුණොත් අපටත් බිස්නස් හොඳ වේවි.

 



අදහස් (0)

හැමතැනම බිස්නස් අඩුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site