IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


හෝටල් හිමියෝ සහනයක් පතා ජනපතිට ලියති

 
(ගෝනපිනුවල, දයාසිරිල් ධම්මික)

සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සඳහා සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් රජයේ වාණිජ බැංකු වලින් ලබාදුන් ණය මුදල් නැවත ගෙවීමේදී ඒ සඳහා අය කරනු ලබන පොලී මුදල සඳහා සහනයක් ලබාදෙන ලෙස හෝටල් හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.

කොරෝනා වසංගතය නිසා අඩපණවී ඇති සංචාරක කර්මාණ්තය යලි ක්‍රියාත්මක කිරීමට රජය විවිධ යෝජනා මේ දින වල ගෙන එමින් පවත්නා අවස්ථාවක මෙම යෝජනාව රජයට කරන බව ඔවුහු ඉල්ලා සිටියහ. සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් හිමියන්ගේ හමුවකදී මෙම තොරතුරු හෙළි විය.

මෙවැනි සහනයක් ලබාදුනහොත් අඩපණවී ඇති සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීමට විශාල ශක්තියක් වන බවද හෝටල් හිමියෝ කීහ.

උතුරු යුරෝපයේ පදිංචි ධනවත් අයට ශීත සෘතුවේදී දකුණු යුරෝපයේ පෞද්ගලික නිවාස ඇති බවත් එම ශීත සෘතුවේදී ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමෙන් රජයට විශාල විදේශ විනිමයක් ලබාගැනීමට හැකි බවත් ඔව්හු පෙන්වා දෙති

දැනට බැංකුවලින් සැප්තැම්බර් මස දක්වා නවතා තිබෙන ණය මුදල් වල පොලිය අය කිරීමේදී ඒ සඳහා සහනයක් ලබා දෙන්නේ නම් එම මුදල් වලින් තම ආයතනවල ඇණහිට ඇති නඩත්තු කටයුතු කිරීමට හැකි බවද හෝටල් හිමියෝ කියති.

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු, පලාත් පාලන ආයතනවලට ගෙවන බදු, මුදල් සංචාරක මණ්ඩලයට ගෙවන සංචාරක බද්ද නැවත සාමාන්‍ය තත්වයට පත්වීමෙන් පසුව ගෙවීම් කරන තුරු නවතා දැමීමට කටයුතු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.

 



අදහස් (1)

හෝටල් හිමියෝ සහනයක් පතා ජනපතිට ලියති

sk Tuesday, 08 December 2020 07:56 AM

වැඩක් වෙන්නේ නැ අද කවුරුත් මේ ගැන කතා කරන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 161 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 650 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1053 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site