සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ බැංකු කටයුතු දිරිමත් කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ හැටන් නැෂනල් බැංකුව මගින් දින පහක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇත. එම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ සිට මෙහි පැමිණි බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (තැන්පතු සහ ප්‍රේෂණ) කැලුම් විජේසුරිය මහතා නැගෙනහිර පළාත සංචාරයක නිරතවූ අතර අල් කොබාර් කාල්ටන් හෝටල් සංකීර්ණයේදී මාධ්‍ය හමුවක්ද සංවිධානය කර තිබිණි.
ශ්‍රී ලාංකික වෘතිකයන් සහ ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජකයන් කිහිපදෙනෙක්ම හමුවු මාධ්‍ය හමුවේදී කරුණු දැක්වූ විජේසුරිය මහතා පැවසුවේ මෙතෙක් කලක් සෞදි අරාබියේ සිට හැටන් නැෂනල් බැංකුව වෙත මුදල් ප්‍රේෂණය කිරීම සහ ගිණුම් ඇරඹීම සදහා උපදෙස් ලබාදීමට තම බැංකුවේ නියෝජිතයකු නොමැති වීමේ හේතු මත ඇතිවී තිබෙන රික්තය හැකිතාක් දුරට අවම කිරීම මෙම ප්‍රවර්ධන වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ බවය.
ඔක්තෝබර් 2 වැනි දා දක්වා බැංකු ප්‍රවර්ධන වැඩසටහන සෞදි අරාබියේ ක්‍රියාත්මක වන අතර හෙට (30) සහ අනිද්දා (1) දිනවල රියාද් නුවර පිහිටි ශ්‍රී ලංකාව හා ගනුදෙනු කරන සෞදි අරාබි බැංකුවල නිලධාරින් හමුවී සාකච්ජා කිරීම සඳහා කාලවේලාවන් වෙන් කර ඇති බවත් තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව කෙටි කාලයකදී තම බැංකුවේ බලයලත් සංචාරක නිලධාරියකු මෙරටට එවීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.
මෙම ප්‍රවර්ධන වැඩසටහන සදහා සංචාරක අනුග්‍රාහකත්වය අල්රාජි බැංකුව විසින් ලබාදී තිබු අතර මාධ්‍ය හමුව සඳහා අල්රාජී බැංකුව වෙනුවෙන් බැංකුවේ සේවය කරන (ශ්‍රී ලාංකික) එම්.නවරත්නම් මහතා සහ මොහොමඩ් ඉක්බාල් මහත්වරු ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් චාලි තලයරත්න විදෙස් ගත ශ්‍රී ලාංකික සංසදයේ සභාපති එල්.එස් පතිරාජ මහත්වරුන් කණ්ඩායමක් සහභාගී වුහ.
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
හැටන් නැෂනල් බැංකුව සෞදි රික්තය පුරවයි