IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


හච්, නවතම අන්තර්ජාල සැලැස්ම හඳුන්වා දෙයි

හච්, ඔසනඔදන ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන්නන් වෙනුවෙන් සිය නවතම අන්තර්ජාල සැලැස්ම වන, Non – Stop Super Combo පසුගියදා හඳුන්වා දුන්නේය.

මෙම නවතම සැලැස්ම මඟින් ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ෆෝන් භාවිතා කරන්නන්ට ලොව වේගයෙන්ම වර්ධනය වන සමාජ මාධ්‍ය Tik Tok වෙත අසීමිත ප්‍රවේශයක් ලබා ගෝලීය වශයෙන් මිලියන 700 කට අධික පිරිසක් Tik Tok භාවිත කරන අතර, ශ්‍රී ලංකාව තුළ, සියලුම සමාජ මට්ටම් ආවරණය කරමින් මිලියනයකට අධික පරිශීලකයින් පිරිසක් Tik Tok වෙත ආකර්ෂණය වී ඇත.

මසකට රු.439ක් වැනි මිලකට දැන් Non – Stop Super Combo සැලැස්ම ලබාගත හැකි වීම නිසා, ස්මාර්ට් ෆෝන් භාවිතා කරන්නන් ඔවුන් ප්‍රිය කරන සමාජ මාධ්‍ය කිහිපයක් එකවර භාවිත කිරීමේදී දැරීමට සිදුවන පිරිවැය පිළිබඳව මින් ඉදිරියට කනස්සල්ලට පත්නොවනු ඇතැයිද හච් සමාගම කියයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් හච්හි සහකාර සාමාන්‍යාධිකාරි (ඩේටා, ඩිජිටල් සහ වී.ඒ.එස් ) යාර්තව් මාතියපරනම් මහතා මෙසේ සඳහන් කළේය. අනාගතය ගැන සිතන ජංගම සන්නිවේදන සේවා සපයන්නෙකු ලෙස, අනෙකුත් සමාජ ජාල යෙදුම් සමඟ ඒකාබද්ධව Tik Tok හඳුන්වාදීමත් නිසා, ඉහළ වටිනාකමක් සිය සේවා තුළින් අඛණ්ඩව පිරිනමනවා. තවද වර්තමානයේ මෙම යෙදුම් වෙත ප්‍රවේශ වීමට ඒ සැලසුම් රාශියක් භාවිතා කරන ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය භාවිත කරන්නන් හට Non-Stop Super Comboමිලදී ගැනීමෙන් අඛණ්ඩ සමාජ ජාල අත්දැකීමක් භුක්ති විඳිය හැකිය.”

595



අදහස් (0)

හච්, නවතම අන්තර්ජාල සැලැස්ම හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 307 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 418 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 394 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site