IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සියැට් ටයර් නිෂ්පාදනය 72,000කින් වැඩිකරයි

(චමින්ද මුණසිංහ)

දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමෙන් මගින් විදේශ විනිමය පිරිමසා ගැනීමේ රජයේ උත්සාහය සඳහා සහයෝගය ලබාදීමට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම සිය මෝටර් රථ ටයර් නිෂ්පාදන වාර්ෂික ධාරිතාවය සියයට 16 කින් ඉහළ නංවමින් සමාගමේ නිෂ්පාදනය පුළුල් කිරීමේ සැලසුම යටතේ වාර්ෂිකව නිෂ්පාදනය කරන මෝටර් රථ රේඩියල් (PCR/Van) ටයර් සංඛ්‍යාව 72,000 කින් ඉහළ නංවා තිබේ.

මෝටර් රථ ටයර් නිෂ්පාදනය පුළුල් කිරීමේ සමාගමේ 2021 සැලසුමෙහි පළමු අදියර මේ ආකාරයෙන් ක්‍රියාත්මක කර තිබෙන අතර මේ සඳහා කැලණියේ පිහිටි සියැට් නිෂ්පාදන සංකීර්ණයේ අලුතෙන් ටයර් ප්‍රෙස් යන්ත්‍ර දෙකක් සවිකර තිබේ. මෙම නව ප්‍රෙස් යන්ත්‍ර දෙක ශ්‍රී ලංකාවේ සියැට් නිෂ්පාදන සංකීර්ණයේ සවිකර තිබෙන පළමු හයිඩ්‍රොලික් වර්ගයේ ප්‍රෙස් යන්ත්‍ර වන අතර මේ ආකාරයෙන් තාක්ෂණය ඉහළ නැංවීම නිසා සියැට් නිපදවන ටයර වල ගුණාත්මක තත්ත්වය තවත් ඉහළ නැංවීමට හැකිවනු ඇතැයි එම සමාගම සඳහන් කරයි.

මෙම පුළුල් කිරීම හේතුවෙන් සියැට් විසින් වාර්ෂිකව නිෂ්පාදනය කරන මෝටර් රථ සහ වෑන් ටයර් සංඛ්‍යාව 500,000 ක් ඉක්මවන අතර වඩාත් ප්‍රචලිත අඟල් 12 සිට අඟල් 14 ප්‍රමාණයේ ටයර් මෙම නව යන්ත්‍ර වලින් නිපදවනු ලබයි. මෙම ටයර් Maruti 800, Suzuki Alto, Estilo, Wagon R, Omni, Swift සහ Liana, Mahindra Maximo, Nissan Sunny FB 15, FB 14, N 16, March, Bluebird සහ AD Wagon, Toyota 110, 121, Vios, Soluna, Starlet සහ Carina, Honda Civic, Hyundai Accent, Perodua (VIVA Elite) සහ Cherry QQ රථ වලට ගැළපෙන බව සමාගම සඳහන් කරයි. මෙම ටයර් සඳහා දේශීයව ඉහළ ඉල්ලුමක් තිබෙන අතර විශේෂයෙන්ම රජය විසින් තාවකාලිකව ටයර් ආනයනය කිරීම සඳහා පනවා තිබෙන තහනම හේතුවෙන් ඉල්ලුම තවදුරටත් ඉහළ ගොස් තිබේ.

නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමේ වැඩසටහනෙහි දෙවන අදියර ද ඉතාමත් ඉක්මනින් සිදුකරන බවත් ඒ යටතේ තවත් ටයර් ප්‍රෙස් යන්ත්‍ර දෙකක් සහ ටයර් ගොඩනැගීමේ යන්ත්‍රයක් සවිකරන බවත් සමාගම සඳහන් කරයි. මෙම පුළුල් කිරීම මගින් වසරකට නිපදවන රේඩියල් ටයර් සංඛ්‍යාව තවත් ටයර් 100,000 කින් වැඩි කිරීමට සැලසුම් කර තිබෙන බවද සමාගම අනාවරණය කරයි.

මෙම පුළුල් කිරීමේ කටයුතු පිළිබඳව සියැට් කැලණි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා මෙසේ පැවැසීය. ‘පසුගිය වසර පුරාම අපගේ දැක්ම වී තිබුණේ ආනයන අඩුකිරීම සඳහා ජාතික වශයෙන් ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය ලබාදීමට වෙළෙඳපොළ අවශ්‍යතාව තිබෙන ටයර් වර්ග සහ ප්‍රමාණවල නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමටයි. මෙම අරමුණ වෙනුවෙන් ගෙන්වූ සමහර යන්ත්‍ර ක්‍රියාත්මක තත්ත්වයට ගෙන ඒම කොරෝනා වසංගතය නිසා පනවා තිබෙන සංචරන සීමා නිසා ප්‍රමාද වුණා. එහෙත් රේඩියල් ටයර් අමතර නිෂ්පාදනය දැන් සිදුවන අතර එම නිෂ්පාදන වෙළෙඳපොළට එකතුවනවා.’

ටයර් ආනයන සීමාවන් නිසා ට්‍රක් රථ, බස්, ත්‍රි රෝද රථ, මෝටර් රථ වෑන් ටයර් සඳහා දේශීයව ඇති වෙමින් තිබෙන ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා සියැට් කැලණි හෝල්ඩින්ග්ස් විසින් පසුගිය වසරේදී සමාගමේ සියලුම නිෂ්පාදන කම්හල්වල ධාරිතාව පුළුල් කරන ලදී. ශ්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් හරි අඩක් පමණ සපයන සියැට් සමාගම පසුගිය අගෝස්තු මාසයේදී පැවසුවේ මගී බස්රථ සහ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දේශීය ටයර් අවශ්‍යතාව සියයට 100 කින් සපුරාලීමට දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවන බවයි. මේ තුළින් වසරකට ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 11 ක විදේශ විනිමයක් ඉතිරකර ගත හැකියැයි ගණන් බලා තිබේ.

 



අදහස් (0)

සියැට් ටයර් නිෂ්පාදනය 72,000කින් වැඩිකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31291 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13483 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10992 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 100 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 930 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site