සෙලාන් බැංකුව මෙරට ජනතාවට පූර්ව අනුමැතිය සහිත සුවිශේෂී ලීසිං පහසුකම් සමගින් තම සිහින වාහන මෙරටට ගෙන්වා ගැනීමට අවස්ථාව උදා කර දී තිබේ. මෙය ආනයනකරුවන්ට මෙන්ම රථවාහන ලෝලීන්ට දැනට තමන් සතුව පවතින වාහනය වෙනුවට වඩාත් ඉහළ පන්තියේ වාහනයක් අත්පත් කර ගැනීමට හෝ අලුතින් වාහනයක් මිලදී ගැනීමට ලැබෙන අවස්ථාවක් වනු ඇත.
මෙම නව ලීසිං ක්‍රමය, ගනුදෙනුකරුවන්ගේ සිහිනය සැබෑ කරන රථවාහන ආයෝජනයක් සඳහා සරල මාවතක් පිරිනමන සුවිශේෂී මූල්‍ය විසඳුමක් ලෙස හැඳින්විය හැකි වේ. විශේෂයෙන්ම තරුණ වෘත්තිකයන්ට සහ ව්‍යවසායකයන්ට මෙය අනගි අවස්ථාවක් වනු ඇත. සෙලාන් බැංකුවේ පූර්ව අනුමැතිය හිමි ලීසිං ක්‍රමය මගින් ගනුදෙනුකරුවන්ට රථවාහන ආනයනයේදී ආනයන බදු පියවීම සඳහා අත්වැලක් සපයන අතර, එමගින් ඔවුන්ට ණයවර ලිපි නිකුත් කිරීමේදී තරගකාරී කොමිස් අනුපාත හිමි වේ. එමෙන්ම ලීසිං සඳහා විශේෂ පොලී අනුපාත, නාවික රක්ෂණ සඳහා වට්ටම් සහ රථවාහන රක්ෂණ සඳහා වට්ටම් ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් මෙම ලීසිං ක්‍රමය මගින් ගනුදෙනුකරුවන්ට හිමි වනු ඇත.
මෙම ලීසිං පහසුකම් ලබාගැනීමේදී කඩිනම් සේවාවක් සමගින් ගනුදෙනුකරුවන් වෙතටම පැමිණ අවශ්‍ය සේවා ලබාදීමටද සෙලාන් බැංකුව කටයුතු යොදා තිබේ. ගනුදෙනුකරුවන්ට මෙම ක්‍රියාවලිය තවදුරටත් පහසු කිරීම සඳහා විශේෂ උපදේශකවරයකුගේ මගපෙන්වීම ලබාදීමටද සෙලාන් බැංකුව පියවර ගෙන ඇත.
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිහින වාහනය මෙරටට ගෙන්වාගන්න සෙලාන් පූර්ව අනුමැතිය සහිත ලීසිං