ශ්රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ප්‍රතිඇනිගත කිරීමේ වැඩසටහන යටතේ එයාර්බස් 330-300 පුළුල් බඳ සහිත දෙවැනි ගුවන් යානය ඊයේ(19) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
‘සිටි ඔෆ් සිහගිරි‘ ලෙස නම් කර ඇති මේ යානය ඈත පෙරදිග ගමනාන්ත වන කැන්ටන්, ෂැන්හයි, බීජිං සහ හොංකොං වෙත මෙහෙයුම් සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.
පසුගිය ඔක්තෝබර් මාසයේ දී මෙම වර්ගයේ පළමු ගුවන් යානය මෙරටට ගෙන්වීමෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රතිඇනිගත කිරීමේ වැඩසටහන ආරම්භ විය. 2015 වසරේදී මෙම වර්ගයේ තවත් ගුවන් යානා පහක් මෙරටට ගෙන්වීමට නියමිතය.
මීට අමතරව A350-900 ගුවන් යානා 8ක් ක් ද ලබා ගැනීමට නියමිතය. මින් ගුවන් යානා 3ක් 2016 ලබා ගැනීමට නියමිත අතර 2017 වන විට ඉතිරි යානා 4 ගෙන්වා ගැනීමට නියමිතය. ‘වන්වර්ල්ඩ්‘ ගෝලීය ගුවන් සේවා සන්ධානයේ නවතම සාමාජිකයා වශයෙන් ශ්‍රී ලංකන් සිය ගුවන් සේවා ජාලය තවදුරටත් පුළුල් කිරීමට මෙයින් අපේක්ෂා කෙරේ.
ගුවන් මගීන් 297 සඳහා ව්‍යාපාර පංතියේ ආසන 28 ක් සහ පිරිමැසුම් පංතියේ ආසන 269 ක් ද මෙම යානයේ ඇත. නවීන අභ්‍යන්තර පහසුකම් සහ සුවපහසු ගුවන් මැදිරි වලින් සමන්විත මෙහි ‘තැලස් ඇවන්ට්‘ යන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධති හදුන්වා දී ඇත. එමෙන්ම උසස් තාක්ෂණික පහසුකම් සහ වැඩිදියුණු කළ ඉන්ධන කාර්යක්ෂමතාවයන් ඇතුළත්ය.
ව්‍යාපාර පංතියේ සැප පහසු හෙරින්බෝන් හැඩයේ අති සුඛෝපභෝගී නිදන ආසන, ස්වාභාවික අවස්ථා වන ඉර බැසීම, ඉර පෑයීම මෙන්ම රාත්‍රී අහස යනාදියේ ආලෝකනය උද්දීපනය වන අයුරින් මේවා සකස් කර ඇත. සෑම ගුවන් මගියකුටම සෘජු ප්‍රවේශ මාර්ග, පුද්ගලයන් සඳහා පී.සී විද්‍යුත් සොකට් භාවිතයට හැකියාව, වයි-ෆයි සම්බන්ධතාව මගින් ව්‍යාපාර පංතියේ ගුවන් මගීන් සඳහා පුද්ගලිකත්වය සහ සුවපහසුව එක් වූ ගමනක ආශ්වාදය අත්විඳගැනීමේ අවස්ථා මෙමගින් උදා වෙනු ඇත. පිරිමැසුම් පංතියේ ගුවන් මගීන් සඳහා ද මේ හා සමාන සුවපහසුවක් අත්විඳමේ හැකියාව ඇත.
ගුවන් යානයේ අභ්‍යන්තර වයි-ෆයි සහ ජංගම දුරකථන භාවිතය සඳහා පහසුකම් සපයා දෙන ඉන්දියා උප මහද්වීපයේ ප්‍රථම ගුවන් සේවාව බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙයින්ඉතිහාසයට එක්වනු ඇත. එමඟින් ගුවන් මගින්ට ඵලදායි ලෙස ගුවන්ගත වීමට සහ තම හිතවතුන් හා සම්බන්ධ වී ගුවනේ දී මෙම පහසුකම් අත්විදීමට අවස්ථා ලැබී ඇත.
ඈත පෙරදිග ගමන් මාර්ග සඳහා ගුවන් මගීන් ප්‍රමාණය වැඩි කිරීම, පැටවුම් ධාරිතාව වැඩිකිරීම, කලාපයේ ප්‍රමුඛ වෙළෙඳපොලවල් සහ ශ්‍රී ලංකාවට ප්‍රධාන ලෙස සංචාරක ප්‍රතිලාභ අත්පත් කරදෙන වෙළෙඳපොලවල් වෙත වෙළෙඳපොල කොටස් වැඩිකිරීමට මෙයින් බලාපොරොත්තු වේ.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර සිටියේ මාස 2ක් වැනි කෙටි කාලයක දී තවත් නවතම ඒ330-300 ගුවන් යානාවක් ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට එකතු වීම තුළින් ශ්‍රී ලංකන් සතුව ඇති අනෙකුත් ගුවන් යානා නවීකරණය කිරීමට හැකියාව ලැබුණු බවයි.
මෙම නවතම ඒ330-300 ගුවන් යානා තුළින් ගුවන් මෙහෙයුම් හි සාර්ථක කාලපරිච්ඡේදයක් ආරම්භ වනු ඇතැයි ගුවන් සමාගම තරයේ විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
සතුටුදායක අාරංචියක් අහන්න සන්තෝසයි. කොහොමින් හරි ඉතාලියේ මිලාන් වලටට් ඔයින් එකක් එව්වොත් නරකද? ජනාදිපති මහින්ද මහත්මයට ජයවේවා. අපි හැමවිට ඔබ සමගයි (නදී)
සතුටු දායක අාරංචියක්. අහන්න සතුටුයි. කොහොමින් හරි මිලානෝ වලටත් එකක් එවන්න. (නදී)
මාගලී, ඔයා හරි (නදී)
මාගලී ඔයා හරි (බ)
සතුටු දායක අාරංචියක් අහන්න සංතෝෂයි.කොහොමින් හරි ඉතාලිය මිලාන් වලට ඔයින් එකක් එව්වොත් නරකද?ජනාදිපති මහින්ද මහත්මයට ජයවේවා,,,,,අපි හැමවිටම ඔබ සමගයි. (අ)
ගූඩ් ලක් ශ්‍රී ලංකා (අ)
අපට කාලයක් අසන්න ලැබුන කටුනායක නවතා තිබුණු අපේ ගුවන් යානා කිහිපයක් බෝම්බ ගසා විනාශ කල බව. ඒකාලේ පාලනයේ හිටපු අය නැවත බලය ඉල්ලන එක සිනහවට කරුණක්.(නදී)
මම හැම මසකට වතාවක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ගමන් කරන කෙනෙක්. කියන්න කනගාටුයි ගුවන් සේවිකාවන්ගේ සේවය නම් කනගාටුයි. බොරුවට ආයුබෝවන් කියලනම් කියනවා. (හේ)
යහ පාලනයක්, පල පුරුදු සේවක සේවිකාවන් අනවශ්‍ය නොවන පමණට සහ යහපත් කළමනාකරුවකු ලැබුනොත් ගොඩ තමා. නැතිනම් කෝටි ගණන් පාඩු තමයි (නදී)
මෙම ක්‍රියාව ශ්‍රී ලංකාව ඉහළ තලයකට ගෙනයනවා. කලාපයේ අනෙකුත් රටවල් සමඟ හොඳ කාර්යක්ෂම සේවාවක් ලබාදිය හැකියි. (නි)
අපිට මේ ගැන ගොඩක් සතුටුයි.(හේ)
මේ ගැන ආඩම්බරයි!(ෆහ්)
මේ අතරම මානව සම්පත් ගුණාත්මක භාවය ගැනත් සිතුවොත් හොඳයි. අපේ සේවාවේ සමහර ගුවන් සේවිකාවන් ලංකාවේ ගුවන් මගින් තුට්ටු දෙකට මායිම් කරන්නේ නැහැ. අඩු ගණනේ ගුවන් යානයේදී ඇතිවන සේවා අවශ්‍යතාවකටවත් ලංකාවේ මගීන්ව මායිම් කරන්නේ නැහැ. පුදුම අහංකාර කමක් සමහරුන්ට තියෙන්නේ. (හේ)
මේ අතරම මානව සම්පත් ගුණාත්මක භාවය ගැනත් සිතුවොත් හොඳයි. අපේ සේවාවේ සමහර ගුවන් සේවිකාවන් ලංකාවේ ගුවන් මගින් තුට්ටු දෙකට මායිම් කරන්නේ නැහැ. අඩු ගණනේ ගුවන් යානයේදී ඇතිවන සේවා අවශ්‍යතාවකටවත් ලංකාවේ මගීන්ව මායිම් කරන්නේ නැහැ. පුදුම අහංකාර කමක් සමහරුන්ට තියෙන්නේ. හැබැයි පිටරටක කෙනෙක් දැක්ක නම් ඔමරි පපා ඒ ආසන වෙතට දුවනවා. (බ)
ආඩම්බරයි! (බ)
මෙම ක්‍රියාව ශ්‍රී ලංකාව ඉහළ තලයකට ගෙන යනවා, නමුත් කලාපයේ අනෙකුත් රටවල් සමග හොඳ කාර්යක්ෂම සේවාවක් ලබාදිය හැකියි. ගල්ෆ් කලාපයේ බොහෝ රටවල් ඩොලර් බිලියන 100ක අලුත් යාන මිලිදී ගෙන යනවා ..ඒ රටවල එක්ක අපි හොඳ සේවාවක් ලබදෙයි කියල හිතනවා (බ)
යුරෝපයේ සිට ලංකාවට යෑමට මැදපෙරදිග රටවල් හරහා බොහෝ ගුවන් සේවාවන් තිබෙනවා. ඒවායේ මිලත් බොහෝ අඩුයි. සේවයත් බොහෝ ඉස්තරම්. එකම දෙය පැය 2 ක හෝ වැඩිම පැය 4 කාලයක් ට්‍රාන්සිට් කාලයයි. එහෙත් ඉතුරුවන මුදල යුරෝ 400 කට වඩා වැඩියි. ගුවන් සේවක සේවිකාවන්ගේ ලොකුකමත් නැහැ. කාටත් එකසේ සළකනවා. එහෙත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මේවා නැහැ (නි)
ඉතාලි(මිලානෝ) ගුවන් වරායක් දැම්මොත් නම් අපි අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා (නි)
ඉතාලියේ මහින්ද , ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අලුතින් ගුවන් යානයක් ගත්තත් තමන්ගේ නම තියෙන මහත්තයට ජයවේවා කියන්න තරම් මෝඩද? ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ 2011/12 වර්ෂය සඳහා පාඩුව(එම ගුවන් සේවයේම විගණන වාර්තා අනුව) රුපියල් බිලියන 17.18 බව දන්නේ නැත්ද ? (බ)
ඉන්දියන් කට්ටිය අපේ ගුවන්යානා වල යන්න පුදුම කැමැත්තක් තියෙන්නේ.එහෙත් ලංකාවේදී ගුවන් තොටුපොළේ පැයගණක් රස්තියාදු වෙන නිසා වෙන ගුවන්සේවා වල යනවා.මේකට විසඳුමක් ලබාදුන්නොත් තව හොඳවෙයි (නි)
සුපුන් සෑම මාසයකටම වතාවක් කටුනායකින් මත්තලට යනවද ? නැතිනම් මේවා කියවන පාඨකයන් කිති කැවීම සඳහා ලිව්වාද ? (ස)
කිසිවකු බිය වීමට අවශ්‍ය නැහැ , ජනවාරි 8 වෙනිදට පසු බිහිවන අලුත් රජය යටතේ ශ්‍රී ලංකා ගුවන් සේවය ලැබ ලබන සේවයක් , මගීන්ට අවශ්‍ය සේවය ලබාදෙන සේවයක් , වනවා , මොකද උගත් කමක් සුදුසු කමක් නොමැති පාලකයන් ඉවත්වන නිසා (අ)
හැම දෙකම වැරදි හොයනවා නෙවෙයි. මේවා ගත්තු වියදමත් ගොඩක් වැඩිලු. හොයල බලන්න (නදී)
හැම දේකම වැරදි හොයනවා නෙවෙයි. මේවා ගත්තු වියදමත් ගොඩක් වැඩියිලු. හොයල බලන්න (නදී)
හැමදේකම වැරදි හොයනවා නෙමෙයි. මේවාට ගිය වියදම ගොඩක් වැඩියි කියලයි මම නම් කියන්නේ. (නි)
අගනා වැඩක් (නි)
කෝටි ගණන් පාඩු ලබනවා නම් ඇයි තව තව වියදම් කරන්නේ? පළමුව පාඩු වෙන්නේ කෙසේද යන එක සොයා බැලිය යුතුයි නේද? මේ මහජනයාගේ සල්ලි නේද අපතේ යන්නේ? (නි)
මේක නව ජනාධිපතිතුමා ඉල්ලපු දෙයක් නෙමෙයි. එක පවුලක අවශ්‍යතාවයකට ගෙන්වපු එකක් (නදී)
මටත් ගුවන් ගමන් වල අත්දැකීම් අනුව ලංකාවේ සමහර ගුවන් සේවිකාවන්ගේ සේවාව ගැන පැහැදීමක් නැහැ. තවත් අයගේ අදහසත් මීට සමාන බව ඉහත ප්‍රතිචාර වලින් පෙනෙනවා. මෙය ඉතා ඉක්මනින් ගුවන් සේවා නිලධාරින් විසින් අදාළ ක්‍රියාමාර්ග ගත යුතු තත්වයක්. ඒ කියන්නේ මේ ගුවන් සේවිකාවන් සියලුම දෙනා ගෙදර යවන්න ඕනෑ කියන එක නෙමෙයි. ඔවුන්ට තවදුරටත් මනා පුහුණුවක් ලබාදී සේවාලාභියා පිළිබඳව ධනාත්මක ආකල්ප දියුණු කළයුතුයි. පාරිභෝගික සේවාවේ ගුණාත්මකභාවය පහළ දමාගෙන ලාබ ලබන්නේ කොහොමද? (නි)
මොන තරම් ඉස්තරම් යානාවල් ගෙන්නුවත් වැඩක් නැහැ ලංකාවේ ගුවන් මගින් දැක්ක ගමන් හොස්ස දික් වෙන ගුවන් සේවිකාවන් ඉන්නවා නම්. (නදී)
ශ්රී ලන්කන් විතරක් නෙමෙයි, ලංකාවේ බොහෝ ආයතනවල වැඩකරන බොහෝ අයට තමන්ගේ රැකියාවේ අභිමානය තේරෙන්නේ නැහැ. විශේෂයෙන්ම සේවා සපයන ඉදිරිපෙළ ඉන්න අය. මොනතරම් ගෙව්වත් තමන්ගේ රැකියාවේ අගය ඒ අයට තේරෙන්නේ නැහැ. (නි)
මේ ගොල්ලෝ කොහේ ගියත් දකුණු අප්‍රිකාවට යන්නේ නැතුව වැඩක් නැහැ .(දිල්)
සුබ පැතුම් අපෙනුත්! (නි)
අපේ ගුවන් සේවිකාවන්ගේ ස්වභාවය මමත් පිළිගන්නවා. නමුත් අපේ පිරිමි පක්ෂය අපේ රටේ ගැහැණු ළමයෙකු දැක්කාම අමුතුම විදියටනේ හැසිරෙන්නේ. (නි)
දකුණු අප්‍රිකාවට යන්නේ නැතුව වැඩක් නැහැ. ලංකාවට තියන ලාබම මාර්ගය ඒක. (නදී)
රවීගේ කතාව සහතික ඇත්ත. ගුවන් සේවයේ මානව සම්පත් දියුණු කළයුතුයි.මේ ප්‍රශ්නය තියෙන්නේ ලංකාවේ මඟීන්ට. අපේ ගුවන් සේවයේදී බලධාරීන් මේ ගැන සොයා බලනවා නම් ඉතාම හොඳයි (නි)
නවීන පහසුකම් යානා තිබුනට මදි, ගුවන් මගියා පැය ගණන් රස්තියාදු නොකරන, සුදුසුකම් තිබෙන ගුවන් සේවක සේවිකාවන් සේවයට ගැනිමත්, කලාපයේ අනිකුත් ගුවන් සමාගම් වල මිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමත්, දක්ෂ කළමනාකරණයත් දියුණුවට සහ ලාබ ලැබීමට ඉවහල් වෙයි. (ර)
නවීන පහසුකම් යානා තිබුනට මදි , ගුවන් මගියා පැය ගණන් රස්තියාදු නොකරන , අඩුම ගනනේ අවම සුදුසුකම් තිබෙන ගුවන් සේවක සේවිකාවන් සේවයට ගැනීමත් , කලාපයේ අනිකුත් ගුවන් සමාගම් වල මිලට ගුවන් ටිකට් විකිනිමත් ,දක්ෂ කළමනාකරණයත් දියුණුවට සහ ලාබ ලැබීමට ඉවහල් වෙයි (නදී)
අන්න හොද වැඩක්.මේ වගේ දේවල් වලින් රට තවත් දියුණු වෙනවා.(හේ)
නවීන පහසුකම් යානා තිබුනට මදි , ගුවන් මගියා පැය ගණන් රස්තියාදු නොකරන , අඩුම ගනනේ අවම සුදුසුකම් තිබෙන ගුවන් සේවක සේවිකාවන් සේවයට ගැනිමත් , කලාපයේ අනිකුත් ගුවන් සමාගම් වල මිලට ගුවන් බලපත් විකිනිමත් ,දක්ෂ කළමනාකරණයත් දියුණුවට සහ ලාබ ලැබිමට ඉවහල් වෙයි.(හේ)
අපි බොහෝ කලක් විදෙස් රටක ජීවත්වුවත් ශ්‍රී ලාංකික දේවල් බොහෝසෙයින් අගය කරමු. ඒ නිසාම හැකි පමණින් ශ්‍රී ලාංකික දේවල් මිලදී ගැනීමටත් ඒ සඳහා හැකි පමණින් යමක් කිරීමටත් සැමවිට උනන්දු වෙනවා. මේ නිසා ලංකාවට පැමිණෙන අවස්ථා වලදී ශ්‍රී ලන්කන් සේවය ලබාගන්න උනන්දු වුණේ එය ලංකාවේ ආර්ථිකයට යහපතක් වන බව දන්නා නිසාය. නමුත් මෙම ගුවන් සේවයේ සේවිකාවන්ගේ පහත් පෙළේ සේවා සැපයීම තව දුරටත් මෙම ගුවන් සේවය තුළ රැඳී නොසිටීමට හේතුවක් වුණා. මා සිතන ආකාරයට මෙයට හේතුව නම් ශ්‍රී ලංකාවේ මානසිකත්වය තුළ ගුවන් සේවිකාව යනු ඉහළ පෙළේ රැකියාවක් ලෙස සැළකීමත් අඩු සුදුසුකම් යටතේ දේශපාලන හිතවත්කම් මත ලබා ගැනීමට හැකිවීමත්ය. (නි)
කිසිම පළපුරුද්දක් නැති පාලනයත් සහ පළපුරුදු නැති සේවක සේවිකාවන් සහ ප්‍රමාණයට වඩා සේවයට ගැනීඹ නිසා අතීතයේ ලාබ ලැබු දැනට දශකයක පමණ කාලයක සිට කෝටි ගණන් පාඩු ලබන අපේ ගුවන් සේවයට දෙවියන්ගේ පිහිටයි. (නදී)
බොහොම හොද කාර්යයක් මම හදවතින්ම සුබ පතනවා (බ)
ඒ නම නම් ගැලපෙනවා (දී)
මේවා දකින්න බැරි මිනිස්සුත් ඉන්නවා (දී)
ලංකාවේ මේවත් වෙන්න ඕනේ මිට කලින් ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න ඕනේ නේද (දී)
තාක්ෂණයක මහිම කියන්නේ මේවාට තමයි (දී)
මේ තරම් තාක්ෂණයක් කරා ගියේ රයිට් සහෝදරයින්ට පින්සිද්ද වෙන්න නේද (දී)
මේවාට වඩා ලංකාවේ කරන්න වැඩ තියෙනවා නේද (දී)
ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න මේවා කරන්න වෙනවා (දී)
හොඳ දේට හොඳයි කියනවා මම නම් (දී)
ශ්රී ලාල්...ගොඩක්ම පාඩු ලබන්නේ අපට තියෙන පරණ ගුවන් යානාවල ඉන්ධන පිරිමැසීම අවම මට්ටමක තියෙන නිසා. මේ අලුත් ගුවන් යානාවල එක උපරිමයෙන් තියෙනවා....අපේ ගුවන් සේවිකාවන් මොන ගුවන් සේවයේ සේවය කරත් වෙනසක් නැහැ..කටාර් සහ එමිරෙට්ස් වල සේවය කරන අපේ අයගේ බලන්න එපෑ ආඩම්බර...හිතාගෙනඉන්නේ ලෝකයේ ලොකුම රස්සාව කරනවා කියල. (අ)
අගනා වැඩක්, ජයවේවා (දී)
මම තාම රට ගිහිල්ලා නැහැ (දී)
ලංකාව ජාත්‍යන්තරය හා සම්භන්ධ වීමේදී මෙවන් ක්‍රියා ඇති විශිෂ්ටයි (දී)
බගේජේ එකේ කිලෝ 50 හෑන්ඩ් ලැගේජ් කිලෝ 10 පුලුවන්ද මම ශ්‍රී ලන්කන් එකේ තාම ගිහිල්ල නැහැ (දී)
බැගේජ් එකේ කිලෝ 50 යි හෑන්ඩ් ලගේජ් කිලෝ 10 යි පුලුවන්ද ? මම ශ්‍රී ලංකන් එකේ තාම ගිහිල්ල නැහැ (නදී)
ගොඩක්ම පාඩු ලබන්නේ අපට තියෙන පරණ ගුවන් යානාවල ඉන්ධන පිරිමැසීම අවම මට්ටමක තියෙන නිසා. මේ අලුත් ගුවන් යානාවල එක උපරිමයෙන් තියෙනවා.(හේ)
මෙම යානයේ මංගල චාරිකාව ලන්ඩන් නුවරට කලත් ඉන් පසුව නොනවත්වා එතරම් දුරක් පියාසර කිරීමට නුසුදුසු නිසා කෙටි ගමන් සඳහා පමණක් යොදා ගැනීමට සිදුවී ඇත. (හේ)
මම දීර්ඝ කාලයක් පිටරට. එත් එක අවස්ථාවකදීවත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක යන්න බැරි වුනේ එහි අධික මිල සහ ලැබෙන උපරිම බර කිලෝ 20 ක් නිසා. පිට රට ඉන්න අපි නිතරම බලන්නේ වැඩිපුර බර ගෙනියන්නත් අඩු මුදලට ලබා ගන්නත්. (ර)
මම දීර්ග කාලයක් පිටරට එත් එක අවස්ථාවකදීවත් ශ්‍රී ලන්කන් ගුවන් යනෙක යන්න බැරි වුනේ එහි අධික මිල සහ ලැබෙන උපරිම බර කිලෝ 20 ක් නිසා. පිට රට ඉන්න අපි නිතරම බලන්නේ වැඩිපුර බර ගෙනියන්න ත් අඩුමුදලට ලබා ගන්නත්. ශ්‍රී ලන්කන් මේදවස් වල රියාද් කොළඹ ටිකට් $500 -600 බර කිලෝ 20යි , සෞදියා ටිකට් $280-325 අතර බර කිලෝ 46 සමග. (බ)
මෙම යානයේ මංගල චාරිකාව ලන්ඩන් නුවරට කලත් ඉන් පසුව නොනවත්වා එතරම් දුරක් පියාසර කිරීමට නුසුදුසු නිසා කෙටි ගමන් සඳහා පමණක් යොදා ගැනීමට සිදුවී ඇත. (නදී)
අනේ මන්දා අපේ ගුවන් සේවිකාවෝ හිතන් ඉන්න එයාල තමා පොෂ් කියල තමුන්ගේ රස්සාව හරියට කරන්න දන්නෙත් නැහැ . දැන් ඉන්න අයගේ ලස්සනකුත් නැහැ. (අ)
නව යුගයකට පා තබන අපේ මව් රටේ අපේම ගුවන් සේවයෙන් ගමන් කිරීමට, අවස්තාව ලැබේවි කියල සතුටක් ඇතිවෙනවා. අපි මෙතෙක් ගමන් කළේ වෙනත් ගුවන් සමාගම් වලින්. මොකද අපට සිදුවූ අපහසුතා නිසා සහ අපි බලාපොරොත්තු වෙන්නේ කාර්යක්ෂම සේවයක් මින් ඉදිරියට ලැබේවි කියලා. නොඑසේ නම් අපි එයාර් බස් ඒ 380 ලංකාවට ගෙනාවත් අපිට සිදුවෙන්නේ සුපුරුදු පරිදි අනුන්න්ගේ ගුවන් යානා වලින්ම අපේ ගමන් යන්නයි. එදා මංගල සමරවීර ගුවන් කටයුතු හදපු විදියට නැවත අවොත් අපේ සහ ශ්‍රී ලාංකිකයන්ගේ වාසනාව තමයි (නදී)
නව යුගයකට පා තබන අපේ මව් රටේ අපේම ගුවන් සේවයෙන් ගමන් කිරීමට,අවස්ථාව ලැබේවී කියල සතුටක් ඇතිවෙනවා , අපි මෙතෙක් ගමන්කළේ වෙනත් ගුවන් සමාගම් වලින්, මොකද අපට සිදුවූ අපහසුතා නිසා සහ අපි බලාපොරොත්තු වෙන්නේ කාර්යක්ෂම සේවයක් මින් ඉදිරියට ලේබෙවී කියල, නොඑසේනම් අපි එයාබස් ඒ 380 ලංකාවට ගෙනාවත් අපිට සිදුවෙන්නේ සුපුරුදු පරිදි අනුන්න්ගේ ගුවන් යානා වලින්ම අපේ ගමන් යන්නයි. එදා මංගල සමරවීර ගුවන් කටයුතු හදපු විදියට නැවත අවොත් අපේ සහ ශ්‍රීලන්කන්හි වාසනාව තමයි (බ)
අර පහුගිය දවස්වල ලංකාවෙනුත් කෝටි ගණනක් මුදල් දීල අපේ ජාතික කොඩිය ගහල අභ්‍යාවකාශයට යවපු ශ්‍රීලංකා චීන චන්ද්‍රිකාවට මොකද වුණේ?(දිල්)
අර පහුගිය දවස්වල ලංකාවෙනුත් කෝටි ගණනක් මුදල් දීල අපේ ජාතික කොඩිය ගහල අභ්‍යාවකාශයට යවපු ශ්‍රී ලංකා චීන චන්ද්‍රිකාවට මොකද උනේ? (බ)
අනේ මන්ද අපි දැම්ම ටිකට් වලට සල්ලි බදිනවා ලංකාවට එන්න .නැත්නම් ගිනි ගණන් .ශ්‍රීලන්කන් පුදුම ගණන් යුරෝ 1200 වගේ වෙනවාලු .මැද පෙරදිග ඒවා යුරෝ 690 ඉඳල තියෙනවා ..ට්‍රාන්සිට් වුණත් .ඉතින් බලන්න කීයක් වැඩිද කියල.මෙහෙ ටිකටින් කරන අය හොදට ගාන කපනවා .දවස මාරු කරන්න අසනීපයක් වෙලා හරි පරක්කු වෙලා හරි යන්න බැරි වුනොත් මුළු ටිකට් එකම යන්න බැ කියල අලුතෙන් ගන්න කියනවා .එපා වෙලා ඉන්නේ(අ)
මේවට කොහොමද නය ගෙවන්නේ - එකක මිල ඇමෙරිකානු ඩොලර් බිලියන 215 යි. මෙය මුලික මිල. අමතර ඇතුලත සැලසුම් වලට මිල වැඩිවෙනවා. මේවා අපිට අයිති නෑ. බැංකුවට අයිතිය නය ගෙවලා අවසන්වනතුරු. දවසකට කෝටි ගාණක් ලොස්ට් කියනවා නේද ? (නදී)
මම විදෙස් රටක වාසය කරන උපතින් ශ්‍රී ලාංකික, නිතරම ගුවන් ගමන්වල යෙදෙන කෙනෙක්. ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් තරම් අඩු ගරු සැලකිලි දක්වන කොටසක් තවමත් දැක නැහැ. මම සැක කලේ මගේ සමේ වර්ණය නිසා වෙන්න ඇති ඒ වෙනස කියලයි. ගුවන් සේවකයන් නම් ඉතා හොඳයි. (නදී)
අපි නම් නිවාඩුවට ලංකාවට එන්නේ වෙනත් ගුවන් සේවා යොදාගෙන. ලංකාවේ සමහර ගුවන් සේවිකාවන්ගේ ඝනකම බල බලන්න මොකට අපේ ගුවන් සේවයේ එනවද කියල එක දවසක් හිතුනා. මේ ගොල්ලන් ලංකාවේ ගුවන් මගීන්ට දක්වන කුඩම්මාගේ සැලකිල්ල ලොකු ලොක්කන්ට පේන්නේ නැද්ද මන්දා (නදී)
ඉතා හොඳයි. එ්ත් ඉතින් නාස්තිය අඩු කළා නම් මීට වැඩිය ගුවන් යානා ගන්න තිබ්බා (නදී)