සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමූහයට අයත් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි නව උප සභාපතිවරයා ලෙස සිසිර සමන්ත දාබරේ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව නොවැම්බර් 06 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ ජ්‍යෙෂ්ඨ ස්වාධීන විධායක නොවන අධ්යක්ෂ සහ උප සභාපතිවරයා ලෙස පත් කර තිබේ.
ඊට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතියද එම දිනයේදී හිමිව තිබේ. දාබරේ මහතා 2022 වසරේ සිට සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සීහි ස්වාධීන විධායක නොවන අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කළේය. මෙම පත්වීම ලබන අවස්ථාව වන විට ඒ මහතා සතුව සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම පවසයි.
සම්පත් බැංකුවේ වසර 33 කට අධික කාලයක අත්දැකීම් සහිත දාබරේ මහතා, 2021 වසරේදී බැංකුවේ විශ්‍රාම යන විට සම්පත් බැංකු සමූහයෙහි සමූහ ප්‍රධාන අනුකූලතා නිලධාරියා ලෙස කටයුතු කළේය. වර්තමානයේදී සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සීහි සභාපතිවරයා වන්නේ අශෝක් පතිරගේ මහතාය.
2025 නොවැම්බර් මස 21
130
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
221
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1072
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සිසිර දාබරේ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් උප සභාපති ධුරයට