IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සීසන් එක වුණත් බිස්නස්වල වැඩිවීමක් පේන්න නැහැ

ළඟ ළඟම එන උත්සව සමයත් සමඟ කොළඹ කොටුවේ ව්‍යාපාරිකයන්ගේ සූදානම කෙසේද යන්නත් මේ දිනවල ඔවුන්ගේ වෙළෙඳාමේ තත්වය සොයා බැලීමට ගිය ගමනේ දී අපි ගොඩවැදුනේ පීපල්ස් පාර්ක් සංකීර්ණයේ අමරා ට්‍රේඩර්ස් (AMARA TRADERS ) වෙළෙඳ ආයතනය වෙතය. අපි වෙළෙඳපොළට ගොඩවන අවස්ථාවේ ආයතනයේ සිටි පිරිස එක්ව බිස්නස් සම්බන්ධයෙන් කතා බහ කරමින් සිටිය ද අනෙකුත් වීදිවල මෙන් කඩිමුඩියේ බිස්නස් එකක් කරගැනීමට පොරකන දසුනක් දක්නට ලැබුණේ නැත.

එහිදී පීපල්ස් පාර්ක් සංකීර්ණයේ අමරා ට්‍රේඩර්ස් වෙළෙඳ ආයතනයේ හිමිකරුවන ගෝපාල් ජීවරන් මහතා මේ දවස්වල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.


පාසල් ළමයින් සඳහා අවශ්‍ය කරන විවිධ මාදිලියේ පාසල් උපකරණ තමයි අපි අලෙවි කරන්නේ. මේ වසරේ මුල් කාල සීමාවේ යම් මට්ටකට බිස්නස් තිබුණා. එහෙත් මේ දවස්වල බිස්නස් සියයට 50කින් අඩුවෙලා තියෙන්නේ. ගිය වසරට වඩා මේ වසරේ බිස්නස් අඩුයි.

පීපල්ස් පාර්ක් සංකීර්ණයේ අමරා ට්‍රේඩර්ස් හිමිකරු

ගෝපාල් ජීවරන්


Q මේ දිනවල බිස්නස් කොහොමද?

පාසල් ළමයින් සඳහා අවශ්‍ය කරන විවිධ මාදිලියේ පාසල් උපකරණ තමයි අපි අලෙවි කරන්නේ. මේ වසරේ මුල් කාල සීමාවේ යම් මට්ටකට බිස්නස් තිබුණා. එහෙත් මේ දවස්වල බිස්නස් සියයට 50කින් අඩුවෙලා තියෙන්නේ. ගිය වසරට වඩා මේ වසරේ බිස්නස් අඩුයි. මේ දවස්වල සීසන් එක පැවතුණත් බිස්නස්වල වැඩිවීමක් පේන්න නැහැ.

Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?

මම වසර 18ක ඉඳන් බිස්නස් කරනවා. මේ වෙද්දී වෙළෙඳ සහයකයන් 09 දෙනෙක් අප ආයතනයේ සහ අනුබද්ධිත අනෙක් වෙළෙඳ ආයතනයේ වැඩ කරනවා. මේ දවස්වල සීසන් එකක් තිබුණත් බඩු ගන්න පාරිභෝගිකයන් නැහැ. කඩවල ඉන්නේ මුදලාලි සහ සේවකයෝ ටික විතරයි. කොළඹ කොටුවේ කඩ කියන්නේ පාළු‍වට ගියපු තැනක් නෙමෙයි. එහෙත් දැන් බිස්නස් හොඳටම කඩාවැටිලා තියෙන්නේ.
භාණ්ඩ මිල අඩුවෙයි කියලා පාරිභෝගිකයන් එක එක අදහස්වල ඉන්නවා. පවතින ආර්ථික මට්ටමත් එක්ක පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගන්න අමාරුයි වගේම වෙළෙන්දන්වන අපටත් භාණ්ඩ ගෙන්වන්න අපහසු තත්වයක් තියෙන්නේ. 

අපි බලාපොරොත්තුවෙන් හිටියා මෙවර අයවැයෙන් හරි යම් සහනයක් ලැබෙයි කියලා. එහෙත් සැලකිය යුතු මට්ටමක සහනයක් ලැබුණේ නැහැ. සීසන් එකේ දී බිස්නස් එකක් තියෙයි කියලා වෙළෙඳපොළට භාණ්ඩ නිකුත් කළත් සාධනීය වෙනසක් තවමත් දකින්න නැහැ. 

මනීෂා වීරසිංහ
ඡායාරූප :ළහිරු හර්ෂණ



අදහස් (0)

සීසන් එක වුණත් බිස්නස්වල වැඩිවීමක් පේන්න නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 173 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 53 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site