IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘සිව් දෙසටම ඩයලොග්’ මඩොල්සිමට නව කුලුනක්

ශ්‍රී ලංකාව පුරා පිහිටි අතිදුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සම්බන්ධතාව පුළුල් කිරීමේ අදිටනින් යුතුව ඩයලොග් සමාගම ‘සිව් දෙනටම ඩයලොග්’ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම ප්‍රදේශයට නව සන්නිවේදන කුලුනක් ඉදිකිරීමට පසුගියදා කටයුතු කළේය.

මඩොල්සිම ප්‍රදේශයේ ඉදිකෙරුණු නව සන්නිවේදන කුලුනට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයට අයත් නිකපිටිය සහ කරඳගම ගම්මාන දෙකෙහි ද නව සන්නිවේදන කුලුනු ඉදිකෙරිණි. තවද පුත්තලම දිස්ත්‍රික්කයේ පහරිය, පනිරෙන්ඩාව, කුඹුක්වැව සහ මැදගම ගම්මානවලත් සන්නිවේදන කුලුනු ඉදිකිරීමට කටයුතු කෙරිණි. මෙවැනි වැඩසටහන් හරහා වැඩි දියුණු කළ සබඳතා පහසුකම් තුළින් දිවයිනේ සෑම ප්‍රදේශයකම ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත සවිබලගන්වමින් උසස් තත්ත්වයකට ගෙන ඒම වෙනුවෙන් ඩයලොග් සමාගම දක්වන කැපවීම  පිළිබිඹු කරයි.

මෙවැනි අභියෝගාත්මක කාලසීමාවන්වලදී සන්නිවේදන ආවරණය පුළුල් කරමින් පාරිභෝගිකයන්ට සහායවීමට අඛණ්ඩව ගන්නා උත්සාහය යටතේ ඩයලොග් සමාගම 2022 අවසන් වන විට ඩයලොග් ජාලය තුළ 4G මොබයිල් කුලුනු 4700 කට වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇත. එය ශ්‍රී ලංකාවේ ඉදිකර තිබෙන වැඩිම සන්නිවේදන කුලුනු සංඛ්‍යාවද වේ. එමෙන්ම සියයට 95 කට වැඩි ජනගහනයකට 4G ආවරණ පහසුකම් සලසාදීමට ද ඩයලොග් සමාගමට හැකි වී තිබේ. එමෙන්ම අතිදුෂ්කර ගම් ප්‍රදේශවලට සන්නිවේදන පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා ඩයලොග් සමාගම Green Field කුලුනු උපයෝගී කරගත් අතර, ජනාකීර්ණ ප්‍රදේශවල අවශ්‍යතාවයන් වෙනුවෙන් Lamp Pole විසඳුම හරහා සේවා ලබාදී ඇත.

595

‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම ප්‍රදේශයේ ඉදිකළ නව සන්නිවේදන කුලුන විවෘත කරන අවස්ථාවට එක්වූ ඩයලොග් සමාගමේ නියෝජිතයන්

 



අදහස් (1)

‘සිව් දෙසටම ඩයලොග්’ මඩොල්සිමට නව කුලුනක්

B.R.jayalal Wednesday, 08 February 2023 10:38 PM

අපිත් ඩයලොග් සිග්නල් එන්නේ නෑ හදලා දෙන්න .වලස්මුල්ල ප්‍රදේශයේ ලේකම් කොට්ඨාශයේ,උඩහගොඩ ,නමනෙලිය ,වීදිකන්ද .මිනිස්සු ගොඩක් අපහසුතාවයට පත්වෙලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site