( තිළිණි ද සිල්වා )
ස්විට්සර්ලන්ත ජාතික බැංකුව විසින් 2016 වසර සඳහා ඉදිරිපත් කළ නවතම දත්ත සංඛ්‍යා ලේඛන අනුව ස්විස් බැංකු ගිණුම්වල ලාංකිකයින්ගේ මුදල් ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 307ක් පමණ තැන්පත් කර ඇති බව ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව ස්විස් බැංකු ගිණුම් වල මුදල් තැන්පත් කරන තැන්පතුකරුවන්ගේ ලැයිස්තුවට අනුව ශ්‍රී ලාංකියන් මුදල් තැන්පත් කිරීමේ දී ශ්‍රී ලංකාවට එම ලැයිස්තුවේ 151 වන ස්ථානය හිමිව ඇති බව එම පුවත් සේවා වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ලොව පුරා තැන්පතුකරුවන් විසින් ස්විස් ෆ්‍රෑන්ක් ට්‍රිලියන 1.42ක් තැන්පත් කර ඇති අතර ස්විස් බැංකු ගිණුම් වල වැඩියෙන්ම මුදල් තැන්පත් කර ඇති රටවල් දහය අතර පළමු ස්ථානය හිමි කර ගෙන ඇත්තේ එක්සත් රාජධානියයි.
ඊට අමතරව පිලිවෙළින් ඇමෙරිකා එක්සත් ජනපදය , බටහිර ඉන්දීය කොදෙව්,ප්‍රංශය, බහමාස් දූපත්, ජර්මනිය, ඉංග්‍රීසි ඕඩය ආසන්නයේ ඇති ගර්න්සේ දූපත්, ජර්සි, හොංකොං, සහ ලක්සම්බර්ගය යන රටවල් පිළිවෙලින් පසුවෙති.
COMMENTS
අනිවාර්යයෙන්ම මෙයින් වැඩි කොටසක් තැන්පත් කරල ඇත්තෙ මේ රටේ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ සට්ටැඹි නිලධාරීන් විසින් කොමිස් ගහපු හොරකම් කරපු සල්ලි
මේ අයගේ නම් ටික හොයා ගත්තොත් දේසප්රෙමින් ටික හඳුනාගන්න පුළුවන් .එත් රාජපක්සල බුද්දිමත්.ඒ අය සල්ලි දැම්මේ වෙනත් බැංකුවල .
ස්විස් බැංකු වල තැන්පත් කරන එක පරණ පුරුද්දක්, දැන් කරන්නේ මොසක් ෆොන්සේකා වගේ සමාගම් හරහා තැන්පත් කරන එක. ඒ නිසා තම බටහිර ඉන්දීය කොදෙව්,ගර්න්සේ මුල් 10ත ඇවිත් තියෙන්නේ.
අපිට කොච්චර ආඩම්බරයක්ද? අපේ කට්ටියත් බැංකුවේ සල්ලි දාල තිබෙන නිසා! දැන් අපිටත් කියන්න පුළුවනි අපිත් සුවිස් බැංකු කාරයෝ කියලා. අපිටත් මෙහෙම වේවිද කියාලා අපි හීනෙකින්වත් හිතුවාද? මට නම් නිකම් මොකක්ද මොකක්ද වගේ!
ස්විස් බැංකුවල තැන්පත් කරනවා වගේ නෙවෙයි. හදිසියේවත් අයිතිකාරයා මරණෙන් පසු එම බැංකුවේම ගිණුමක් හිමි අයෙකුට (බිරිඳ, දරුවන් හෝ යම් කෙකෙන්) ස්විස් නීතීඥයන් මාර්ගයෙන් පවරා නැත්නම් මෙම මුදල් බැංකුවට අයිති වෙනවා.
ඔන්න රටට වින කරපු හැටි. පේනවා නේද?
අපිට මේක ලොකු මුදලක් වුනාට, රුපියල් කෝටි 489 ක් කියන්නේ දේශපාලකයින්ට ලොකු මුදලක් නොවේ. ඔය දේශපාලනඥයින් දෙතුන් දෙනකුගේ වාහනවල මිල එකතුකරලා බලන්න.
ජයම්පති ඔබ හරියටම හරි. ඔබේ අදහසට මමත් එකඟයි.
රාජපක්ෂකවරු හොඳ වෙලාවට ගියේ.... එහෙම නොවුණා නම් මේ වෙනකොට රටම විකුණලා රටේ 99% කට හිඟා කන්නම සිද්ද වෙලා.
අපි තවම දියුනු මදි. එක එක පිල් වලට බෙදිලා ඒ ඒ පිල් වලට උදවු කරන්න හදනවා. පිල් දෙකේම ඒ අය හදන්න අපි පුරුදු වෙන්න ඔනේ. අපේ පිලේ වෑරදි වහන්න උත්සහ කරනවානම් කවදාවත් රට හදන්න බෑ..
මහත්තයෝ ස්විස් ෆ්‍රෑන්ක් 307 කියන්නේ රුපියල් කෝටි 4890 මිස කෝටි 489 නෙවෙයි. එක්ස්චේන්ජ් රේට් එක රුපියල් 159 ක් එක ස්විස් ෆ්‍රෑන්ක් එකක්... හරිද?