භානුක අමරසිංහ
මහරාජා ෆුඩ්ස් පීඑල්සී සමාගම මෙරට ක්‍රියාත්මක සුපිරි වෙළෙඳ සල් ජාලයක් වනSPAR ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම සමගින් අවබෝධතා ගිවිසුමකට පිවිසි බව පවසයි. කොළඹ නගරය තුළ අලුතින් තම සිල්ලර අලෙවිසල් හතරක් ස්ථාපිත කිරීමට මෙම අවබෝධතාවට පිවිස තිබේ.
පවුලේ ව්‍යාපරයක් ලෙස 1958 වසරේදී ලංකා ස්ටෝර්ස් නමින් යාපනයේදී ආරම්භ වුණු සමාගම පසුකාලීනව මහරාජා ෆුඩ්ස් ලෙස වෙනස් විය. වර්තමානයේදී එය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමකි.
විශේෂයෙන්ම මෙම හවුල්කාරීත්වය හරහා ජාත්‍යන්තර මට්ටමේ සිල්ලර අලෙවි ප්‍රමිති සහ මෙහෙයුම් ක්‍රියාරාමුවක් සහිත SPAR සමාගම හා එක්වෙමින් සිය නිෂ්පාදන බෙදාහැරීමේ හැකියාව වර්ධනය කරගැනීමට අවස්ථාව හිමි වන බව මහරාජා ෆුඩ්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.
එසේම මෙම මුලපිරීම සිය සිල්ලර වෙළෙඳාමේ පැවැත්ම තවදුරටත් පුළුල් කිරීම, පාරිභෝගික ප්‍රවේශය දියුණු කිරීම සහ වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ සහ සිල්ලර ආහාර අංශය තුළ සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගැනීමේ සමාගමේ දිගුකාලීන ක්‍රමෝපායේ කොටසක් බවත් සමාගම වැඩිදුරටත් පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සිල්ලර වෙළෙඳාම පුළුල් කිරීමට මහරාජා ෆුඩ්ස් SPAR සුපිරි වෙළෙඳ සල් හා එක්වෙයි