IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


සෙලාන් බැංකුව 3 වැනි වරටත් ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගනී

සෙලාන් බැංකුව, අඛණ්ඩව 3 වැනි වරටත් ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය (National Industry Expo 2025) සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය 2025 සැප්තැම්බර් 18 සිට 21 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ. 

දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ හැකියාව ප්‍රදර්ශනය කිරීම සහ එය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම ප්‍රදර්ශනයේ මූලික අරමුණයි. මෙහිදී වෙළෙඳපොළ ඒකාබද්ධකරණය (Market Integration), තාක්ෂණික දියුණුව සහ විවිධ පාර්ශ්ව අතර සහයෝගීත්වය වර්ධනය කිරීම මෙන්ම කර්මාන්තවල දියුණුව වෙනුවෙන් සෙලාන් බැංකුව ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුවනු ඇත. 

මෙම වසරේ ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ තේමාව වන්නේ “මෙතෙක් භාවිත නොකළ වෙළෙඳපොළ අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීම” යන්නයි. මෙම තේමාවට සමගාමීව මෙම ප්‍රදර්ශනය හරහා විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ ව්‍යාපාර වෙනුවෙන්ම සැලසුම් කළ මූල්‍යමය විසඳුම් පිරිනැමීමට සැලසුම් කර තිබේ. එමෙන්ම රටේ ආර්ථික දියුණුවට වැදගත් වන අදහස් හා විසඳුම් හුවමාරු කරගැනීමට ද මෙහිදී අවස්ථාව හිමිවනු ඇත. මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමට අත්වැලක් වෙමින් සහ විශ්වාසනීය මූල්‍ය සේවා සපයන්නකු ලෙස කටයුතු කරමින්, කර්මාන්තකරුවන්ට, අපනයනකරුවන්ට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අනන්‍ය වූ අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රතිමූල්‍යකරණ පහසුකම් ඇතුළු විශේෂිත බැංකු සේවා විසඳුම් පිරිනැමීමට සෙලාන් බැංකුව සූදානමින් සිටී. 

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය යනු ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය වේගවත් කිරීමට සහ රටේ ආර්ථිකය සමෘද්ධිය උදෙසා දායක වීමට අපේක්ෂා කරන සියලු‍ම පාර්ශ්වකරුවන් එකම වේදිකාවකට රැගෙන එන සුවිශේෂී ඉසව්වකි. එම අරමුණු වෙනුවෙන්ම සැලසුම් කරන ලද සුවිශේෂී මූල්‍ය සේවා රැසක් ඔස්සේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනයට උර දෙමින් එහි අනාගතය සවිබල ගැන්වීම සෙලාන් බැංකුවේ අරමුණ වී තිබේ. 

 



අදහස් (0)

සෙලාන් බැංකුව 3 වැනි වරටත් ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30562 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12561 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10907 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 794 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site