IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


සෙලාන් බැංකුවට රැ. බිලියන 8.33 ක බදු පසු ලාබයක්

2025 වර්ෂයේ තෙවැනි කාර්තුව දක්වා රු. මිලියන 12,809 ක අදායම් බදු පෙර ලාබයක් වාර්තා කිරීමට සෙලාන් බැංකුව සමත් විය. මෙය පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. මිලියන 10,608 ට සාපේක්ෂව සියයට 20.75 ක වර්ධනයකි. 

2025 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 9 ක කාලය සඳහා සෙලාන් බැංකුව රු. මිලියන 8,327 ක බදු පසු ලාබයක් වාර්තා කර තිබේ. මෙය පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. මිලියන 6,593 ට සාපේක්ෂව සියයට 26.30 ක වර්ධනයකි. 

2025 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 9 ක කාලසීමාව තුළ ශුද්ධ පොලී ආදායම රු. මිලියන 27,262 සිට රු. මිලියන 27,057 දක්වා සියයට 0.75 කින් පහළ ගොස් ඇති අතර, වෙළෙඳපොළේ පොලී අනුපාත පහළ යාම සහ ණය හා තැන්පතු ප්‍රතිමිලකරණය කිරීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත. බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකයද 2024 වසරේදී වාර්තා වූ සියයට 4.90 ට සාපේක්ෂව 2025 වසරේ තෙවන කාර්තුවේදී සියයයට 4.48 දක්වා පහළ ගොස් තිබේ. 2025 තෙවන කාර්තුව වන විට බැංකුවේ ගාස්තු පදනම් කරගත් ආදායම රු. මිලියන 5,829 සිට රු. මිලියන 6,761 දක්වා සියයට 15.99 කින් වර්ධනය වී ඇති අතර, කාඩ්පත්, ප්‍රේෂණ, වෙළෙඳ සේවා සහ අනෙකුත් මූල්‍ය සේවා මගින් ලැබුණු ගාස්තු ආදායම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. 

බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම 2024 වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. මිලියන 34,264 ට සාපේක්ෂව මෙම කාලසීමාව තුළදී සියයට 2.57 කින් ඉහළ ගොස් රු. මිලියන 35,146 ක් ලෙස වාර්තා වී තිබේ. ගාස්තු පදනම් කරගත් ආදායම් සහ වෙනත් මෙහෙයුම් ආදායම් ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. සමස්ත මෙහෙයුම් පිරිවැය 2024 වසරේදී වාර්තා වූ රු. මිලියන 15,674 ට සාපේක්ෂව 2025 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 9 ක කාලසීමාව තුළ රු. මිලියන 17,144 දක්වා සියයට 9.38 කින් වර්ධනය වී තිබේ. කාර්ය මණ්ඩලය සම්බන්ධ වියදම් ඉහළ යාම හේතුවෙන් මානව සම්පත් පිරිවැය රු. මිලියන 8,085 සිට රු. මිලියන 8,749 දක්වා සියයට 8.21 කින් ඉහළ ගොස් ඇත. අදාළ කාලසීමාව තුළ භාණ්ඩ හා සේවා මිලගණන් ඉහළ යාම හේතුවෙන් වෙනත් මෙහෙයුම් පිරිවැය සහ ක්ෂය වීම් පිරිවැයද සියයට 10.64 කින් ඉහළ ගොස් තිබේ. විවිධ පිරිවැය පාලන ක්‍රමවේද ඔස්සේ මෙම පිරිවැය අවම කිරීම සඳහා බැංකුව පියවර ගනිමින් සිටී. 

2024 වසරේ තෙවැනි කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 4,150 ට සාපේක්ෂව 2025 වසරේ බැංකුවේ හානිකරණ වියදම රු. මිලියන 772 දක්වා සියයට 81.39 කින් පහළ ගොස් තිබේ. මූල්‍ය ප්‍රකාශන තුළ ප්‍රමාණවත් ප්‍රතිපාදන ඇතුළත් බව සහතික කිරීම සඳහා බැංකුව විසින් ගෝලීය සහ දේශීය ආර්ථිකයේ වෙනස්කම්, ගනුදෙනුකරුවන්ගේ ණය අවදානම් පැතිකඩ සහ බැංකුවේ ණය කළඹේ ගුණාත්මකභාවය ග්‍රහණය වන පරිදි හානිකරණ ණය ප්‍රතිපාදන සලසා ඇති බවට සහතික කරගැනීමට පියවර ගෙන ඇත. බැංකුවේ වත්කම් ගුණාත්මකභාව අනුපාත වන හානිකරණ ණය (අදියර 3) අනුපාතය සියයට 1.48 ක් වූ අතර (2024 - 2.10%), අදියර 3 ප්‍රතිපාදන ආවරණ අනුපාතය 2025 සැප්තැම්බර් 30 දින වන විට සියයට 83.22 ක් ලෙස බැංකු ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමක පැවතිණි. 

ආදායම් බදු පිරිවැය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයේදී වාර්තා වූ රු. මිලියන 4,015 ට සාපේක්ෂව සියයට 11.64 කින් ඉහළ ගොස් රු. මිලියන 4,482 ක් ලෙස වාර්තා විය. මූල්‍ය සේවා මත අගය එකතු කළ බද්ද පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. මිලියන 3,365 සිට රු. මිලියන 3,881 දක්වා සියයට 15.33 කින් ඉහළ ගොස් තිබේ. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 2025 පළමු මාස 9 තුළ රු. මිලියන 467 සිට රු,. මිලියන 539 දක්වා ඉහළ ගිය අතර මෙය පෙර වසරේ අදාළ කලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 15.33 ක වර්ධනයකි. 

සමස්තයක් ලෙස බැංකුවේ 2025 තෙවන කාර්තුව වන විට බදු පසු ලාබය රු. මිලියන 8,327 ක් ලෙස වාර්තා වී තිබේ. මෙය 2024 වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 26.30 ක වර්ධනයකි. 



අදහස් (0)

සෙලාන් බැංකුවට රැ. බිලියන 8.33 ක බදු පසු ලාබයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 7 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 855 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site