IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සෙලාන් ටිකිරි දරුවන්ට නොමිලේ ‘ජුරාසික් වර්ල්ඩ්’ දර්ශන වාරයක්

සෙලාන් බැංකුවේ ‘සෙලාන් ටිකිරි’ ගිණුම් හිමි දරුවන්ට 'Savoy 3D' සිනමාහලේ දී 'Jurassic World – Dominion' චිත්‍රපටය නොමිලේ නැරඹීමේ සුවිශේෂී අවස්ථාවක් පසුගියදා උදා විය. තම දෙමාපියන් සමඟ මෙම චිත්‍රපටය නැරඹීමට ඔවුන්ට අවස්ථාව ලැබුණු අතර, ඒ සඳහා විශාල පිරිසක් එක් වූහ.

මේ වනවිට දරුවන්ට විනෝදාස්වාදය සඳහා ලැබෙන අවස්ථා බෙහෙවින් සීමා වී ඇති අතර, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද විවිධ දුෂ්කරතා මැද දිවි ගෙවීමට සිදු වී තිබේ. මෙවැනි තත්ත්වයක් හමුවේ, රටේ පුරෝගාමී ළමා ගිණුම වන සෙලාන් ගිණුමක හිමිකරුවන් වීම සම්බන්ධයෙන් සෙලාන් ටිකිරි දරුවන් අගයමින්, ඔවුන්ට විනෝද වීමට අවස්ථා උදාකර දීමට සෙලාන් බැංකුව සෑම විටම උත්සාහ දරයි.

මෙම අත්දැකීම තවදුරටත් රසවත් කිරීම සඳහා, සිනමා හලට පැමිණි දරුවන් වෙනුවෙන් විශේෂ සමාජ මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් ද සංවිධානය කිරීමට සෙලාන් බැංකුව කටයුතු කළේ ය. මෙහිදී අදාළ පසුතලය සමග සෙල්ෆි ඡායාරූපයක් ගෙන එය #TikiriMovies හෑෂ්ටැග් එක සමග අප්ලෝඩ් කළ යුතු වූ අතර, ඉන් තෝරාගත් ජයග්‍රාහකයන් 10 දෙනෙකුට විශේෂ තෑගි පිරිනමන ලදි.

595



අදහස් (0)

සෙලාන් ටිකිරි දරුවන්ට නොමිලේ ‘ජුරාසික් වර්ල්ඩ්’ දර්ශන වාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 348 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site