IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සෙලින්කෝ ලයිෆ් 2025 ක්‍රීඩා උළෙල කණ්ඩායම් හැගීම පුබුදුවයි

ටොරින්ටන් ක්‍රීඩාංගණය තරගකාරීවයෙන් ඒකාලෝක කරමින් සෙලින්කෝ ලයිෆ් 2025 ක්‍රීඩා උළෙල මෑතකදී පවත්වන ලදී. සමාගම විසින් පවත්වන වසරේ විශාලතම ක්‍රීඩා දිනය වෙනුවෙන් සියලුම ප්‍රධාන ව්‍යාපාරික කණ්ඩායම්, ප්‍රධාන කාර්යාලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය නියෝජනය කරමින් 1,200 ක පමණ පිරිසක් සහභාගී විය. 
මෙම ක්‍රීඩා උත්සවය මගින් තම ආයතනවල සේවකයන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් සෙලින්කෝ ලයිෆ් හි ඇති කැපවීම පෙන්නුම් කිරීම පමණක් නොව, වයස අවුරුදු 20 සිට 65 දක්වා වූ තරඟකරුවන්ගේ සහභාගීත්වයෙන් පරම්පරා කීපයක පිරිස් එක්රැස් කරමින් එකමුතුකම මත ගොඩනැගුණු සංස්කෘතියක් පිළිබුඹි කිරීමට සමාගමට හැකියාව ලැබිණි.
මීටර් 100 ඉසව්වේ සිට මීටර් 1,500 දක්වා වූ ධවන තරඟ සහ දුර පැනීම, උස පැනීම, යගුලිය දැමීම සහ කවපෙත්ත විසිකිරීම වැනි පිටිය තරඟ ඉසව් රැසක් ක්‍රීඩාංගනය උණුසුම් කළ අතර ඇවිදීමේ තරඟය සහ උද්යෝගීමත් වූ කඹ ඇදීමේ තරඟය මෙම උළෙලට අමතර රසයක් එක් කළහ.
මෙම වසරේ උත්සවයේ එක් අංගයක් ලෙස සැප්තැම්බර් මස පැවැති ක්‍රිකට්, බැඩ්මින්ටන්, නෙට්බෝල් සහ වොලිබෝල් යන කණ්ඩායම් ඉසව්වල අවසන් තරඟ වට පවත්වන ලදී. එහි අවසන් ලකුණු ගණනයට අනුව PK කණ්ඩායම සමස්ත ශූරතාව දිනාගත් අතර, NS/KS කණ්ඩායම අනුශූරතාව දිනා ගත්තේය. 
තවද, එහිදී තරඟකරුවන්ගේ තනි දක්ෂතා ද ඉස්මතු කරමින් ST කණ්ඩායමේ ඩබ්ලිව්.ඩී.වී. කාවින්ද මහතා හොඳම ක්‍රීඩකයා ලෙස කිරුළු පැළඳූ අතර TV කණ්ඩායමේ ඒ.ඩී. සාගරිකා මහත්මිය හොඳම ක්‍රීඩිකාව ලෙස කිරුළු පැළඳීය. සමාගම පුරා කණ්ඩායම් හැඟීම, දක්ෂතා සහ ක්‍රීඩා ලෝලී බව සමරමින් ක්‍රීඩා උලෙළ නිමා විය. 



අදහස් (0)

සෙලින්කෝ ලයිෆ් 2025 ක්‍රීඩා උළෙල කණ්ඩායම් හැගීම පුබුදුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site