IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සූරී රාජන් මහතාට ‘‘Service above Self‘‘ සම්මානය

වර්තමානයේ ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හමුවේ ගෝලීය වශයෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති වකවානුවක සැබෑ ශ්‍රී ලාංකිකයකු ලෙස රෝටරි සමාජයේ සාමාජිකයකු වන දේශමාන්‍ය සූරී රාජන් මහතා  ‘‘Service above Self‘‘ සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය.

මනුෂ්‍යත්වය වෙනුවෙන් සේවය කිරීම සඳහා සිය ධනය, කාලය හා ශ්‍රමය වැය කිරීම වෙනුවෙන් රොටරි සමාජයේ මිලියන 1.3 වූ සාමාජිකයන් පිරිසකගෙන් 150 ක් වූ අතලොස්සකට පමණක් පිරිනමන මෙම සම්මානය මෙවර ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කරමින් දේශමාන්‍ය සූරි රාජන් මහතා හිමිකර ගත්තේය.

සුන්දර කඳුකරයේ අගනුවර සිට පැමිණි සූරි රාජන් මහතා මහනුවර රෝටරි සමාජයේ ගෞරවනීය දානපතියෙකි.

එමෙන්ම 2009-2010 වර්ශයේ ශ්‍රී ලංකාවේ රෝටරි සමාජයේ ආණ්ඩුකාරවරයා ලෙස විසල් මෙහෙයක් සිදුකල පුද්ගලයකු ලෙස ගෞරවාදරයට පාත්‍ර විය.

වසර ගනණාවක් ගෝලීය වශයෙන් සිදුවූ අර්බූදකාරී සිදුවීම් රැසකට පිළියම් සෙවීම සඳහා සිය පූර්ණ දායකත්වය ලබා දෙන ලදී. 

මැලේරියා වසංගතය වේවා ගැබ්ගෙල පිළිකා තුරන් කිරීමේ වැඩසටහන ආදිය මෙන්ම පානීය ජල අර්බුදයට විසදුම් සොයමින් තවත් විටෙක දුපත්කම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වෙනුවෙන්ද සිය පූර්ණ දායකතවය සැපයූ මිනිස්කමින් පිරිපුන් මානවහිතවාදියෙකි. රෝටරි සමාජයේ මූල්‍යමය දායකත්වය සැපයීම වෙනුවෙන්‘‘Arch
Klump Society Members‘‘ නම් සුවිශේෂී රෝටරි ප්‍රජාවට අයත් සාමාජිකයෙකි.

ඒ මහතා රෝටරි ගෝලීය සම්මානයට හිමිකම් කියූ කොවිඩ් 19 “පැතිරීම වලකමු” ව්‍යාපෘතියේ මධ්‍යම කමිටුවේ ඉදිරිපෙළ සාමාජිකයෙකි.

ඔහු මෙම සුවිශේෂී සම්මානය පිළිබදව ඉතා කෙටියෙන් සදහනක් කරමින් කිය සිටියේ“ අපි මේ ජීවිතය ඉතා සුළු කාලයක් ගත කරන බවත්, අපට කළ හැකි කළ යුතු දේ ඒ අවස්ථාවේදි සිදුකල යුතු බවත්, නැවත අවස්ථාවක් අපට නොලැබෙන බවත්ය. ̃

රාජන් මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂිතම ගිනිපෙට්ටි නිෂ්පාදනය වන සූර්යා සන්නාමයේ හිමි කරුවාය. සන් මැච් ආයතනයේ සභාපතිවරයාය, අපනයන, ප්‍රවාහන, කාර්මික හා අධ්‍යාපනික ආදී වූ විවිධාංගීකරණය වූ ව්‍යාපාර ජාලයක් හිමි ව්‍යවසායකයෙක් ලෙස නමක් දිනා සිටී.

 



අදහස් (0)

සූරී රාජන් මහතාට ‘‘Service above Self‘‘ සම්මානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site