IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


සුරා බද්ද ඉහළ දැමීමට මුදල් කාරක සභාවේ අනුමැතිය

  • පසුගිය මාස 2 දී නීත්‍යනුකූල මත්පැන් නිෂ්පාදනය සියයට 22 කින් ඉහළට
  • මත්පැන් ආදායම සියයට 23 කින් ඉහළ ගිහින්

මත්පැන් සඳහා පනවා තිබූ සුරා බද්ද ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය. එහෙත් රජයේ ආදායමට එල්ල විය හැකි අවදානම පිළිබඳ සැලකිල්ලට ගනිමින් යෝජිත සිගරැට් බදු ඉහළ නැංවීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වළක්වා ඇත.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 6 වැනිදා පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ උණුසුම් රැස්වීමකදී මෙම තීරණයට එළැඹ තිබිණි. නව බදු ක්‍රියාමාර්ග හේතුවෙන් එල්ල විය හැකි බලපෑම් සම්බන්ධයෙන් නීති සම්පාදකයන් අතර එහිදී උණුසුම් සංවාදයක් ඇති විය.
මත්පැන් මිල ඉහළ ගියහොත් පාරිභෝගිකයන් නීති විරෝධී මත්පැන්වලට යොමුවිය හැකි බවට කළ අනතුරු ඇඟවීම් මධ්‍යයේ සුරාබදු ආඥා පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කළ අංක 01/2025 සුරාබදු නිවේදනයට අනුමැතිය ලබාදෙමින් මත්පැන් සඳහා පනවා තිබූ සුරා බද්ද සියයට 5.9 කින් ඉහළ දැමීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අනුමැතිය දුන්නේය.
පසුගිය මාස 2 ක කාලය තුළදී නීත්‍යනුකූල මත්පැන් නිෂ්පාදනය සියයට 22 කින් ඉහළ ගොස් තිබෙන බවත් මත්පැන් ආදායම සියයට 23 කින් ඉහළ ගොස් තිබෙන බවත් පවසමින් නීති සම්පාදකයන් සිය තීරණය එහිදී සාධාරණීකරණය කළේය. 
එහෙත් එහිදී සිගරැට් පිළිබඳ තීරුබදු ඉහළ නැංවීමට විරෝධය එල්ල වී ඇත. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා එහිදී මත්පැන් සඳහා වන සුරා බද්ද ඉහළ නැංවීමේ සාධාරණත්වය පිළිබඳව ප්‍රශ්න කර තිබිණි. පසුගිය වර සිදුකළ බදු වැඩි කිරීමේදී ප්‍රධාන නිෂ්පාදකයන්ගේ ලාබය ඉහළ ගියත් රජයේ ආදායම පහළ ගොස් තිබූ බවද සභාපතිවරයා එහිදී තර්ක කළේය.



අදහස් (0)

සුරා බද්ද ඉහළ දැමීමට මුදල් කාරක සභාවේ අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site