(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ සාඩම්බර සන්නාමයක් වන ‘සූර්යා’ නාමය යටතේ පසුගිය වෙසක් පෝදා එෛතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේදී ‘සූර්යා සදහම් සැරිසර’ වැඩසටහන ඉතා සාර්ථකව පැවැත්වීය.
බෞද්ධ ජනතාව ඉතා භක්තියෙන් සමරන වෙසක් පොහොය දින ශීල සමාදාන වැඩසටහන, ධර්ම දේශනා සහ බෝධි පූජාවට සමගාමී සුගන්ධ දූප පූජාව ආදී වැඩසටහන් සඳහා ඉතා විශාල බැතිමත්හූ පිරිසක් සම්බන්ධ වූහ.
ආගමික ස්ථානවල පෝදා වැඩසටහන් හා විවිධ පුද පූජාවන් සඳහා සහභාගී වන බැතිමතුන්ගේ මානසික සුවතාවය ඉහළ නැංවීම හා සුපසන් හැගීමක් ඇති කිරීමත් ඒ හරහා ඔවුන්ගේ ආධ්‍යාත්මය සුවපත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
පන්සලට පැමිණෙන බැතිමතුන් සඳහා සුවඳ කූරූ නොමිලේ දීමට ‘සූර්යා’ ආයතනය පියවර ගත්තේය.
සාම්ප්‍රදායක ශ්‍රී ලාංකිකයෙකුගේ සුවිශේෂී අවස්ථා ගම, පන්සල හා පාසල කේන්ද්‍ර කරගනිමින් සංවිධානය වන අතර එම සාම්ප්‍රදායික ගම අනාගතයට ඉතිරි කිරීමටත් මනුසත් සුවඳ ඇති ගුණගරුක සමාජයක් බිහි කිරීම සඳහා නිවසේ ආලෝකය හා සුවඳ රැකගනිමින් සාරධර්මයන්ගෙන් පිරිපුන් සමාජයක් බිහි කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම සූර්යා නිෂ්පාදන ආයතනයේ අරමුණයි.
කෝමාරිකා, සල් මල්, රෝස හා පිච්ච මල් සුවඳ වැනි මිහිරි මතකයන් ගෙන එන එකිනෙකට වෙනස් සුවඳ වර්ග 14 කින් මෙම “සූර්යා සුවඳකූරු“ පෙළ වෙළඳපොලේ මිලදීගත හැක. ඉහළ ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය භාවිතයෙන් පමණක් නිෂ්පාදිත සූර්යා සුවඳ කූරූ විවිධ මිල ගනන් යටතේ ඇසුරුම් කිහිපයකින් ඔබ වෙත එන සූර්යා සුවඳ කූරූ ඔබේ පසුම්බියටත් සරිලන මිලකට මිලදීගැනීමේ හැකියාව ලබාදී ඇත.
ආගමික, ආධ්‍යාත්මික හා මනස සුවපත් කරන භාවනානුයෝගී අවශ්‍යතා වෙනුවෙන් නුදුරේදීම මෙම සුවඳ කූරු වෙළදපොළ අතික්‍රමණය කරනු ඇතැයි ‘සූර්යා නිෂ්පාදන’ සමාගමේ විශ්වාසයයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘සූර්යා සුවඳකූරු’ බෙල්ලන්විලට යයි