(යොහාන් භාසුර)
‘සූර්යා’ සන්නාමය ක්‍රියාත්මක කරන ‘සූර්යා සදහම් සැරිසර’ වැඩටහනේ ඊළඟ පියවර අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරයේදී පොසොන් පෝය දිනය පුරා (3 වැනිදා) පැවැත්වේ.
එදින එම විහාරස්ථානයට පැමිණෙන සැදෑවතුන් වෙනුවෙන් පෙරවරුවේ ශීල සමාදානයේ සිට පස්වරු සිල් පවාරණය සහ බෝධිපූජාව දක්වා සියලු පිංකම් පැවැත්වේ.
එම වැඩසටහන යටතේ ප්‍රසිද්ධ ධර්ම දේශකකයන් වහන්සේලාගේ ධර්ම දේශනා, කවිබණ සහ ධර්ම සාකච්ඡා පැවැත්වෙන අතර එම සියලු වැඩසටහන් සජීවීව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ‘සිටි එෆ්.එම්. හරහා විකාශය කරයි.
‘සූර්යා සදහම් සැරිසර විශේෂ පූජෝපහාර සුගන්ධ ධූප පූජාව’ ද එම විහාරස්ථානයේදී පැවැත්වෙන බවත් එදින එම විහාරස්ථානයේදී සුවඳකූරු බෙදාදීමට නියමිතය. ‘සුගන්ධ ධූප පූජාව’ සහ පස්වරු 3.00 ධර්ම දේශනය ‘ලංකාදීප’ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කරයි.
උතුර, උතුරුමැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය නුගේතැන්නේ මංගල ධර්මකීර්ති සෝභිත රතනජෝති නනායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි මෙම පිංකම පැවැත්වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සූර්යා සදහම් සැරිසර’ අනුරාධපුරයේදී