IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සියලු කොටස් මිල නැවතත් ඒකක 21,000 ඉක්මවයි

මෙරට රාජ්‍ය ව්‍යවසාය අතරින් තෝරාගත් ව්‍යාපාර කිහිපයක් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රාථමික කොටස් නිකුතු වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට 2025 අය වැය යෝජනා අතර ඉඟි කර තිබුණ නමුත් මෙතෙක් එයට අවස්ථාවක් ලබාගෙන නැත. ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගෙන රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නියම කොට තිබේ. ඉදිරි කාලය තුළ යම් තීරණයක් ගැනීමට යෝජිත අතර පෞද්ගලිකරණ සැලැස්ම තුළ විකිණීම, කොටස් නිකුත් කිරීම හෝ රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති වශයෙන් පවත්වාගෙන යන ඕනෑම ක්‍රමවේදයකට ආණ්ඩුව සූදානම් බව ප්‍රකාශට පත්ව ඇත.

ජනාධිපතිවරයා බලයට පත්ව වසරක් ගතව තිබේ. ඉදිරි සංවර්ධන සැලසුම් ගණනාවක් සැලසුම් කර ඇත. වේගවත් ආර්ථික සංවර්ධනයක් උදෙසා තීරණ ගැනෙනු ඇතැයි ආයෝජන අංශවලට බාලාපොරොත්තු හට ගැනෙමින් තිබේ. ආර්ථිකය ස්ථාවර කිරීමට පසු වර්ධනය වෙනුවෙන් පියවර ගැනීමට දරන උත්සාහයක් මෙහි දී සැලකිය හැකිය. 

මේ අතර සමාගම්වල කොටස් මිල දී ගැනීමට දේශීය සුළු ආයෝජක අංශවල උනන්දුව තවමත් තිබේ. විදේශ ආයෝජන අංශවල අවධානය ප්‍රමාණාත්මකව නැත. විදේශිකයන් ගේ මිල දී ගැනීම් රු. මිලියන 200 ක් හා විකිණීම් රු. මිලියන 613 ක් වශයෙන් ඉකුත් සතියේ අවසන් දින දෙක තුළ වාර්තා විය. රු. මිලියන 413 ක් රටින් පිටතට ගිය බවක් දින දෙකක් තුළ සටහන්ය. 

ගනුදෙනු අවසන් වන විට (සැප්. 19) සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,085.09 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 119.83 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,996.16 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 24.86 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 6.86 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 42,046 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 377.1 ක් විය. සමාගම් 163 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 98 කි. 

සියෙරා කේබල් රු. මිලියන 1,201 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 248 235, එල්.ඕ.එල්.සී. රු. මිලියන 235 ක්, ලංකා ක්‍රෙඩිට් බියුරෝ රු. මිලියන 235 ක්, කාර්ගිල්ස් බැංකුව රු. මිලියන 161 ක්, ඒෂියා ඇසෙස්ට් ෆයිනෑන්ස් රු. මිලියන 157 ක්, බයිරාහා ෆාම් රු. මිලියන 140 ක් ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය. 

නිරීක්ෂක 

 



අදහස් (0)

සියලු කොටස් මිල නැවතත් ඒකක 21,000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site