IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සියලු කොටස් මිල දර්ශකය 16,000 දක්වා ආපසු හැරෙන අවදානමක්

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල දී විකිණමේ ප්‍රවණතාව (පෙබ.12) තියුණු ස්වභාවයක් ගත් අතර ඉකුත් ජනවාරියේ සිට ඉහළ ගිය දර්ශක අනුව සලකන පසු අද වන විට සියයට හැටක පමණ දර්ශක පහත වැටීමක් දැක්වේ. ගනුදෙනු ආරම්භ වී සුළු මොහොතක් හැරෙන්නට අඛණ්ඩ පසුබැසීමක් වාර්තා කළේය. තවදුරටත් දුර්වල වුවහොත් සියලු කොටස් මිල දර්ශකය ඒකක දහසය දහසට පැමිණීමට ඉඩ ඇත. කෙසේ වෙතත් මෙම පසුබැසීම සමග අලුත් වටයකින් අය වැය පූර්ව මිල දී ගැනීම් අපේක්ෂා කළ හැකිය. 

අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය 16,345.30 ක් වශයෙන් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 220.47 ක පසුබෑමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,892.46 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 66.69 ක පහත වැටීමක්  දැක්විය හැකිය. 

වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 5,821 ක් දක්වා තවදුරටත් අඩු වී තිබුණි. මෙහෙයවන ලද ගනුදෙනු 22,348 ක් වාර්තා වූ අතර පිරිවැටුම රු. බිලියන 2.39 කි. 

ලැයිස්තුගත සමාගම් 61 ක පමණක්  කොටස් මිල ඉහළ ගියේය. සමාගම් 184 ක කොටස් මිල පහත වැටිණ. විදේශ සහභාගීත්වය ද එපමණ දියුණ තත්වයක නොතිබුණි. රුපියල් බිලියන 154 ක කොටස් විදේශ ආයෝජකයන් විකුණා දැමූ අතර විදේශ මිල දී ගැනීම්  රු. මිලියන 89 කි. හැටන් නැෂනල් බැංකුව  රු. මිලියන 158 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු මිලියන 117 ක්, සම්පත් බැංකුව රු. මිලියන 108 ක්, නේෂන් බැංකුව රු. මිලියන 90 ක්, සෙලාන් බැංකුව රු. මිලියන 72 ක් සහ ඩයලොග් රු. මිලියන 70 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය. 

මුලර්ස් රු.1.20 දක්වා සියයට 7.69 කින්, කාසන් කම්බැච් රු. 401.00 තෙක් සියයට 7.66 කින්, ඔටෝ රු. 123.00 දක්වා සියයට 7.52 කින් හා ලංකා රියැලටි ඉන්වෙස්ට්මන් රු. 31.70 දක්වා සියයට 6.93 කින් කොටස් මිල වැඩිම ප්‍රතිශතයකින් පහළ ගිය සමාගම් අතර ඉදිරියෙන් සිටියේය. එස්.ඊ.එම්.බී. ෆිනෑන්ස්  ශත දහයක්  දක්වා සියයට 50.00 කින්, සිලෝන් ප්‍රින්ටර්ස් රු. 317.00 දක්වා සියයට 6.57කින් ඔරියන්ට් ෆිනෑන්ස් රු. 19.30 දක්වා සියයට 5.46 කින් හා සිටි ලෑන්ඩ් රු. 56.25 දක්වා සියයට 5.06 කින් සහ සෙලින්කෝ හෝල්ඩිං රු.147.00 දක්වා සියයට 4.47කින් මිල ඉහළ ගියේය.  රු.88.00 දක්වා සියයට 10.69 කින්, කොටස් මිල වැඩිම ප්‍රතිශතයකින් ඉහළට ගිය අවස්ථා වශයෙන් සඳහන් විය. 

කොටස් මිල අඩු වී ඇති පසුබිම සලකා බලන පසු කෙටි හා දීර්ඝ කාලීන මිල දී ගැනීම් වශයෙන් ආයෝජනයට අවස්ථා තිබේ. මෙදින ගනුදෙනුවල දී ද මුල්‍ය වාර්තා විසි දෙකක් ප්‍රකාශයට පත් කර තිබීම විශේෂත්වයකි. 

නිරීක්ෂක



අදහස් (0)

සියලු කොටස් මිල දර්ශකය 16,000 දක්වා ආපසු හැරෙන අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site