(හර්ෂණ තුෂාර සිල්වා)
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමුවරට අද (21) ඒකක 8,000 සීමාව ඉක්මවා ගියේය.
මීට පෙර අවස්ථා කිහිපයකදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,000 ඉක්මවා තිබුණද, එය සිදුවූයේ දෛනික ගනුදෙනු අතරවාරයේදී ය. කෙසේ නමුත් දිනක ගනුදෙනු අවසානයේදී එම දර්ශකය ඒකක 8,000 ඉක්මවා ගිය පළමු අවස්ථාව අද විය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ආරම්භ කළේ 1985 වසරේ ජනවාරි 02 වැනිදා ය. එදින සිට මේ දක්වා ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,000 ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ.
මේ අනුව සියලු කොටස් මිල දර්ශකය අද (21) දිනය අවසානයේදී ඒකක 8,131.25ක් ලෙස දැක්වුණු අතර එය පෙර දිනය හා සැසඳීමේදී 3.13%ක වර්ධනයකි. සියලු කොටස් මිල දර්ශකය අද දිනයේදී ඒකක 246.80ක් ඉහළ ගිය අතර එය දිනක් ඇතුළත දර්ශක අගය ඉහළ ගිය තෙවැනි වැඩිම ඒකක අගය ද වේ.
ඊට අමතරව එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය අද දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 3,190.73ක් ලෙස දැක්විණි. එම දර්ශකය ඊයේ 3.24%කින් එනම් ඒකක 100.38කින් ඉහළ ගියේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,000 ඉක්මවයි