IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 19,000 ඉක්මවයි

  • පෙර දිනයට සාපේක්ෂව ඒකක 70.38ක එනම් සියයට 0.37ක ඉහළ යාමක්

කොළඹ කොටස් හුවමාරුවේ ඊයේ (21) ගනුදෙනු අවසානයේදී සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 19,044.08 ක් ලෙස සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 70.38 ක එනම් සියයට 0.37ක ඉහළ යාමකි. 
ඒ අනුව එම දර්ශකය ඒකක 19‍,000 ඉක්මවමින් ගනුදෙනු නිමා වූ පළමු අවස්ථාව ලෙසින්ද මෙය සටහන්ව තිබේ. පසුගිය ජූලි 15 වැනිදා ගනුදෙනු ආරම්භයේදීම එම දර්ශකය ඒකක 19,050 ක් ලෙස සටහන් වුවත්, දිනය අවසානයේදී එය ඒකක 18,946 ක් ලෙස පහත වැටුණි. 

එසේ ජූලි 16 වැනිදාත් එම දර්ශකය ඒකක 19,000 ක් ඉක්මවීමට සමත් වුවත් පසුව එය පහළ වැටුණි. මේ අතර ඊයේ දිනයේදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා20 (S&PSL20) දර්ශකය ඒකක 5,646.99 ක් දක්වා ඒකක 8.44 කින් එනම් සියයට 0.15 කින් පහත වැටුණි. දිනය තුළ කොටස් මිලියන 216 ක් ගනුදෙනු වූ අතර, රුපියල් බිලියන 5.3 ක පිරිවැටුමක් වාර්තා විය. 



අදහස් (0)

සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 19,000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site